[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දන් දෙන හැටි කියා දුන් බෝසත් හාවාගේ කතාව

එක් කලෙක බරණැස් නුවරට ආසන්නයේ මහා වනයක පුංචි හා පැටියෙක් උපත ලැබුවා. මේ කාලයේ ඒ නුවර පාලනය කළේ බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක්. එතුමා සියලු සතුන්ට මහත් කරුණාවක් දැක්වූවා. රජතුමා අනුව රට වැසියාත් සතුන්ට කරුණාව ප්‍රදර්ශනය කළා. සතුනුත් සුව සේ ප්‍රීතියෙන් ජීවත් වුණා. මේ පුංචි හා පැටියට කුඩා කාලයේ ඉඳලම සිවලෙක්, වඳුරෙක් හා මස්කාවෙක් යනුවෙන් යහළුවන් තුන් දෙනෙක් හිටියා. හතර දෙනා ම බොහෝම සමගියෙන් ක්‍රීඩා කරමින් කාලය ගත කළා. හොඳ පුරුද්දක් මේ හතර දෙනාට ම තිබුණා. ඒ තමයි දවස් දහයකට වතාවක් කැලෑවේ එක තැනකට එකතු වෙලා තම තමන්ගේ ගුණදොස් වගේ ම ධර්ම ගැනත් සාකච්ඡා කිරීම. ශරීරයෙන් කුඩා වුණත් බුද්ධියෙන් හා සීල ගුණයෙන් වඩාත් ම උසස් වුණේ හාවා. යහළුවන් හමුවන හැම අවස්ථාවක දීම ‘සිල් රකින්න ප්‍රමාද වෙන්න එපා. ජීවිතය ඉතාම කෙටියි. දන් දෙන්න අමතක කරන්න එපා. ජීවිතය ඉතාම කෙටියි. අප ඉක්මනින් ම මිය යනවා. හැම මොහොතක ම කුසල් වඩන්න, පින්කම් කරන්න’ කියලා අවවාද අනුශාසනා කරනවා. යහළුවනුත් පුළුවන් හැම අවස්ථාවක ම ඒ ගුණ ක්‍රියාවට නඟනවා. දවසක් හාවා රාත්‍රියේ හීතණ කොළ බිස්සක වැතිරිලා අහස දිහා බලන් ඉන්න කොට දකින්න ලැබුණා පුරපසළොස්වක පොහොයට පායන දීප්තිමත් වූ හඳ. ආලෝකය හැම තැනම පැතිරිලා ගිහින්. මහවනය ම කිරි පාටින් බබළනවා. ඒ මොහොතේ ම මතක් වුණා යහළුවන් එක්ක පොහොයට සිල් සමාදන් වෙන්න ඕන කියලා. හතර දෙනා පසු දිනම හමු වුණා. යාළුවන් අමතලා කියනවා ‘පින්වත් මගේ යාළුවනේ, අපි හතර දෙනා දවස් දහයකට වතාවක් මෙහෙම හමුවෙලා අපේ ගුණදොස් විමසා බලනවා. අන් අයටත් පිහිට වෙනවා. ඒත් තවම අපට බැරිවුණා සිල් සමාදන් වෙන්න. හෙට පුරපසළොස්වක පොහොය. මිනිසුන් සිල් සමාදන් වෙලා භාවනා කරලා සසර දුක් නැති කර ගන්නවා. අපිත් හෙට සිල් සමාදන් වෙමු. හෙට කෑම හොයාගෙන ඇවිදින්නේ නැතිව ඉමු. අදම පුළුවන් විදිහට කෑම හොයා ගමු. හෙට හැමෝම සුදුසු ස්ථානයක ඉඳගෙන භාවනා කරමු’ කියලා යෝජනා කළා.


වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]