[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කලුතර පයාගල සිරිමුනි විහාරයේ සාමණේර ස්වාමීන් වහන්සේ. ඡායාරූපය - එරංග

වප්  පුර අටවක

ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. .
22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

මහපොළොව සේ අකම්පිත කඨින මහා පින්කම

සෑම වසරකට වරක් ම උදාවෙන මහාර්ඝ පුණ්‍ය කර්මයක් තිබෙනවා. ඒ තමයි “කඨින චීවර” පූජාව. කෙනකුට ශ්‍රද්ධාව ඇත්නම්, දෙන්නට දෙයකුත් ඇත්නම්, ලබන්නට කෙනෙකුත් සිටී නම් කැමැති දිනක කැමැති ලෙසක ඒ දානය පිදීමට හැකියාව තිබෙනවා. එහෙත් කඨින පින්කම කළ හැක්කේ වසරකට එක් ස්ථානයක එක් වරක් පමණයි. එක් කාලයක සාකේත නුවර වස් එළඹ, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ තිස් නමක් පමණ බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කරනවා. ඒ අතරමඟ දී වැස්සට තෙමුණු නිසා දියෙන් තෙත් වූ සිවුරුවලින් යුතුවයි බුදුරදුන් වෙතට ඔවුන් පැමිණෙන්නේ. භික්ෂූන් වහන්සේට සිදු වූ එම කරදරය ගැන සලකා බැලූ තථාගතයාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛූනං කඨිනං අත්තරිතුං” යනුවෙන් කඨිනය ඇතිරීමට අනුදැන වදාරනවා. එතැන් සිට තමයි භික්ෂූන් වහන්සේට කඨිනය පරිභෝග කිරීමට අවස්ථාව උදාවෙන්නේ. සාමාන්‍ය දිනෙක සිදු කරන දානමය පින්කමකට වඩා කඨින පූජාවකින් ලැබෙන කුසල විපාක ඉතාමත් ම අධික යි. ගෞතම බුද්ධ ශාසනයේ වැඩසිටි නාගිත මහ රහතන් වහන්සේ මීට අනූ එක් කල්පයකට පෙර ලොව පහළ වූ විපස්සී බුද්ධ සමයේ දී කෙළෙඹි පුත්‍රයෙක් ව ඉපිද භික්ෂුන් වහන්සේට කඨිනයක් පූජා කර “මෙම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා” යි ප්‍රාර්ථනා කළා. ඒ පිනෙන් සතර අපායකට නො වැටී සදෙව් ලොව, මිනිස් ලොව ආදියෙහි ඉපිද නොයකුත් සැප විඳී බව නාගිතාපදානයෙන් මොනවට පැහැදිලි වෙනවා. එය මේ ආකාරයට අනවතප්ත විල අසල දී බුදුරදුන් පිරිවරා වැඩ සිටි පන්සියයක් රහතන් වහන්සේ මධ්‍යයෙහි නාගිත මහ රහතන් වහන්සේ දේශනා කරනවා.

කඨින පින්කමේ අනුසස් ලැබෙන හැටි

කඨින පූජාව මහත්ඵල මහත් ආනිසංස ලබාදෙන පින්කමක්. කඨින පින්කමෙන් එවැනි ආනිසංස ලැබෙන්නේ කෙසේද? ඒ ගැනත් විමසා බලමු. කඨිනය යනු සිවුරක් නිමිති කොට පනවා ගත් විනය ප්‍රඥප්ති මාලාවක්. මෙය සිවුරක් වුවත් පරමාර්ථ වශයෙන් මෙහි ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඔජා යන ශුද්ධාෂ්ටක ධර්මයි. කඨින චීවරය පමණක් නොව වෙනත් සිවුරක් පූජා කළත් මේ ආදී වශයෙන් පරමාර්ථ වශයෙන් කල්පනා කළ හැකියි. කෙසේ වුවත් කඨින චීවර පූජාව පිළිබඳ චිරප්‍රසිද්ධ ආනිසංස කතා වස්තුව අපදානපාලියේ අන්තර්ගත නාගිත හාමුදුරුවන්ගේ කතාවයි. කඨින පින්කමක ආනිසංස බලවත් වනුයේ ඒ පිළිබඳ දායක පිරිසගේ වැඩි අවධානය නිසා ය. ශාසනික වශයෙන් වෙනත් පින්කමක් කරනවාට වඩා වැඩි සූදානමකින් මෙන් ම දැඩි අවධානයකින් කඨින පින්කම සිදුකරනවා. එම නිසා එම ප්‍රස්තුතය පෘථග්ජන සිතේ රැව් පිළිරැව් දීමේ ප්‍රවණතාව වැඩියි. ටීකාවේ සඳහන් වන්නේ කඨින පින්කමක් සිදු කරන දායකකාරකාදීන්ගේ සිතේ ඒ පිළිබඳ වැඩිවාර ගණනක් රැඳී තිබෙන නිසා ආනිසංස බලවත් වන බවයි. කෙසේ වුවත්, යම්කිසි පුද්ගලයකු පංච ආනන්තරීයපාප කර්මයක් සිදුකොට තිබේ නම්, ඔහු මැරෙන මොහොතේ ඔහුගේ චුති චිත්තයට අනිවාර්යයෙන් ම එම පාප කර්මය සිහිපත් වෙනවා.

කෙළවරක් නැති සසරේ දුක පමණද උරුමේ

අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකය හා සත්වයා පිළිබඳ අතැඹුලක් සේ අවබෝධ කරගත් ශාස්තෘවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ ඒ පිළිබඳ පැහැදිලිව කරුණු කාරණා දේශනා කොට ඇත. සංසාරය මොනතරම් දීර්ඝ ද? එහි සැරිසරන සත්වයා මොන තරම් දුක් විඳිනවාද? යන වග උන්වහන්සේ තමන් වහන්සේගේ ඥාන ශක්තියෙන් ම අවබෝධ කොට ගෙන ලෝක සත්වයාට දේශනා කළහ. එහි ගැඹුරු බව හා දුක් සහිත ස්වභාවය බුදු ඇසකට ම විනා පුහුදුන් මනසකට අවබෝධ නොවේ. බුදුරජාණන් වහන්සේ ස:නි: අස්සු (අස්සූපම) සූත්‍රය තුළින් දේශනා කරන්නේ අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤායති. අවිජ්ජානිවාරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං දීඝරත්තං වො භික්ඛවේ දුඛ්ඛං පච්චනුභූතං” යනුවෙනි. එනම් සසර කාල වශයෙන් අතීත කෙළවර සිහිපත් කළ නොහැක. එබැවින් සසර අතීතයට ගොස් පැනවිය නොහැකි ය. අවිද්‍යා නීවරණයන් ආවරණය වූ තණ්හා සංයෝජනයෙන් නුඹලා දිගු කලක් දුක් අනුභව කර ඇත. මේ දේශනයෙන් පැහැදිලි වන්නේ සංසාරයේ මුල අග අපහැදැලි බව නොවේද? ඒ තරමට ම සසර දීර්ඝ ය.

මෙලොවදී ම අනුසස් ලැබෙන දානය

දස පාරමිතා අතරේ මුල්ම පාරමිතාව දානයයි. ඒ වගේ ම දසරාජ ධර්මයන් අතරත්, සතර සංග්‍රහ වස්තු අතරත් ප්‍රධාන තැනක් ලැබෙන්නේ දානයට යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දාන, සීල, භාවනා ජීවිතයේ කොටසක් කර ගන්නා ලෙසටයි. තමන් සතු දේ පරිත්‍යාග කිරීම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. පූජා බුද්ධියෙන් දීම, අනුග්‍රහ බුද්ධියෙන් දීම. මෙතැන පූජා බුද්ධියෙන් දෙනවා කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් වෙනුවෙන් කරන පූජාවන්ට යි. දුගී, මගී, යාචක, බලු, කපුටු ආදීන්ට අනුකම්පා සිතින් යමක් දීමේ දී ඇති වන්නේ, පහළ වන්නේ අනුග්‍රාහ බුද්ධියයි. මේ දීමනා දෙක වෙන් වශයෙන් වටහා ගන්න ඕනෑ. දන්දීම කියන මහා කුසලය කරන පුද්ගලයා කෙනකුගේ මෙහෙයවීමක් නැතිව තමා සිතා ම දන් දෙයි නම්, ඒ තැනැත්තාට ඇති වන්නේ “සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික” මහා කුසල චිත්තය යි. කාමාවචර මහා කුසල් අතර මුල්තැන ලැබෙන කුසල් සිත ඒකයි. මුල, මැද, අග කියන අවස්ථා තුනේ දී ම සිත සතුටින් දන් දෙන පින්වතා විශාල ආනිශංස රාශියක් මෙලොව පරලොව දෙකේ දී ම ලබන බව බුදුරජාණන් වහන්සේ වදාළා. දන් දෙන තැනැත්තා ලෝවැසි ජනයාට පි‍්‍රය වූ පුද්ගලයෙක් වෙනවා. ඔහු ඇසුරු කරන්නට සෑම දෙනා ම කැමතියි. ඒ වගේ ම උසස් කීර්තියක් සමාජයෙන් ලබා ගන්නවා. ඕනෑම තැනකට භය නැතිව, විශාරද පුද්ගලයෙක් විදිහට යනවා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]