ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වප් පුර අටවක පෝදා 2023 ඔක්තෝබර් 22 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකය හා සත්වයා පිළිබඳ අතැඹුලක් සේ අවබෝධ කරගත් ශාස්තෘවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ ඒ පිළිබඳ පැහැදිලිව කරුණු කාරණා දේශනා කොට ඇත. සංසාරය මොනතරම් දීර්ඝ ද? එහි සැරිසරන සත්වයා මොන තරම් දුක් විඳිනවාද? යන වග උන්වහන්සේ තමන් වහන්සේගේ ඥාන ශක්තියෙන් ම අවබෝධ කොට ගෙන ලෝක සත්වයාට දේශනා කළහ. එහි ගැඹුරු බව හා දුක් සහිත ස්වභාවය බුදු ඇසකට ම විනා පුහුදුන් මනසකට අවබෝධ නොවේ. බුදුරජාණන් වහන්සේ ස:නි: අස්සු (අස්සූපම) සූත්‍රය තුළින් දේශනා කරන්නේ අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤායති. අවිජ්ජානිවාරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං දීඝරත්තං වො භික්ඛවේ දුඛ්ඛං පච්චනුභූතං” යනුවෙනි. එනම් සසර කාල වශයෙන් අතීත කෙළවර සිහිපත් කළ නොහැක. එබැවින් සසර අතීතයට ගොස් පැනවිය නොහැකි ය. අවිද්‍යා නීවරණයන් ආවරණය වූ තණ්හා සංයෝජනයෙන් නුඹලා දිගු කලක් දුක් අනුභව කර ඇත. මේ දේශනයෙන් පැහැදිලි වන්නේ සංසාරයේ මුල අග අපහැදැලි බව නොවේද? ඒ තරමට ම සසර දීර්ඝ ය. බුදුරජාණන් වහන්සේ අලව් නුවර පේසකාර දියණියගෙන් ඇසූ ප්‍රශ්නත් සමඟ සසරේ දීර්ඝ ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. එම සංවාදය ධම්මපදයේ ලෝක වග්ගයට අයත් 8 වැනි ගාථාවට අයත් නිධාන කතාව තුළින් පැහැදිලි වේ.
ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. . 22 ඉරිදා සිල්
පුර අටවක
ඔක්තෝබර් 22
පසළොස්වක
ඔක්තෝබර් 28
අව අටවක
නොවැම්බර් 05
අමාවක
නොවැම්බර් 12
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]