[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 03 කොටස

බෞද්ධ සමාජ දර්ශනය 2019 (2022)

I කොටස

1)

1) විවිධ සමාජ භූමිකා පදනම් කර ගනිමින් අපෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් දැක්වෙන ප්‍රකට බෞද්ධ සූත්‍රය නම් කරන්න.

2) බුදුසමය මානවයාට පමණක් නොව සමස්ත ජීව සමූහයා කෙරෙහි ම මෛත්‍රිය වැඩිය යුතු බව උග්නවයි. කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වන එබඳු ජීව කොට්ඨාස තුනක් නම් කරන්න.

3) සේවක පාර්ශ්වයට සැලසිය යුතු පහසුකම් පහක් සදිසා නමස්කාරයේ දැක්වේ. ඉන් තුනක් නම් කරන්න.

4) අග්ගඤ්ඤ සූත්‍රයේ ඇතුළත් වෙතැයි උගතුන් විසින් නම් කර ඇති මූලික තේමා තුන නම් කරන්න.

5) රාජ්‍යත්වය පහළ වීමට පසුබිම් වූ කරුණු ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් ව ඇති අපරාධ තුනක් නම් කරන්න.

6) බුදුදහම දක්වන නියාම ධර්ම පහෙන් තුනක් ගෙනහැර දක්වන්න.

7) ‘බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසිද්’ යන ශ්ලෝකය සම්පූර්ණ කර එය ඇතුළත් වේදය හා සූත්‍රය නම් කරන්න.

8) චක්‍රවර්ති රජුගේ රාජ්‍ය අනුශාසනයෙහි ඇතුළත් කරණු හයෙන් තුනක් දක්වන්න.

9) ප්‍රාණඝාතයෙන් වැළකෙන්නාගේ ලක්ෂණ පහෙන් තුනක් ලියන්න.

10) බුදුරදුන් විනය නීති පැනවීමට පදනම් කර ගත් කරුණු තුනක් සඳහන් කරන්න.

II කොටස

1)

1) සදිසා නමස්කාරයේ දැක්වෙන පරිදි බිරිඳක විසින් පවුලේ යහපත සඳහා ඉටු කළ හැකි කාර්ය හතරක් නම් කරන්න.

2) බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන යහපත් භාර්යාවන් තිදෙනකු හා අයහපත් භාර්යාවන් තිදෙනකු සඳහන් කරන්න.

3) විවාහක බෞද්ධයා දෙවියන්ගේ වන්දනයට සුදුසු වන බව ශක්‍ර දෙවිඳුන් විසින් පැවසුණු ගාථාව ද ඒ සඳහා අදාළ වන කරුණු ද සඳහන් කර විවාහ සංස්ථාව බෞද්ධ සමාජ ජීවිතයට ගැළපෙන සංස්ථාවක් බව තහවුරු කිරීමට කරුණු දක්වන්න.

2)

1) කෘෂිකාර්මික සමාජයක ජනගහනය පාලනය වීමට හේතු වූ කරුණු දෙකක් හා ජනගහනය වර්ධනය වීම නිසා ඇති විය හැකි සමාජ ගැටලු දෙකක් නම් කරන්න.

2) ජනගහනය පාලනය සඳහා වර්තමානයේ භාවිත වන උපක්‍රම සඳහන් කර, ඒවායේ යෝග්‍ය අයෝග්‍ය භාවය පිළිබඳ විමසීමක් කරන්න.

3) “සමාජ ආර්ථික ගැටලු නිරාකරණය සඳහා යොදාගත හැකි එකම උපක්‍රමය ජනගහනය වර්ධනය පාලනය කිරිම නොවේ” යන ප්‍රකාශයට පක්ෂව හෝ විපක්ෂ ව කරුණු දක්වන්න.

3)

1) ආගම මුල්කොටගෙන අරගල, අර්බුද, ගැටීම් ඇති කර ගැනීමට බෞද්ධයන් නොපෙළඹුණු බව සනාථ කළ හැකි සිදුවීම් හතරක් නම් කරන්න.

2) “මෙය ම සත්‍ය වේ. අන්‍ය ඒවා අසත්‍යය වේ” යන්න පදනම් කරගෙන විවාදයට පෙළඹුණූ භාරතීය ආගමික දාර්ශනික මත තුනක් නම් කොට, ඒවා පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

3) “අන්‍ය ආගම් කෙරෙහි සහනශීලි පිළිවෙතක් අනුගමනය කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයා බුදුරජාණෝ ය.” යන කියමන තහවුරු කරන්න.

4)

1) බුදුරදුන් යුද්ධය වැළැක්වීමට ක්‍රියා කළ අවස්ථා දෙකක් නම් කර යුද්ධය ඇති වීමට හේතුවන කරුණු දෙකක් දක්වන්න.

2) සාමයේ අගය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කරන්න.

3) ලෝක සාමය උදාකර ගැනීමට බුදුදහම දෙන උපදෙස් නිදසුන් ඇසුරෙන් පැැහැදිලි කරන්න.

5)

1) ආර්ථික සමෘද්ධිය සඳහා ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන ප්‍රතිපදා හතර නම් කරන්න.

2) උට්ඨානවීර්යයෙන් ආර්ථික දියුණුව ලබන්නට වෑයම් කරන්නකුට අංගුත්තර නිකායේ දැක්වෙන උපදෙස්වලින් හයක් සඳහන් කරන්න.

3) “අර්ථ සම්පන්න පරිභෝජන රටාවක් අත්කර ගැනීම සඳහා බුදුසමය උපදෙස් දෙයි” යන ප්‍රකාශය තහවුරු කරන්න.

6)

1) රාජ්‍ය පදවිය පිළිබඳ එකිනෙකට පරස්පර බ්‍රාහ්මණ හා බෞද්ධ මත හතරක් දක්වන්න.

2) රාජ්‍යයක නීතිරීති පවත්වා ගෙන යෑමට උපකාරි වන ක්‍රියාපිළිවෙත් හතක් මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වේ. ඒවායින් හතරක් නම් කර, දෙකක් පිළිබඳ කෙටි සටහන් ලියන්න.

3) “බෞද්ධ දේශපාලන චින්තනය චිරන්තක අගයකින් යුක්ත ය” මෙම ප්‍රකාශ තහවුරු කරන්න.

7)

1) වර්ණ ධර්ම දෙකක් හා ආශ්‍රම ධර්ම දෙකක් නම් කරන්න.

3) වර්ණ ධර්ම හේතුවෙන් සමාජ සචලතාව ඇහිරී යාම නිසා භාරතීය සමාජය පීඩාවට පත් වූ ආකාරය නිදසුන් සහිත ව පැහැදිලි කරන්න.


 

පිළිතුරු

I කොටස

1)

1) සිඟාලෝවාද සූත්‍රය

2) දීඝා, මහන්තා, මජ්ක්‍ධිමා, අණුකා, ථූලා රස්සකා, දිට්ඨා, අද්දිට්ඨා, දූරේ වසන්ති අවිදූරේ වසන්ති, භූතා සම්භවේසී

3)

සුදුසුකම් (හැකි විට) අනුව සේවා අවස්ථා සැලසීම

යැපීම (ආහාරපාන) හා වැටුප් ගෙවීම

සෞඛ්‍ය පහසුකම් සැපයීම, රෝගී වූ විට උවැටන් කිරීම විශේෂ දීමනා (බෝනස්,

විශේෂ රසවත් දෑ) බෙදාදීම

සුදුසු සේ නිවාඩු ලබාදීම

4)

වර්ණභේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීම සාවද්‍ය බව හෙළි කිරීම. ලෝකයෙහි ක්‍රම විකාශනය හැඳින්වීම මානව ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකවල ඇතිවන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම.

5) නුදුන් දේ ගැනීම ගැරහීම බොරුකීම දඬු මුගුරු භාවිතය (ආයුධ)

6) බීජ නියාමය උතු නියාමය කම්ම නියාමය ධම්ම නියාමය චිත්ත නියාමය

7)

බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසිද් බාහු රාජන්‍යං කෘතඞ ඌරු තදස්‍ය යද් චෛශ්‍යඞ පාදභ්‍යං ශුද්‍රෝ අජායත ඍග් වේදය පුරුෂ සූත්‍රය

8)

ප්‍රාණඝාතය නොකරන්න සොරකම් නොකරන්න කාම මිථ්‍යාචාරයෙහි නොයෙදෙන්න මුසාවාද නොකියන්න මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න රට සුපුරුදු පරිදි පාලනය කරන්න.

9)

ආයුධ අත්හරියි (නිහිත දණ්ඩ, නිහිත සත්ථ) පවට ලජ්ජා වෙයි (ලජ්ජි) , දයාන්විත ආකල්ප සහිත වෙයි (දායපන්න) සියලු ප්‍රාණීන්ට හිතවත් වෙයි. අනුකම්පා වෙයි (සබ්බ පාණ භූත හිතානු කම්පි)

10)

සංඝයාගේ සතුට පිණිස

සංඝයාගේ පහසුව පිණිස

වැරැදිකරන්නවුන්ට නිග්‍රහ කිරීම පිණිස

මනාව හික්මුණූ අයගේ පහසුව පිණිස

හටගෙන ඇති වැරැදි දුරුකිරීම පිණිස

ඇතිවිය හැකි වැරැදි වළකා ගැනීම පිණිස

නො පැහැදුණු අයගේ පැහැදීම පිණිස

පැහැදුණූ අයගේ වැඩි පැහැදීම පිණිස

සද්ධර්මයේ පැවැත්ම පිණිස

හික්මීම දියුණු කිරීම පිණිස

II කොටස

1)

1)

නිවසේ කටයුතු මනාව සැලසුම් කිරීම

පිරිවර ජනයාට නිසි සේ සංග්‍රහ කිරීම

දුසිරිතෙහි නො යෙදීම

මිල මුදල් ආදිය විනාශ නො කිරීම

දක්ෂ ව, අලස නොවී සියලු කටයුතු කිරීම

2) යහපත් භාර්යාවෝ

මාතුසම භරියා

භගිනීසම භරියා

සඛීසම භරියා

දාසිසම භරියා

අයහපත් භාර්යාවෝ

වධකසම භරියා

චොරසම භරියා

අය්‍යසම භරියා

3) යෙ ගහට්ඨා පුඤ්ඤකරා – සීලවන්තා උපාසකා

ධම්මේන දාරං පොසෙන්ති – තං නමස්සාමි මාතලී

පින් කරන සුළු බව

සිල්වත් බව

දැහැමින් අඹුදරුවන් පෝෂණය කරන බව

2)

1) කෘෂිකාර්මික සමාජයක ජනගහනය පාලනය වීමට තුඩුදුන් හේතු

ළදරු මරණ වැඩිවීම

පරමායුෂ අඩුවීම

ස්වභාවික විපත් වැඩිවීම

ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොතිබීම

සමාජ ගැටලු

භූමිය ප්‍රමාණවත් නොවීම

අධ්‍යාපනය සැපයීමේ අපහසුතා

සෞඛ්‍ය පහසුකම් සැපයීමේ අපහසුතා

රැකියා සැපයීමේ ගැටලු

මූලික පහසුකම් සැපයීමේ ගැටලු

2) උපක්‍රම

උපත් පාලන උපකරණ භාවිතය

වන්ධ්‍යාකරණය

මෛථූන විරතිය

ගර්භ පාතනය

3)

පරිභෝජන රටාව අර්ථාන්විත ලෙස හැඩගස්වා ගැනීම

නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම

රාජ්‍ය ආයෝජන වැඩි කිරීම

3)

1)

අශෝක රජතුමා බෞද්ධයකු වූ නමුත් ජෛන හා ආජීවක ශ්‍රාවකයින්ට ආරාම හා ගුහා ඉදිකර පිළිගැන්වූ බව.

අන්‍යයන්ගේ ආගමට නිග්‍රහ කරන්නා තම ආගමට නිග්‍රහ කරයි” යන ප්‍රකාශ ඔහු විසින් සෙල්ලිපිවල සඳහන් කිරීම.

බෞද්ධ විහාරස්ථානවල අන්‍යාගමික දෙවිවරුන් පුද ලැබීම.

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගෙන් බොහෝ හින්දු දෙවිවරුන් පුද ලැබීම.

මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමිකයින් ශ්‍රී ලංකාවේ පීඩාවකින් තොරව විසීම.

ලන්දේසි සමයේ අතවරයට ලක්වූ රෝමානු කතෝලික ක්‍රිස්තියානින් හට මහනුවර රැකවරණ ලබාදීම.

2)

ඊශ්වර නිර්මාණ වාදය

අධිච්චසමුප්පන්න වාදය

උච්ඡේද වාදය

පුරාකෘත කර්ම වාදය

3)

උපාලි ගෘහපති තමා බුද්ධ ශ්‍රාවකයකු සේ පිළිගන්නා ලෙස අයැද සිටින විට ඇතිවූ සංවාදය,

පොට්ඨපාද පරිබ්‍රාජකයා ඈත වඩින බුදුරදුන් දැක තම පිරිස නිහඬ කරවීම,

උදුම්බරික සීහනාද සූත්‍රයේ දැක්වෙන ගුරුවරයා හා ශිෂ්‍යා පිළිබඳ සංවාදය.

වච්ඡගොත්ත පරිබ්‍රාජක බුදුරදුන් සමඟ ඇතිකරගත් සංවාදය

4) 1)

චූලෝචර මහෝදර සටන

ශාක්‍ය කෝළිය සටන

විඩූඪභ කුමරු ශාක්‍යවංශිකයන් සංහාරයට සූදානම් වූ අවස්ථාවේ බුදුරදුන් ඔහු වළක්වාලීම

2)

භෞතික වස්තු පිළිබඳ අසීමිත තෘෂ්ණාව

වෛරය

පළිගැනීමේ චේතනාව

3) නහි වේරෙන වේරානි ගාථාව

පරෙචන විජානන්ති ගාථාව, සරභංග ජාතකයේ එන ඉවසීම ප්‍රගුණ කිරීම

5)

1)

උට්ඨාන සම්පදා

ආරක්ඛ සම්පදා

කල්‍යාණ මිත්තතා

සමජීවිකතා

2)

ඉදිරියට කිරීමට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතු දේ දැන්ම කිරීම

වැඩක් කර අවසන් වූ පසු එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩ කළ කාලය තුළ අතපසු වූ යමක් ඇත්දැයි සොයා බලා එය ද කරන්න.

ගමනක් යෑමට ඇති විට කළ යුතු ව ඇති වැඩ අවසන් කර යන්නට වෑයම් කරන්න.

ගමනක් ගොස් ආපසු ආ විට ඒ කාලය තුළ මඟහැරුණූ කටයුතු කරන්න.

ප්‍රමාණවත් ආහාරයක් නො ලැබුණූ අවස්ථාවල දී තවමත් මගේ කය වැඩෙහි යෙදිය හැකි ය. සැහැල්ලු ය. දුබල වන්නට පෙර වැඩ කළ යුතු ය යැයි උත්සාහ කරන්න.

ප්‍රමාණවත් ආහාරයක් ගත් කල දැඩිව ශරීරය ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න.

මදක් ගිලන් බව, කුසීතවීම, රෝගය උත්සන්න වන්නට පෙර කළ යුතු වැඩ නිම කිරීමට උත්සාහ කරන්න.

රෝගයකින් සුවය ලැබු පසු රෝගී සමයේ අතපසු වූ වැඩ කරන්න.

3) උදුම්බර ඛාදික, අජද්ධුමාරික ආදියෙන්

බැහැර වූ නුවණින් විමසා පරිභෝජනය

කරන රටාවක්.

6)

1)

බ්‍රාහ්මණ මතය – රජ පදවිය දේව වරමකි. යුද්ධය සඳහා ය. වර්ණධර්ම පදනම් ව ඇති වූවකි. දිග් විජය සඳහා ය.

බෞද්ධ මතය – ජන සම්මතයෙන් ලැබේ. සාමය සඳහා ය. සමාජ අවශ්‍යතා නිසා පහළ විය. ලෝක සාමය සඳහා ය.

2)

නිතර රැස්වීම

සමගියෙන් රැස්ව සමගියෙන් කටයුතු කොට සමගියෙන් විසිර යෑම

නොපැනවූ නීති නොපනවා පැනවූ නීති පිළිගැනීම.

වැඩිහිටියන්ගේ අදහස්වලට ගරු කිරීම

ස්ත්‍රීන්ට අයුතු බලපෑම් නොකිරීම

පුරාණ සිද්ධස්ථාත ආරක්ෂා කිරීම

ආගන්තුක ආගමික උතුමන්ට රැකවරණය සැලසීම

3)

දසරාජධර්ම

දස සක්විතිවත්

සතර සංග්‍රහ වස්තු

සප්ත අපරිහානිය ධර්ම

පඤ්චශීලය

7)

1)

බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර

බ්‍රහ්මචාරි, ගෘහස්ත, වානප්‍රශ්ත, සන්‍යාසි

2) බ්‍රහ්මණ

ඉගෙනීම

ඉගැන්වීම

යාගහෝම කිරීම

දන්දීම

දන් පිළිගැනීම

ක්ෂත්‍රීය

ප්‍රජා රක්ෂණය, දන්දීම

යාගහෝම පැවැත්වීම

ඉගෙනීම

3) ස්වධර්ම සහ ආපද්ධර්ම සංකල්පය මඟින්

ඉහළ කුලයන්ට වරප්‍රසාද සහිතවීමත්

පහළ කුලයන්ට වරප්‍රසාද අහිමිවීමත් ද

යන කරුණු ප්‍රධාන වශයෙන් දැක්විය

හැකි ය.

වප්  පුර අටවක

ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. .
22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]