[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුද්ධ පූජාව තැබීම නිවැරැදිව කරමු

බුද්ධ පූජාව තැබීම නිවැරැදිව කරමු

බුද්ධ පූජා පවත්වන සෑම කෙනෙක් ම ප්‍රථමයෙන් සිත සමාධිගත කරගත යුතු ය. බාහිර කරුණු කාරණා අමතක කොට දැඩි ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් යුතුව පූජාව පැවැත්විය යුතු ය.

ඔබේ චිත්ත සමාධිය මෙම බුද්ධ පූජාවේ දී ඉතා වැදගත් වේ. පූජාව පැවැත්වීමට පෙර පූජාසනය සහ භාජන ආදිය සෝදා පිරිසුදු කර ගත යුතු ය. බුදුගෙය අතුපතු ගා පිරිසුදු කරගත යුතු ය. සුවඳ දුම් දැල්විය යුතු ය. කහ වතුර හෝ රෝස වතුර ඉස පහන් දැල්විය යුතු ය. මල්, පහන්, ගිලන්පස පූජාවන් ඉන්පසු තැන්පත් කළ යුතු ය. දිනකට දෙවරක් උදේ දහවල් බුද්ධ පූජාව පැවැත්වීම ද වැදගත් වේ. ආහාර දාන පූජාව උදේ 6.00 සිට 8.00 දක්වා ද දහවල් 11.00 සිට 12.00 දක්වා ද තමන්ට පහසු ආකාරයෙන් පැවැත්වීම සුබදායක වේ.

දිනපතා විහාරස්ථානයට යාමට අපහසු පින්වතුන් තමන්ගේ නිවසේ දී බුද්ධ පූජාව පැවැත්වීම ඉතා වැදගත් වේ. බුදුන් වහන්සේ දේශනා කළ දාන, ශීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ මුලින් ම සඳහන් වන්නේ දානයයි. එසේ නම් එය එසේ ම ඉටු කළ යුතු ය. විවිධ හේතූන් මත නිතර දන් දීමට නොහැකි ඇත්තන්ට පහසු ක්‍රමය ගෙදර දී දන්දීමයි. තමන් ආහාර අනුභව කිරීමට පෙර එහි අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජා කර අනුභව කිරීමයි. මෙය පහසුවෙන්, නිරායාසයෙන් දිනපතා කළ හැකි දන් දීමක් වනු ඇත.

නොවැළැක්විය හැකි හේතූන් මත හදිසි අවස්ථාවල දන් දීමට නොහැකි වූවාට වරදක්, පාපයක් වන්නේ නැත. “කායේන වාචා” ගාථාව කියා තමන්ගේ දාන ක්‍රියාව ආරම්භ කරන්න.

මේ උතුම් පූජාව අටමහ කුසල් ගණයට අයත් වන නිසා සියලු අපල උපද්‍රව පවා දුරුවනු ඇත. මරණ මංචකයේ දී ඔබ අවසන් හුස්ම හෙළන විට නිතැතින් ම සිහිපත් වන එකම උතුම් පූජාව මේ බුද්ධ පූජාවයි. එසේ සිහිපත් වුවහොත් ඔබ අභ්‍යව්‍ය ආත්මවල උපදින්නේ නැත. ඒකාන්තයෙන් ම මෙම අටමහ කුසල් නිධානයක් සේ ඔබට නිර්වාණ සම්පත් උදාකර ගැනීමට පිහිටවනු ඇත.

වප්  පුර අටවක

ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. .
22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]