[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මහපොළොව සේ අකම්පිත කඨින මහා පින්කම

සෑම වසරකට වරක් ම උදාවෙන මහාර්ඝ පුණ්‍ය කර්මයක් තිබෙනවා. ඒ තමයි “කඨින චීවර” පූජාව. කෙනකුට ශ්‍රද්ධාව ඇත්නම්, දෙන්නට දෙයකුත් ඇත්නම්, ලබන්නට කෙනෙකුත් සිටී නම් කැමැති දිනක කැමැති ලෙසක ඒ දානය පිදීමට හැකියාව තිබෙනවා. එහෙත් කඨින පින්කම කළ හැක්කේ වසරකට එක් ස්ථානයක එක් වරක් පමණයි. එක් කාලයක සාකේත නුවර වස් එළඹ, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ තිස් නමක් පමණ බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කරනවා. ඒ අතරමඟ දී වැස්සට තෙමුණු නිසා දියෙන් තෙත් වූ සිවුරුවලින් යුතුවයි බුදුරදුන් වෙතට ඔවුන් පැමිණෙන්නේ. භික්ෂූන් වහන්සේට සිදු වූ එම කරදරය ගැන සලකා බැලූ තථාගතයාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛූනං කඨිනං අත්තරිතුං” යනුවෙන් කඨිනය ඇතිරීමට අනුදැන වදාරනවා. එතැන් සිට තමයි භික්ෂූන් වහන්සේට කඨිනය පරිභෝග කිරීමට අවස්ථාව උදාවෙන්නේ. සාමාන්‍ය දිනෙක සිදු කරන දානමය පින්කමකට වඩා කඨින පූජාවකින් ලැබෙන කුසල විපාක ඉතාමත් ම අධික යි. ගෞතම බුද්ධ ශාසනයේ වැඩසිටි නාගිත මහ රහතන් වහන්සේ මීට අනූ එක් කල්පයකට පෙර ලොව පහළ වූ විපස්සී බුද්ධ සමයේ දී කෙළෙඹි පුත්‍රයෙක් ව ඉපිද භික්ෂුන් වහන්සේට කඨිනයක් පූජා කර “මෙම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා” යි ප්‍රාර්ථනා කළා. ඒ පිනෙන් සතර අපායකට නො වැටී සදෙව් ලොව, මිනිස් ලොව ආදියෙහි ඉපිද නොයකුත් සැප විඳී බව නාගිතාපදානයෙන් මොනවට පැහැදිලි වෙනවා. එය මේ ආකාරයට අනවතප්ත විල අසල දී බුදුරදුන් පිරිවරා වැඩ සිටි පන්සියයක් රහතන් වහන්සේ මධ්‍යයෙහි නාගිත මහ රහතන් වහන්සේ දේශනා කරනවා.


වප්  පුර අටවක

ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. .
22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]