[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක පෝ දා 2023-10-22

සිල් සුවඳ උතුම් ම ය

මල් සුවඳ ද, සඳුන් තුවරලා ඉද්ද මල් යන මේවායෙහි සුවඳ ද උඩු සුළඟට නොයයි. සත්පුරුෂයන්ගේ සීලාදී ගුණසුගන්ධය උඩු සුළඟට ද යයි. සත්පුරුෂයා ගුණ සුවඳින් හැම දිසාවන් පුරා ප්‍රකට වෙයි. සඳුන් සුවඳ ද, තුවරලා සුවඳ ද, මහනෙල් සුවඳ ද, දෑ සමන් සුවඳ ද යන මෙකී හැම සුවඳ සමූහයකට වඩා සිල් සුවඳ උතුම් ය.

අප බුදුරජාණන් වහන්සේ මෙම කරුණු දේශනා කළේ ආනන්ද හිමි විමසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි. දිනක් බුදුරජාණන් වහන්සේ මූලගන්ධ හෙවත් මුල්වල සුවඳ, සාරගන්ධ හෙවත් සඳුන් ආදී අරටුවල සුවඳ හා පුප්ඵගන්ධ හෙවත් මල්වල සුවඳ යැයි, උතුම් සුවඳ වර්ග තුනක් ගැන දේශනා කළහ. එකී සුවඳ වර්ග සියල්ලක් ම සුළඟ හමන අතට යයි. උඩු සුළඟට නොයයි.

මෙම සුවඳ වර්ග අතර, උඩු සුළඟට යන සුවඳකුත් තිබේ දැයි, ආනන්ද හිමියෝ පසු අවස්ථාවක කල්පනා කළහ. පසුව බුදුරදුන් වෙත මෙම ගැටලුව යොමු කළහ.

“ස්වාමීනි සුවඳ වර්ග තුනක් ඇත. ඒ සෑම සුවඳක් ම සුළඟ හමන අතට යයි. උඩු සුළඟට නොයයි. උඩු සුළඟටත් යටි සුළඟටත් එක සේ ගලා යන සුවඳක් තිබේද?

පසුව බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නය විසඳමින් උඩු සුළඟටත්, යටි සුළඟටත් එක සේ ගලා යන සුවඳක් ඇත. යම් ගමක, නියම් ගමක සිටින ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේ ද,

සතුන් මැරීමෙන්, සොරකමෙන්, වැරදිකාම සේවනයෙන්, බොරු කීමෙන් හා රහමෙර පානයෙන් වැළකී සිටින්නේ ද,

සිල්වත්, යහපත් පිළිවෙතින් යුතුව දුරු කළ මසුරුමල හා දුරුකළ කෙලෙස් ඇති සිතින් ගිහි ගෙයි වසන්නේ ද,

පරිත්‍යාගය සඳහා මුදා හළ වස්තු සම්පත් ඇති, දීමෙන් පිරිසුදු අත් ඇති, දන් දීමෙහි යෙදෙන යාචකයන්ට දන් දෙන, දාන සංවිධානයෙහි යෙදෙන, පිළිවෙත්වලින් යුක්ත නම්, ඔහු හෝ ඇය පිළිබඳ දිසා අනුදිසාවල සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ වර්ණනා කරති. දෙවි දේවතාවෝ ද ගුණ වර්ණනා කරති.

මෙසේ ගුණ වැණුම් නමැති සුවඳ වර්ගය දිසා අනුදිසා සෑම තැනෙකමත්, උඩු සුළඟෙත් යටි සුළඟෙත්, උඩු සුළඟ හා යටි සුළඟ යන දෙකෙහිත් හමා යයි යනුවෙන් දේශනා කළහ.

මේ බව හොඳින් වටහාගෙන දාන, සීල, භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් පස්පව් දස අකුසලයෙන් වැළකී මනා සිල්වතුන් සේ ජීවත්වීමට අප සෑම දෙනකු ම උත්සාහ කළ යුතු ය.

වප්  පුර අටවක

ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. .
22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]