පානදුර රන්කොත් විහාරයේ සම්බුද්ධ මන්දිරයේ සිතුවමකි ඡායාරූපය - ගයාන් පුෂ්පික

අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

චීන බෞද්ධ ජනතාවගෙන් බුත්තලට වියළි ආහාර

චීනයේ ෆාෂියාන් පුණ්‍යභාරය චීන බෞද්ධ සංගමය, චීන බෞද්ධ විහාරස්ථාන, චීන බෞද්ධ ජනතාවගේ පරිත්‍යාගයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමේ වැඩසටහන යටතේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 250කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ඉකුත් (29) දා බුත්තල යුදඟනාව රාජමහා විහාරයේ දී සිදුකෙරිණි. මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් හොන්ග් මහතා විසින් වියළි ආහාර ද්‍රව්‍ය තොගය ඔක්කම්පිටිය දෙමටමල් විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමියන්ට භාරදෙන ලදී. මෙම අවස්ථාවට ඓතිහාසික බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමියෝ ද වැඩමකර සිටියහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව පහතරට පවත්නා පැරැණිම මහා සංඝ සභාව ය. 1856 වසරේ සිට මේ දක්වා වසර 166ක කාලයක් උපසම්පදා විනය කර්මය පවත්වා ගෙන එනු ලබන ස්වාධීන සංඝ සංස්ථාවකි. ලක්දිව නා නා දිසාවෙහි දහස් ගණන් උපසම්පදා භික්ෂූන් ඇතිවීමෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය හැදෑරීම ද ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට විය. දුර බැහැර සිට මඟතොට පහසුකම් නැතිව පා ගමනින් සති ගණන් තිස්සේ මහනුවර යෑම ඊම උපසම්පදාවට සහභාගි වන සැමට මහත් පීඩාවක් විය. විනය කර්ම පිළිබඳ අවබෝධයක් පරිචයක් ලබා දීමේ අවශ්‍යතාවය ද 19 වන සියවසේ සීමා වාද, අධිමාස වාද, බුද්ධ වර්ෂ වාද ආදී තත්කාලීන උගතුන් විසින් ධර්ම ශාස්ත්‍රීය විවාද රාශියක් සිදු කරනු ලැබීම නිසා එකල පහතරට පුරෝගාමීව වැඩසිටි ගණාචරිය බෙන්තර වනවාස රාජමහා විහාරාධිපති බෙන්තර අත්තදස්සී මා හිමි, කෝට්ටේ රාජමහා විහාරාධිපති මලිගස්පේ මංගලාභිධාන කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක මාහිමි, මහඅරුග්ගොඩ ඉන්දසරාරාමාධිපති පානදුරේ සුමංගල මාහිමි රත්මලාන පරමධම්මචේතිය විහාරාධිපති සාර්ව භෞම පණ්ඩිත වලානේ සිරි සිද්ධාර්ථ මාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බු.ව. 2398 (ක්‍රි.ව. 1855) පොසොන් මස කෝට්ටේ රාජමහා විහාරස්ථානයට රැස්ව බුදුන් වහන්සේගේ පහස ලද කැලණි නදියේ උපසම්පදා කිරීමේ අදහසින් කල්‍යාණි නාමය ද සංඝයාගේ සාමගි‍්‍රය ම අපේක්ෂා කළ බැවින් සාමගී‍්‍ර යන නාමය ද තබා සංඝ සභාවක් පිහිටුවනු ලැබීය. ක්‍රි.ව. 1856.06.22 පළමු උපසම්පදාව අරඹා දහස් සංඛ්‍යාත සාමණේරයන් වහන්සේ උපසම්පදා සීලයෙහි මේ දක්වා පිහිටුවනු ලැබේ.


ගුණදම් දුරුකරන ප්‍රීතිය වනසන පව් ආකරයක ස්වභාවය

සංසාරය අතිභයානක ය. දුකින් පිරුණකි. ඒ සසරේ යන ඇතැම් මිනිසුන් තව තවත් පාපකර්ම තර කර ගනිති. ධම්ම පීති සුඛං සේති, ධර්මය සේවනය කරන්නා සුව සේ වසයි යනුවෙන් ධර්මයේ උගන්වා තිබේ. සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් භෝග විනාශ මුඛ හයෙන් පළමුවැන්න ලෙසින් “සුරාපානය” පෙන්වා දී තිබේ. සුරාව යනු විවිධ ද්‍රව්‍ය වතුර සමඟ එකතු කොට පල්කර සාදා ගන්නා යුෂ වර්ගයන් ය. “මජ්ජ” නම් මත්වීම යි. “පමා” නම් අසිහිය යි. මිනිස්කම, බෞද්ධකම, ස්ත්‍රී පුරුෂකම ආදී සියලු සත්වයන් අමතක වීම, නොසලකා හැරීම සුරාවෙන් සිදුවෙයි. රා, අරක්කු, ගංජා, අබිං, බියර් , හෙරොයින්, මරිජුවානා, අයිස්, කසිප්පු ආදි නම්වලින් හැඳින්වෙන සියල්ල මෙන්ම නානාවිධ දුම්වැටි ද මෙයට අයත් ය. මේවා සියල්ල මදයට ප්‍රමාදයට හේතු වේ. ගිහියාගේ නිත්‍ය සීලය වන පන්සිල් පද පහෙන් සුරාපානයෙන් වැළකීම බුදුහිමි වදාළේ එහි ඇති අනර්ථය නිසා ම ය. දරුණු විෂැති සර්පයකු සේ සලකා නුවණැත්තෝ ඉන් ඈත් වෙති. ලෝකයෙහි තිබෙන මහා විෂක් බඳු මෙම මත්වතුර බොන්නට මිනිස්සු පෙළඹෙන්නේ කුමක් නිසා ද? එය ඇබ්බැහි වීමකි. ලොල්වීමකි. තමාගේ කුමන හෝ දුර්වලතාවයක් වසා ගැනීමට දරන උත්සාහයෙකි. ප්‍රශ්නවලින් පැනයාමට සහ වගකීම්වලින් පහසුවෙන් පැනයාමට බොහෝ අය සුරාවට යොමුවී ඇත. නමුත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය උපතට කරන බලවත් වරදක් බව ඔවුහු වටහා නො ගැනීම අනාවරාග්‍ර සසර ම අඳුරු කර ගැනීමකි.

 

නරක ඇබ්බැහිකම් ජීවිතය විනාශයට ගෙන යන හැටි

බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ දුතිය අනාථ පිණ්ඩික සූත්‍රයේ දී සුරාසොඬෙකු නොවී ජීවත්වීම නිසා සිදුවන යහපත මැනවින් විග්‍රහ කර දී තිබෙනවා. සුරාමේරය මජ්ඣපමා දට්ඨානා පටිවිරතස්ස එතං භයං වූපසන්තං හොති. දිට්ඨධම්මකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති. චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවේදියති. පමාවට හේතුවන රහමෙර පානය කිරීමෙන් වැළකුණු අයකුට භය නැතිවෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. රහමෙර බිව් පුද්ගලයකුට මෙලොව භය, වෛරය ඇති වෙනවා. ඉන් වැළකුණු විට එවැනි ස්වභාවයකට මුහුණදීමට සිදුවන්නේ නැහැ. මත්වතුර බිව් අයකුට පරලොව භය, වෛරය ඇති වෙනවා. ඉන් වැළකුණු විට එවැනි බයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම මත් පැනින් වැළකුණු අයට දුක්දොම්නස් ඇති වන්නේ නැහැ. මානසික තෘප්තිමත් බවක් ඇතිවෙනවා. ඒ වගේම ප්‍රමාදයට හේතුවන මත්වතුරින් වැළකුණු විට අපට මෙලොව භයත්, වෛරයත් නැතිව සතුටින් ජීවත්වෙන්න පුළුවන්. මේ ආත්මයේ දී සතුටින් සොම්නසින් ජීවත් වන විට එතැන දිව්‍ය විමානයක් පහළ වෙනවා. එම තෘප්තිමත් ජීවිතය නිසාම අප හොඳ ස්ථානයක උප්පත්තිය ලබනවා. සුරාව නැතහොත් මත්වතුර භාවිතය පුද්ගල විනාශයට මෙන්ම සමාජ විනාශයටත් හේතුවෙනවා. ජාතක පොතේ කුම්භ ජාතකයේ සුරාවේ ආරම්භය පිළිබඳ මෙසේ සඳහන් වෙනවා. එදවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රජකම් කරන කල්හි "සුරා" නමැති වැද්දකු සිටියේ ය.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 














 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]