ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ අධි ඇසළ අව අටවක පෝදා 2023 ජූලි 10 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගණේමුල්ල දකුණු ගලහිටියාව දම්තිළිණ විහාරාධිපති ගම්පහ මහ දිසාවේ අලුත්කුරු පරණකුරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති තල්පිටියේ කෝලිතවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ දම්තිළිණ ශ්‍රී දළදා පූජෝපහාර ඇසළ මහ පෙරහර මේ මස 15 වැනි දා ගණේමුල්ල නගරයේ වීථි සංචාරය කිරීමට නියමිත ය.
ජූලි මස 10 වැනි දා දෙවැනි මල් පෙරහර සහ පස්වරු 06.30ට අනුශාසනාව ශාස්ත්‍රපති කල්පිටියේ චන්දරතන නාහිමි, 11 වැනිදා තෙවන මල් පෙරහර සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත වැලිඋල්ලේ දමිත හිමි, 12 වැනිදා සිව්වන මල් පෙරහර සහ අනුශාසනාව නැදගමුවේ විජයමෛත්‍රී අනු නා හිමියෝ, 13 වැනි දා පස්වන මල් පෙරහර සහ අනුශාසනාව ශාස්ත්‍රපති නාලන්දේ විමලසිරි නාහිමියෝ, 14 වැනිදා හයවන මල්පෙරහර සහ අනුශාසනාව මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමියෝ පවත්වති. ජූලි මස 16 වන දින දිය කැපීමේ පින්කමින් පෙරහර පින්කමේ කටයුතු අවසන් වේ.
ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න් අව අටවක ලබා 10 සඳුදා අ.භා. 06.51 න් ගෙවේ. 10 සඳුදා සිල්.
අව අටවක
ජූලි 10
අමාවක
ජූලි 17
පුර අටවක
ජූලි 25
පසළොස්වක
අගෝස්තු 01
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]