[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ගුණදම් දුරුකරන ප්‍රීතිය වනසන පව් ආකරයක ස්වභාවය

සංසාරය අතිභයානක ය. දුකින් පිරුණකි. ඒ සසරේ යන ඇතැම් මිනිසුන් තව තවත් පාපකර්ම තර කර ගනිති. ධම්ම පීති සුඛං සේති, ධර්මය සේවනය කරන්නා සුව සේ වසයි යනුවෙන් ධර්මයේ උගන්වා තිබේ. සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් භෝග විනාශ මුඛ හයෙන් පළමුවැන්න ලෙසින් “සුරාපානය” පෙන්වා දී තිබේ. සුරාව යනු විවිධ ද්‍රව්‍ය වතුර සමඟ එකතු කොට පල්කර සාදා ගන්නා යුෂ වර්ගයන් ය. “මජ්ජ” නම් මත්වීම යි. “පමා” නම් අසිහිය යි. මිනිස්කම, බෞද්ධකම, ස්ත්‍රී පුරුෂකම ආදී සියලු සත්වයන් අමතක වීම, නොසලකා හැරීම සුරාවෙන් සිදුවෙයි. රා, අරක්කු, ගංජා, අබිං, බියර් , හෙරොයින්, මරිජුවානා, අයිස්, කසිප්පු ආදි නම්වලින් හැඳින්වෙන සියල්ල මෙන්ම නානාවිධ දුම්වැටි ද මෙයට අයත් ය. මේවා සියල්ල මදයට ප්‍රමාදයට හේතු වේ. ගිහියාගේ නිත්‍ය සීලය වන පන්සිල් පද පහෙන් සුරාපානයෙන් වැළකීම බුදුහිමි වදාළේ එහි ඇති අනර්ථය නිසා ම ය. දරුණු විෂැති සර්පයකු සේ සලකා නුවණැත්තෝ ඉන් ඈත් වෙති. ලෝකයෙහි තිබෙන මහා විෂක් බඳු මෙම මත්වතුර බොන්නට මිනිස්සු පෙළඹෙන්නේ කුමක් නිසා ද? එය ඇබ්බැහි වීමකි. ලොල්වීමකි. තමාගේ කුමන හෝ දුර්වලතාවයක් වසා ගැනීමට දරන උත්සාහයෙකි. ප්‍රශ්නවලින් පැනයාමට සහ වගකීම්වලින් පහසුවෙන් පැනයාමට බොහෝ අය සුරාවට යොමුවී ඇත. නමුත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය උපතට කරන බලවත් වරදක් බව ඔවුහු වටහා නො ගැනීම අනාවරාග්‍ර සසර ම අඳුරු කර ගැනීමකි. මෙලොව අයහපතටත්, පරලොව අයහපතටත් හේතු වන රහමෙර පානය ඇතැම් බෞද්ධ යැයි කියාගන්නා අයගේ ද ප්‍රධාන පානයක් වී තිබීම බලවත් කනගාටුවට කරුණකි. පස් පවෙන් එක් පවක් ලෙසින් මෙය සැලකෙයි. වෛද්‍ය මතය මත්වතුර, මත්ද්‍රව්‍ය ශරීරයට අහිතකර බවයි. බුදුරජාණන් වහන්සේ විසින් මත්වතුර පානය කිරීම නොකළ යුතු දෙයක් ලෙසින් වදාරා ඇත.


අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]