70 වැනි ජන්ම දිනය පසුකළ බොරළුගොඩ ඉන්දරතන නාහිමියෝ

70 වැනි ජන්ම දිනය පසුකළ බොරළුගොඩ ඉන්දරතන නාහිමියෝ

පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාරාභිධාන සල්පිටි කෝරළයේ උපප්‍රධාන සංඝනායක බොරළුගොඩ ඉන්දරතන නාහිමියෝ පසුගිය 7 වැනි දින හැත්තෑඑක් වැනි වියට පා තැබූහ.

උන්වහන්සේ එක්දහස් නවසිය හැට හතරේ අප්‍රේල් මස පස්වන දින පැවිද්ද ලදහ. ඒ මාකුඹුරේ පුරාණ විහාරාධිපති බොරළුගොඩ රතනසාර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙසිනි. එක් දහස් නවසිය හැත්තෑ හතරේ ජුනි හත්වන දින පැවිදි උපසම්පදාව ලදහ.

ඉක්බිති උසස් අධ්‍යාපනය ලබා ශාස්ත්‍රපති උපාධිය ලදහ. රජයේ ගුරු සේවයට ඇතුළත් වූ ඉන්දරතන හිමියෝ දිවයිනේ පාඨශාලා ගණනාවක ඉගැන්වීමේ කටයුතු ඉටු කළහ. මේ අතරතුර මාකුඹුර පුරාණ විහාරස්ථානයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කරන්නට උන්වහන්සේට හැකි විය. විහාරාධිපතිව වැඩ විසූ බොරළුගොඩ රතනසාර හිමියන්ගේ කාලයෙහි දී විහාරස්ථානයට පැවැති අඩුපාඩු රාශියක් සම්පූර්ණ කිරීම එහිලා ඉතා වැදගත් වෙයි.

1956 දී අනුරාධපුර ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවා රෝපණය කරන ලද බෝධීන් වහන්සේ වටා ප්‍රාකාරය බඳවා තිබුණි. නමුදු වෙනත් අංග ඉදිකිරීම සෙමෙන් සිදුවිය. එම අඩුපාඩු ඉවත් කිරීමෙහි ලා නා හිමියන් දැරූ උත්සාහයට ඉන්දරතන හිමියන්ගේ මනා සහයක් ලැබිණි. එහි ප්‍රතිඵල වශයෙන් ධර්ම ශාලාවක් හා සංඝාවාසයක් ඉදි වූ අතර පසුව ක්‍රමවත්ව විහාර මන්දිරයක් ද, චෛත්‍යයක් ද, දෙමහල් ධර්ම ශාලාවක් ද ඉදිකරන ලදී. ප්‍රදේශවාසීන්ගේ නොමසුරු සහයෙන් කරවන ලද නව ඉදිකිරීම්වලින් පුරාණ විහාරස්ථානය ප්‍රදේශයේ ප්‍රමුඛ බෞද්ධ කටයුතු කේන්ද්‍රස්ථානයක් බවට පත්විය.

ළදරු පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය ද ක්‍රමයෙන් විධිමත් ව වර්ධනය විය. විහාරාධිපති ශ්‍රී රතනසාර නා හිමියන් අපවත් වූ පසුව ද ආයතනයේ වර්ධනය ක්‍රමවත්ව සිදුවිය. මෙහිලා වර්තමාන විහාරාධිපති ඉන්දරතන නා හිමියන්ගේ නායකත්වය ඉතා වැදගත් ය. විහාරස්ථානයෙහි විහාරාධිකාරී බොරළුගොඩ ජිනාලංකාර හිමියන්ගේ ක්‍රියාශූරත්වය ද අගය කළ යුතු ය. බොරළුගොඩ ඉන්දරතන නා හිමියන්ට දීර්ඝායුෂ පතමු.

අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]