[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම
සිතුවම - සමන් ශ්‍රීකාන්ත

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

තුරුණු වියේ ආතතිය වළක්වාගන්න මේ උපදෙස් පිළිපදින්න

යථාර්ථයෙන් ඈත්වීම සහ අසුබවාදී ව සිතීම ආතතියයි. බොහෝ තරුණ තරුණියෝ පොළොව මත හිටගන්නවා වෙනුවට සිහින ලෝකවල ජීවත් වෙති. ඔවුන්ගේ බලාපොරොත්තු සහ අරමුණු සාමාන්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඉතා ඈත ය. යථාර්ථයෙන් ඈත් වූ පේ‍්‍රමය, ඒ ආශි‍්‍රත සිනමා නිර්මාණ, ටෙලිනාට්‍යය සහ ගීත මේ සඳහා ඇතැම්විට ඉවහල් වේ. අතැම් තාක්ෂණික මෙවලම් බුද්ධියෙන් විමසීමෙන් තොරව අවභාවිත කිරීමද මීට එක් හේතුවකි. එසේම නිසි වයසේ අවාහ විවාහ නොවීම, වයසට පෙර ඉක්මන් තීරණ ගැනීම, විරැකියාව ඇතැම් මත්පෙති, මත්ද්‍රව්‍යය පානය, පවුල් අතර යහපත් සබඳතා බිඳීයාම නිසා ද ආතතිය නිර්මාණය වේ. බුදුරදුන්ගේ ඉගැන්වීම් මත බුද්ධ කාලීන බොහෝ තරුණ තරුණියෝ තම ජීවිතයේ භද්‍ර යෞවනය දෙලොව යහපතට යොදාගත්හ. ථෙර ථෙරණී ගාථා ඒ සඳහා කදිම නිදසුනකි. භද්ද වග්ගිය කුමාරවරු ඒ සඳහා හොඳම උදාහරණයයි. අනුන් සොයනවාට වඩා තමන් සොයන එක ඉතා වැදගත්කොට බුදුරදුන් අවධාරණය කිරීමෙන් අනතුරුව ජීවිතයේ හරය ඔවුන් හඳුනාගත්හ. තම දියුණුව වෙනුවෙන් භාවිත කළ යුතු මනස අයහපත වෙනුවෙන් යෙදවීම කිසි ලෙසකින් වත් ලද මිනිස් දිවියට උචිත නොවේ. මනස ලෙඩවීම පාලනය කළ යුතුය . ඒ වෙනුවෙන් බොහෝ දේශනා බුදු දහම තුළ අඩංගු ය. බුදුරදුන් ශ්‍රාවකයන් අමතා දේශනා කළේ ධර්මය ඖෂධයක්, නොපමාව එය පානය කරන්න යනුවෙනි. මේ ලෝකයෙහි රෝග වර්ග දෙකක් ඇති බව රෝග සූත්‍රය පැහැදිලි කරයි. ඉන් භයානකම රෝගය මානසික රෝගයයි. විශේෂයෙන් තරුණ වයස යනු ප්‍රතිශක්තිකරණය ඉතා වැඩිකාල සීමාවයි. ඒ වයසේදී කායික රෝගයන්ට ඔරොත්තු දෙන සුළු ය. එසේම නිසි පරිදි ඖෂධ ලබා ගැනීමේදී එවැනි රෝග සුවකර ගත හැකි ය. මානසික රෝග ඊට වඩා වෙනස් ය.බුදු දහම දක්වනු ලබන්නේ සියලු පෘථග්ජනයන් උම්මත්තකයන් ලෙස ය. එසේ සඳහන් වන්නේ ඔවුන් කෙලෙස්වලින් යුක්ත නිසා ය. දහම එය හඳුන්වන්නේ ආසව වශයෙනි. සංස්කෘත භාෂාවෙන් ආශ්‍රව ලෙස මෙය හැඳින්වේ. ආතතිය ඇතිවන්නේ ක්ලේෂ ධර්ම හෙවත් නරක සිතුවිලි නිසාවෙනි. සබ්බාසව සූත්‍රයේදී පමණක් පුද්ගලයා. තුළ ඇතිවන එවැනි ආසව හෙවත් අපාගාමී මානසික ලක්ෂණ 14 ක් දැක්වේ.

ධර්ම දේශනාව:

හය හතර දැන ගන්න යහපතට මුල්තැන දෙන්න

කිලිටි වූ සිතින් යමක් කියයි ද, කරයි ද ඒ හේතුවෙන් හටගත් දුක් එම පුද්ගලයා ලුහුබැඳ එයි. 'චිරි චිරි' යන අමිහිරි හඬ නඟමින් යන කරත්ත රෝදය ගොනාගේ පාද අනුව ගමන් කරන්නාක් මෙනි." හොඳ – නරක කුමක් දැයි තෝරා බේරා ගැනීමට බුදුසමයෙන් ලැබෙන පණිවිඩය ජීවිත අභිවෘද්ධියට බෙහෙවින් උපකාරි වෙයි. මේ සඳහා පර්යාය යෙදුම් රාශියක් බෞද්ධ පාලි සාහිත්‍යයේ දී දක්නට ලැබේ. පින් – පව්, කුසල් – අකුසල්, සම්මාජීව– මිච්ඡාජීව , සුචරිත – දුශ්චරිත . ආර්ය – අනාර්ය, ධම්මචරියා – අධම්මචරියා, සමචරියා – විෂම චරියා , යහපත් – අයහපත් , ඉන් කිහිපයකි. පාලි සාහිත්‍යයේ ද කුසල් - අකුසල් යන වචනයේ දක්ෂ, කාර්යක්ෂම , යහපත්, හැකි, යන අර්ථ ද, අකුසලයෙහි අදක්ෂ නොහැකි, අයහපත් යන අර්ථයෙන් ද යෙදී ඇත. හොඳ – නරක බෙදා වෙන්කර ගැනීමට පදනමක් සොයා ත්‍රිපිටකාගත සූත්‍ර ධර්ම පරිශීලනය කිරීම වැදගත් ය. එවැනි අවස්ථා කීපයක් වෙත සිත යොමු කරමු. කාලාම සූත්‍රය ( අංගුත්තර නිකාය) කාලාමයෙනි, ඔබට මවිසින් කියන ලද නම් එය ඔබ වාර්තාව පදනම් කර ගෙන නොපිළිගත යුතු ය. පාරම්පරික විශ්වාසය උඩ හෝ, “මෙසේ පෙර කියා තිබේ” කියා හෝ නොපිළිගත යුතු ය. පොතපතෙහි එන නිසා හෝ තර්කයට ගැළපෙන නිසා හෝ න්‍යායට ගැළපෙන නිසා හෝ, නොපිළිගත යුතු ය. කල්පනාවට අනුරූප නිසා හෝ දෘෂ්ටියට ගැළපෙන නිසා හෝ, එය හොඳ යැයි පෙනෙන නිසා හෝ අපගේ ගුරුතුමන් විසින් කියන ලද ය කියා හෝ නොපිළිගත යුතු ය. මෙය කුසල් ය, මෙය නිවැරැදි ය මෙය පිළිගත් විට සුබ සිද්ධිය හා යහපත පිණිස පවතී කියා හෝ ඔබට ම වැටහේ නම් පමණක් එය පිළිගන්න” ලෝක සම්මතයේ පවතින හොඳ – නරක පිළිබඳ ව බුදුරදුන් කිසි කෙනෙකුගේ මතයේ එල්ලී නො සිටි බව කාලාමයන්ට දෙසූ උපදේශයෙන් පෙනේ. මනා විමසීමකින් යුතු ව තම හෘදය සාක්ෂියට එකඟව යමක් තීරණය කළ යුතු බවත්, එහි තීරකයා තමා ම බවත් පෙන්වා දුන්හ.

 

විඩාබර ජීවිතය අස්වැසූ බුදු ගුණ

ජනකවි ගායනාවන් තුළ අන්තර්ගත වන්නේ හුදු රසවින්දනයක් පමණක් ම නොවේ. ඒ තුළින් පුද්ගල ජීවිතයෙහි යථාර්ථය ද ඉස්මතු කරන බව පැහැදිලි වේ. ගැමි ජනයා සිය ජීවනෝපාය පවත්වාගෙන යාමේ දී මෙන් ම, එදිනෙදා තම කර්තව්‍යයන් සිදු කිරීමේ දී සිය දුක්බර ජීවන තොරතුරු දක්වමින් ප්‍රකාශයට පත් කරන ලද ගායනා ජන කවි වශයෙන් හඳුනාගත හැකි වෙයි. මේවායෙහි අන්තර්ගත වනුයේ ජීවිතයේ සුඛ, දුක්ඛ වේදනාවන් ය. නිශ්චිත නිර්මාණකරුවකු හඳුනාගත නො හැකි මෙම ගායනාවන් තුළින් අව්‍යාජ බව මෙන් ම, පුද්ගල ජීවන යථාර්ථය පිළිඹිබු කෙරේ. ඉතා සංවේදී මෙන් ම නිර්මාණාත්මක කලා අංගයක් වන ජන කවිය තුළින් ජනතා සිතුම් පැතුම් , අභිලාෂයන් ඉතා සංවේදී ව නිරූපණය කරන්නට සමත් වී ඇති අයුරු සුවිශේෂි වෙයි. ගැමි ජීවන රටාව හෙළි කරනු ලබන්නා වූ මෙම කාව්‍යයන් මෙරට සංස්කෘතිය හා බද්ධව නිර්මිත වී තිබේ. ජනතාවගේ සදාචාරවත් බව මෙන් ම, රසාත්මක බව පෝෂණය කරනු ලබන සාහිත්‍යය කලාව මෙරට ආගමික පසුබිම තුළින් නිර්මාණයට ලක් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනයවීමත් සමඟ මෙරට සංස්කෘතියේ සියලු අංගයන් බෞද්ධ මුහුණුවරක් ගන්නා ලදී එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙරට ජනයාගේ රසවින්දනය ඇති කරනු ලබන කලා මාධ්‍යයට ද එය එක්වීම නිසාවෙන් කාව්‍යය මාධ්‍යයට ද වස්තු විෂය ලෙස බොදු සිරිතත්, බොදු දහමත් එක්වන ලදී. හෙළ ඉතිහාසයෙහි සැඟවුණු තැන් මතු කරනු ලබන , ගැමියාගේ හද ගැස්මෙහි රාවය පිළිඹිබු කෙරෙන ජන කවිය ජන අවිය සමඟ බද්ධ වූවකි. විවිධ ග්‍රාමීය ජීවිකා වෘත්තීන් ආශ්‍රය කොටගෙන ප්‍රභවය ලබා ඇති ජන කාව්‍ය නිර්මාණ පසක් කරනුයේ ඔවුන් තුළ පැවති මනුස්සකම ය. එම මානුෂීය භාවය ඔවුන් තුළ ගොඩනැඟීමට පාදක වූයේ සංස්කෘතික බලපෑමයි.

 

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]