තුරුණු වියේ ආතතිය වළක්වාගන්න මේ උපදෙස් පිළිපදින්න
කොලොන්නාව පුරාණ විහාරවාසී
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
සියඹලාගොඩ ධම්මින්ද හිමි
යථාර්ථයෙන් ඈත්වීම සහ අසුබවාදී ව සිතීම ආතතියයි. බොහෝ තරුණ තරුණියෝ පොළොව මත
හිටගන්නවා වෙනුවට සිහින ලෝකවල ජීවත් වෙති. ඔවුන්ගේ බලාපොරොත්තු සහ අරමුණු සාමාන්‍ය
ක්‍රියාකාරිත්වයෙන් ඉතා ඈත ය.
යථාර්ථයෙන් ඈත් වූ පේ‍්‍රමය, ඒ ආශි‍්‍රත සිනමා නිර්මාණ, ටෙලිනාට්‍යය සහ ගීත මේ සඳහා
ඇතැම්විට ඉවහල් වේ. අතැම් තාක්ෂණික මෙවලම් බුද්ධියෙන් විමසීමෙන් තොරව අවභාවිත
කිරීමද මීට එක් හේතුවකි.
එසේම නිසි වයසේ අවාහ විවාහ නොවීම, වයසට පෙර ඉක්මන් තීරණ ගැනීම, විරැකියාව ඇතැම්
මත්පෙති, මත්ද්‍රව්‍යය පානය, පවුල් අතර යහපත් සබඳතා බිඳීයාම නිසා ද ආතතිය නිර්මාණය
වේ.
බුදුරදුන්ගේ ඉගැන්වීම් මත බුද්ධ කාලීන බොහෝ තරුණ තරුණියෝ තම ජීවිතයේ භද්‍ර යෞවනය
දෙලොව යහපතට යොදාගත්හ. ථෙර ථෙරණී ගාථා ඒ සඳහා කදිම නිදසුනකි. භද්ද වග්ගිය කුමාරවරු
ඒ සඳහා හොඳම උදාහරණයයි. අනුන් සොයනවාට වඩා තමන් සොයන එක ඉතා වැදගත්කොට බුදුරදුන්
අවධාරණය කිරීමෙන් අනතුරුව ජීවිතයේ හරය ඔවුන් හඳුනාගත්හ.
ධර්මය ඖෂධයකි
තම දියුණුව වෙනුවෙන් භාවිත කළ යුතු මනස අයහපත වෙනුවෙන් යෙදවීම කිසි ලෙසකින් වත් ලද
මිනිස් දිවියට උචිත නොවේ. මනස ලෙඩවීම පාලනය කළ යුතුය . ඒ වෙනුවෙන් බොහෝ දේශනා බුදු
දහම තුළ අඩංගු ය. බුදුරදුන් ශ්‍රාවකයන් අමතා දේශනා කළේ ධර්මය ඖෂධයක්, නොපමාව එය
පානය කරන්න යනුවෙනි.
මේ ලෝකයෙහි රෝග වර්ග දෙකක් ඇති බව රෝග සූත්‍රය පැහැදිලි කරයි. ඉන් භයානකම රෝගය
මානසික රෝගයයි. විශේෂයෙන් තරුණ වයස යනු ප්‍රතිශක්තිකරණය ඉතා වැඩිකාල සීමාවයි. ඒ
වයසේදී කායික රෝගයන්ට ඔරොත්තු දෙන සුළු ය. එසේම නිසි පරිදි ඖෂධ ලබා ගැනීමේදී එවැනි
රෝග සුවකර ගත හැකි ය. මානසික රෝග ඊට වඩා වෙනස් ය.
බුදු දහම දක්වනු ලබන්නේ සියලු පෘථග්ජනයන් උම්මත්තකයන් ලෙස ය. එසේ සඳහන් වන්නේ ඔවුන්
කෙලෙස්වලින් යුක්ත නිසා ය. දහම එය හඳුන්වන්නේ ආසව වශයෙනි. සංස්කෘත භාෂාවෙන් ආශ්‍රව
ලෙස මෙය හැඳින්වේ. ආතතිය ඇතිවන්නේ ක්ලේෂ ධර්ම හෙවත් නරක සිතුවිලි නිසාවෙනි. සබ්බාසව
සූත්‍රයේදී පමණක් පුද්ගලයා. තුළ ඇතිවන එවැනි ආසව හෙවත් අපාගාමී මානසික ලක්ෂණ 14 ක්
දැක්වේ. තරුණ මනසක් තුළ මෙවැනි අපාගාමී ලක්ෂණ ඇති වී වර්ධනය වීම සුබ කාරණයක් නොවේ.
විශේෂයෙන් ලෝභය උද්ධච්චය, මානය, ද්වේෂය, විචිකිච්ඡාව වැනි අපාගාමී ලක්ෂණ සෞඛ්‍ය
සම්පන්න තරුණයකු නිර්මාණය වීමට බාධාවකි.
මනස අවධි කිරීම
අපි බොහෝ සෙයින් සෞඛ්‍ය ගැන අවධානය යොමුකරන පිරිසක් වෙමු. එවන් තත්වයක දී සෞඛ්‍ය
සම්පන්න යැයි සඳහන් වන්නේ කායික රෝග නොමැති බව පමණක් නොවේ. වසර 2000 පසු වූ ලෝක
සෞඛ්‍යය සංවිධානය සෞඛ්‍ය ලෙස අර්ථ ගැන්වූයේ “කායික මානසික සාමාජීය ආධ්‍යාත්මික
සමතුලිතතාවයයි”. අපේ බුදුරදුන් මීට වසර 2600 පෙර මේ කාරණය පැහැදිලි කළහ. තරුණ මනස
අවධි කර ගැනීමට නම් ඒ කාරණය ම ඉතා ප්‍රමාණවත් ය. ධම්මපදයේ සුඛවග්ගයේ දී පැහැදිලි
වන්නේ
ආරෝග්‍ය පරමාලාභා–
සන්තුට්ඨි පරමංධනං
විස්සාසා පරමා ඥාති –
නිබ්බාණං පරමං සුඛං
මෙතැනදී, ආරෝග්‍ය යනු කායික සෞඛ්‍යයයි. සන්තුට්ඨි යන්නෙන් මානසික සෞඛ්‍යය ද අවධාරණය
කෙරේ. විශ්වාසය නැතිවූ විට නිර්මාණය වන්නේ සැකයයි. සැකය නැති තැන සාමාජිය සෞඛ්‍ය
ආරක්ෂා වේ. බෞද්ධයකුගේ අවසාන විමුක්තිය නිවනයි. එය ආධ්‍යාත්මයේ උපරිමයයි.
සේල සූත්‍රයේ දී බුදුරදුන් සේල බමුණා අමතා දේශනා කළේ “මම සම්මා සම්බුද්ධ වෙමි, එසේම
ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි” වශයෙනි. බුදුරදුන් ශල්‍ය කර්ම සිදුකළේ පුද්ගල මනසට ය.
තරුණ මනස ඊට යෝග්‍යම කාලයයි. එය නිවැරදි නොවන ශල්‍යකර්මවලට භාජනය වුවහොත් දෙලොව ම
අයහපතට වැටේ.
අඩුපාඩු හඳුනාගනිමු
පෙර සඳහන් කළ අපාගාමී ලක්ෂණ එකින් එක ගෙන බැලුවහොත් එය ඉතා හොඳින් අවබෝධ කරගත
හැකිය.
ඒ අතර “ද්වේෂය” යන කාරණය පමණක් ගෙන බැලුවත් වර්තමාන තාරුණ්‍යය කෙතරම් පීඩාවට
පත්වන්නේ ද යන වග හඳුනාගත හැකි ය. ඉක්මන්වීම, ඉක්මන් තීරණ ගැනීම, අනවශ්‍ය ගැටුම් මේ
සියල්ල ද්වේෂයේ ප්‍රතිඵලයන් ය. එසේ සිදුවන්නේ තාරුණ්‍යයේ දෘෂ්ටිය තුළ ඇති ඇතැම්
අඩුපාඩු නිසාවෙනි. යහපත් දැක්මක් ඇති තැන එවන් ද්වේෂයක් නිර්මාණය නොවේ. අපදාන
පාලියේ 509 ගාථාව තුළ ඒ බව පැහැදිලිය. එනම් බුදුරදුන් ද්වේෂය නැමති රෝගයට පිළියම්
යෙදීම සඳහා දෘෂ්ටිය නම් ගෙඩිය පැලූ බවයි. බුදුරදුන් මනසට ශල්‍යකර්ම සිදුකළේ ඒ
අයුරිනි.
ඇතිවන ආතතිය දුරුකර ගැනීම සඳහා දහම සප්පාය 05 ක් දේශනා කර ඇත. විශේෂයෙන්, තරුණ
තරුණියන්ට මේ සප්පාය 05 උපයෝගී කරගනිමින් ඇතිවූ ආතතිය නැතිකර ගැනීමට මෙන්ම ආතතිය
ඇතිවීම වළක්වාගත හැකි ය. එම සප්පාය මෙසේ ය.
ආහාර සප්පාය , විහරණ සප්පාය, උතු සප්පාය, පුග්ගල සප්පාය හා අජ්ඣාසය සප්පාය යි.
ආහාරය මත මානසිකව ඇදවැටීම නුසුදුසුය. ලැබෙන මුදල කාලය සහ අන්‍ය අවශ්‍යතා තේරුම් ගෙන
පරිභෝජනය සකසා ගැනීම වැදගත් ය . ආහාරයෙන් සිදුවන කාර්ය නුවණින් හඳුනා ගත යුතු ය.
බැරෑරුම් කාලසීමාවන් , රෝගී තත්ත්වයන් මත ආහාර පිළියෙළ වේ. එය ආතතිය සකසාගත යුතු
තැනක් නොවේ. එසේම ආහාර රටාවේ වෙනස් කම් කරමින් ආහාරය තුළින් ඇතිවු ආතතිය දුරුකරගත
හැකි ය.
යාම් ඊම්, ඉඳුම් හිටුම් ,ඇවතුම් - පැවතුම් සකස් කර ගැනීම මත ආතතිය දුරු කරගත හැකි
ය. හිතට පීඩාවක් නොවන ලෙස එම ඉරියව් පවත්වා ගැනීම, ව්‍යායාම, පරිසරයත් සමඟ කටයුතු
කිරීම, ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, ක්‍රීඩා කිරීම, තරුණ ජවය අපතේ නොයැවීමකි.
ඒ බව මනාව තේරුම් ගැනීම පමණක් අවශ්‍යය ය. එකම ඉරියව්ව මනසට පීඩාවක් ගෙනදීමට සමත් ය.
ගහකොළ සිටුවීම, සුරතල් සතුන් ඇතිකිරීම වැනි ක්‍රියා සිදුකිරීම අවශ්‍ය ය.
ඍතු පරිහරණය තුළදී එය පීඩාවක් නොකොට ගෙන කටයුතු කිරීම නිවැරදි ඍතු පරිහරණය යි.
යහපත් පුද්ගලයන් , සත්පුරුෂයන් , කලණ මිතුරන් ජීවිතවලට එකතු කරගත යුතුය. ඔවුනගේ
යහපත් අදහස් ජීවිතවලට එකතු කර ගැනීම ඉතා කාලෝචිත ය. ජීවිතවලට පීඩා ගෙනෙන අය ඉවත්කර
ගැනීම සහ ඔවුනට හිතින් ලබාදුන් වටිනාකම ඉවත් කර ගැනීම අවශ්‍යය ය. එසේ නොමැතිව ගැටි
ගැටී සිටීම අර්ථවත් නොවේ.
යහපත් ආකල්ප, හොඳ නිර්මාණ, හොඳ කෘති ජීවිතයට එකතු කර ගැනීම, ශ්‍රේෂ්ට චරිත අනුකරණය
කිරීම, ඔවුන්ගත් මඟ ගැනීම ඉතා වැදගත් ය. එය අජ්ඣාසය සප්පායයි.
මෙම ඉගැන්වීම් ජීවිතවලට එකතු කරගැනීම තුළ ආතතිය තරුණ ජීවිත වලින් ඉවත් කොටගෙන
තාරුණ්‍යයේ ශක්තිය දෙලොව යහපතට යොදා ගත හැකි වේ. |