[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංගුත්තර නිකාය

අංගුත්තර නිකාය

අප භාග්‍යවත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඉකුත් විය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන කොට ඇති ධර්මධර, සිවු පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා පන්සියයක් දෙනා වහන්සේ එක් තැනකට රැස් වූහ.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ස්වයම් භූ ඤාණයෙන් අවබෝධ කොට පන්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් පුහුදුන් ජනයාගේ හිත සුව පිණිස පවතිනු පිණිස පළමු වන ධර්ම සංගායනාව (පඤ්ච සතික සංගීතිය) සිදු කළ සේක.

මෙහිලා ධර්මය වශයෙන් වදාළ කොටස පශ්චිම ජනයාටත් අවබෝධයට පහසුවනු පිණිස සූත්‍ර හා අභිධර්ම වශයෙන් පිටක දෙකකට ද, විනය වෙනම පිටකයක් වශයෙන් ද ඒකමතික සම්මුතියෙන් සජ්ඣායනා කළහ.

එහෙයින් සම්බුද්ධ භාෂිතය එතැන් සිට තුන් පිටකයක් (ත්‍රිපිටකය) ලෙසින් ව්‍යවහාරයට ගෙන ජනගත වී ඇත.

මෙහිලා සූත්‍ර පිටකය ධර්මස්කන්ධ 21000 වශයෙන් ගෙන නිකාය (කොටස්) පහකට බෙදා ඇත. ඒ අනුව දීඝ, මජ්ක්‍ධිම, සංයුක්ත, අංගුත්තර හා ඛුද්දක පාඨ ලෙසින් අවබෝධයට පහසු කර ඇත.

මෙයින් අංගුත්තර නිකායට අයත් එකේ සිට 11 දක්වා වූ නිපාත (පරිච්ඡේද) එකළොසකින් සංගෘහිත වේ. මෙහි සූත්‍ර වශයෙන් ගත්විට 9557 පමණ වේ. අංගුත්තර නිකායට අයත් මේ උතුම් සම්බුද්ධ භාෂිතය මෙතැන් සිට කොටස් වශයෙන් අනුපිළිවෙළට, ධර්මරුචික පාඨකයන් වෙත ඉදිරිපත් කෙරේ.

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]