ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් පුර අටවක පෝදා, 2020 දෙසැම්බර් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බෝධීන් වහන්සේ හා දෙමහල් පෝයමලුව (විහාරයට නම් ලැබුණේ මෙම පෝයසීමාව නිසාය)
ලක්දිව මහා විහාර වංශික සඟ පරපුරේ සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කළ විහාරස්ථානයක් ලෙස මහනුවර නගරයෙහි ශ්‍රී දළදා මාලිගාව පෙනෙන මානයේ මල්වතු මහාවිහාරයට ආසන්නයේ පිහිටි උපෝසථාරාමය හෙවත් පෝයමළු විහාරය සඳහන් කළ හැකි ය. ගම්පොළ යුගයෙහි සිව්වන බුවනෙකබාහු රජතුමා විසින් ග්‍රාමවාසී හා වනවාසී මහා සංඝයා වහන්සේලාගේ පහසුව පිණිස කරවූ උඩුනුවර ලංකාතිලක රාජමහා විහාරය ලක්දිව මහාවිහාර වංශික සඟ පරපුරෙහි මූලස්ථානය වශයෙන් පැවති අන්දම එම විහාරයේ සෙල්ලිපියෙන් හෙළි වෙයි. ලංකාතිලක විහාරයේ වාසය කළ හිමිවරුන් පසුව මහනුවරට වැඩම කොට පෝයමළු විහාරයේ වාසය කළැයි යනු පිළිගැනීමයි.ගම්පොළ රජ පෙළපතින් පැවත ආ වීරවික්‍රම හෙවත් සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් බුද්ධ වර්ෂ දෙදහස් අසූ පහේ දී කෝට්ටේ රාජධානියේ පාලනයෙන් මිදුණු ස්වාධීන පාලකයකු වශයෙන් සෙංකඩගලපුරයෙහි සිට පාලන කටයුතු ආරම්භ කරන ලද බව මහාවංසය, රාජරත්නාකරය, මල්වතු රාජාවලිය, කඩදොර සීට්ටුව, පල්කුඹුරේ විහාර සන්නස වැනි මූලාශ්‍ර මගින් හෙළිදරව් වෙයි. පාලන කටයුතු ආරම්භ කළ වකවානුවේදී ම සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් රජ මැදුරට දකුණු දෙසින් සර්වඥ ධාතු නිධන් කොට දාගැබක් බඳවා, පිළිම ගෙයක් සහිත දෙමහල් උපෝසථාගාරයක් හා සංඝාවාස තනවා ඊට අතිරේක ව නා නා දිශාවන්හි විහාරස්ථාන අසූ හයක් කරවා සතර දිග් භාගයෙන් වැඩමවන ග්‍රාමවාසී සහ වනවාසී හිමිවරුන් වෙත පුද කළ පුවත සඳහන් වෙයි.
දෙසැම්බර් 21 සඳුදා අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ. සඳුදා සිල්..
පුර අටවක
දෙසැම්බර් 21
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]