ලංකාවේ බෞද්ධ ස්තූප 21:
කිහිරි උද්‍යානයේ ඉදි වූ කිරි වෙහෙර වහන්සේ
මුනින්දො නිසින්නො යහිං දෙවතානං
සමෙතාන මග්ගං සුදෙසෙසි ධම්මං
මහාසෙන දේවස්ස සම්මානනීයං
නමෙ කාචරග්ගාහම ථූපස්සඨානං
‘බුදුරජාණන් වහන්සේ යම් තැනෙක වැඩ හිඳ දෙවියන්ට ධර්මය දේශනා කළ සේක් ද, ඒ ස්ථානයෙහි
බඳනා ලද, මහසෙන් දෙවියන් විසින් කර වූ, පිදිය යුතු වූ කතරගම කිරිවෙහෙර වඳීමි.‘
මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම නගරයේ කිරිවෙහෙර ස්තූප වහන්සේ පිහිටා තිබේ. කතරගම
පුදබිමෙහි ඉතිහාසය බුද්ධ කාලය තෙක් ඈතට දිව යන්නකි. සොළොස්මස්ථානයන් අතර දහසය වැනි
ස්ථානය, නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇත්තේ කතරගම කිරිවෙහෙර ස්තූප වහන්සේ
ය.
ජනප්‍රවාදයට අනුව ක්‍රි. පූ. 580 දී බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනයේ දී
කැලණි පුද බිමට වැඩි ගමනේ දී කතරගමට ද වැඩම කළ බව සඳහන් වේ.
ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් ආකාරයට ක්‍රි. පූ. තුන්වන සියවස වන විට මෙහි පැවතියේ
ප්‍රාදේශික රාජ්‍යයකි. එය ක්ෂත්‍රීය වංශික රජවරුන්ගේ පාලනය යටතේ පැවැති බවට සාක්ෂි
වේ. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් කතරගම පුදබිමට ප්‍රදානය කිරීමට හේතු වී ඇත්තේ ,
දේවානම්පියතිස්ස රජු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩමවන ඒ මහා උත්සවයට
කතරගම ක්ෂත්‍රිය ප්‍රධානියෙක් ද සහභාගි වීම හේතුවෙනි.
ඒ වන විට කතරගම ප්‍රදේශය වඩාත් අවධානයට යොමු වූ ‘ක්ෂත්‍රිය‘ පරපුරට නෑකම් කියූ
ජනාවාසයක් ව පවතින්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. එම බෝධීන් වහන්සේ කතරගම කිරිවෙහෙර
වහන්සේ සමීපයේ දැනට පිහිටා තිබේ.
එලෙස ම මෙහි කඳසුරිඳු දෙවියන් වැඩ සිටින සුප්‍රකට රුහුණු හා කතරගම දේවාලය ද පිහිටා
තිබේ.
මෙම දේවාලය පිළිබඳ ව මෙවැනි ජනප්‍රවාදයක් ද පවතී. දුටුගැමුණු රජතුමා ශ්‍රී ලංකාව
එක්සේසත් කිරීමේ ඒකායන අරමුණෙන් සටන් බිමට අවතීර්ණ වීමට ප්‍රථම කතරගම බෝ සමිඳුන්
වෙත පැමිණ බෝධි පූජා පවත්වා, පඬුරක් ගැට ගසා භාරයක් වූ බව ජනප්‍රවාදයේ පැවසෙයි.
යුද්ධයෙන් ජයග්‍රණය කිරීමෙන් පසු ව දුටුගැමුණු රජතුමා කතරගම දෙවිඳුන් වෙනුවෙන්
දේවාලයක් ඉදි කළ බවත්, වර්තමානයේ කතරගම දේවාලය පවතින්නේ එම ස්ථානයේ ම බවත්
පිළිගැනීමක් තිබේ.
කතරගම ආගමික වශයෙන් කිහිප ආකාරයකින් වැදගත් වන ස්ථානයක් ලෙස ද හැඳීන්විය හැකි ය.
බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩම කළ අවස්ථාවේ එම ප්‍රදේශය “මහාඝෝෂ“ හෙවත් “මහාසේන“
නම් දෙව් රජ කෙනකු විසින් පාලනය කළ බව ද ජනප්‍රවාදවල සඳහන් වන අතර, තවත් තැනක කතරගම
දෙවියන් නමින් පොදු ජන ව්‍යවහාරයේ ප්‍රකට ව සිටින ස්කන්ධ දෙවියන් ද “මහාසේන“ නමින්
හඳුන්වා ඇති බව පෙනේ.
එම නිසා මේ නම් දෙකින්ම හැඳීන්වෙන්නේ එකම දෙවි කෙනකු බවත්, ඒ ස්කන්ධ දෙවියන් ම බවත්
අනුමාන කිරීමට හැකි සාක්ෂි දක්නට ලැබේ.
එකල මෙම ස්ථානය කිහිරි වනයකි. බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා
සමඟින් වැඩම වූයේ මෙම කිහිරි වනයට ය. රජතුමාගේ මේ කිහිරි උද්‍යානයේ රහතන් වහන්සේ
සමඟින් මොහොතක් සමවත් සුවයෙන් වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට කිහිරි
උද්‍යානයට පැමිණි ‘මහාසේන‘ දෙවියන් ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ
සේක. ධර්මය ඇසූ දෙවියන් සෝවාන් ඵලයට පත් වුයේ යැයි ද සඳහන් වේ.
පසුව රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීම පරිදි කේශ ධාතු මිටක් ලබා දුන් බව ද
සඳහන් වේ. එම කේශ ධාතූන් වහන්සේ සහ පාරිභෝගික ආසනය ද තැන්පත් කර කිරිවෙහෙර ස්තූපය
ඉදි කළේ යැයි සඳහන් වේ.
ධාතු වංශය ආදි ග්‍රන්ථයන්හි සඳහන් වන ලෙස බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මෙම ස්ථානයේ
මුලින් ම ස්තූපය ඉදිකරන ලද්දේ ක්‍රි. පූ. 1 වෙනි සියවසේ රුහුණේ රජ කළ ‘මහානාග‘ රජු
විසින් යැයි සැලකේ. ‘කිහිරි වනයේ‘ ඉදිකළ මෙම ස්තූපය ‘කිහිරි වෙහෙර‘ නමින් ද, පසුව
එය ‘කිරිවෙහෙර‘ නමින් ද ප්‍රකට වූ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ.
ඉතිහාසයේ වරින්වර ගරා වැටෙමින් ද, යළි ප්‍රතිසංස්කරණය කරමින් ආරක්ෂා කළ කතරගම
කිරිවෙහෙර ස්තූපය අවසන් වරට පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරනු ලැබූයේ වර්ෂ 1961 දී ය.
ස්තූපයේ උස අඩි 96 ක් ද, වට ප්‍රමාණය අඩි 280ක් බව ද සඳහන් වේ.
දීපා පෙරේරා |