[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මිහින්තලා පුද බිම

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

මෙවර කඨින චීවර පූජා මහෝත්සවය රජයේ හා වෛද්‍ය උපදෙස් අනුවයි

කඨින චීවර මහා පුණ්‍ය මහොත්සවය රාජ්‍ය උත්සවයක් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 07 හා 08 යන දිනයන්හි ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ සිටින පොළොන්නරුවේ ඓතිහාසික සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයෙහි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. සම්බුද්ධ ශාසනයේ පවතින්නා වූ අට මහා කුසල් අතර අති ශ්‍රේෂ්ඨතම මහා පුණ්‍ය කර්මය කඨින මහා පින්කමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විනය නීතිවලින් සමන්විත, චාරිත්‍රානුකූලව වර්ෂයකට එක් වරක් පමණක්, එකම විහාරස්ථානයක සැදැහැවතුන්ගේ මූලිකත්වයෙන් සිදුකරන එකම පින්කම කඨින මහා පුණ්‍යෙත්සවය යි. මෙම වර්ෂයේ දී පෝය දහතුනක් යෙදීම නිසා වස්සාන ඍතුව මුල් කරගෙන ම එම විනයානුකූල වස් සමාදන් වීම සිදු කළ යුතු හෙයින් භික්ෂූන් වහන්සේ පසුගිය නිකිණි පොහෝ දිනට පසුදින හෙවත් අගෝස්තු මස තුන්වැනි දින වස් සමාදන් වීම සිදු කළ අතර, වප් පුර පසළොස්වක පොහොය දෙකක් මෙම වර්ෂයේ යෙදී ඇති හෙයින් ද 2020 ඔක්තෝබර් තිස් වැනි (30) දින අපර භාග 5.48 ට පුර පසළොස්වක පොහොය ලබා තිස්එක් (31) වැනි දින අපරභාග 8.20 ට පොහොය නිමාවන හෙයින් නිකිණි පොහෝ දිනට පසුදින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ ඔක්තෝබර් 31 වැනි දින වස් පවාරණය කළ යුතු වේ. එතැන් පටන් කඨින චීවර පූජා මහෝත්සවය පැවැත්විය හැකිය. එහිදී රට තුළ පවත්නා කොරෝනා වසංගතය නිසා රජයේ හා වෛද්‍ය උපදෙස් අනුව සෑම ගමක ම පිහිටි විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේ හා දායක පින්වත් පිරිස සීමා කොට කඨින පින්කම සඳහා කළ යුතු චාරිත්‍ර විධි ඒ අයුරින් ම මැනවින් ඉටු කරමින් නොවැම්බර් මස 29 වැනි දිනට යෙදී ඇති ඉල් මස පොහොය තෙක් ම, සුරක්ෂිත ලෙස කඨින පින්කම් සිදු කළ යුතු ය.

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම් පුණ්‍ය මහෝත්සවය මිහින්තලා පුදබිමේ දී

ශිෂ්ඨාචාරය,භාෂාව,වාරි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේ‍ත්‍රයන්ගේ දියුණුවක් ඇති වෙමින් අප රටේ ශිෂ්ඨ සම්පන්න ජාතියක් බිහිවූයේ අනුබුදු මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කරවීමත් සමඟ ය. ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලාංකාව පුරා ව්‍යාප්ත කළ බුදු දහම නිසාම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලෙස ජනතාවගේ වන්දනයට හා ගෞරවයට පාත්‍රවී වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා දෙදහස් දෙසිය අසුව වැනි (2280) සංවත්සරය යෙදී තිබෙන්නේ අද (23) දිනට ය. මේ ඒ පිළිබඳව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් දැක්වු අදහස් ය.’’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් මිහින්තලා රජ මහා විහාරස්ථාන පුදබිමේ පිහිටි මිහිඳු මහා සෑය,ධාතු මන්දිරය,මිහිඳු ගුහාවට යන පියගැට පෙළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා. එලෙස ම මෙම උතුම් දිනයේ දී ආගමික වතාවත් සිදු කරනමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ධර්ම දේශනාව:

තමන්ගේ පිහිට සලසා ගත යුතු තමා ම ය

කිංසු ජනෙති පූරිසං – කිංසු තස්සවිධාවති - කිංසු සංසාරමාපාදි – කිංසු තස්ස පරායණං, තණ්හා ජනෙති පුරුසං –චිත්තමස්ස විධාවතී - සත්තො සංසාරමාපාදි – කම්මං තස්ස පරායණං, අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ, දිනක් මධ්‍යම රාත්‍රිය ඒකාලෝක කරගෙන එක්තරා දේවතාවෙක් පැමිණියා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවා. මොනවාද ඒ ප්‍රශ්නෙ?. ‘කිංසු ජනෙති පුරිසං’ සත්වයා උපදවන්නේ කවුද? කිංසු තස්ස විධාවති. ඒ සත්වයාගේ එහා මෙහා දුවන්නේ කුමක්ද? කිංසු සංසාරමාපාදි සංසාරයට ආවේ කවරෙක්ද? කිංසු තස්ස පරායනං ඔහුට පිහිට වන්නේ කවුද? යන ප්‍රශ්න හතරයි මේ දේවතාවා අහන්නේ. මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දීලා තියෙනවා. තණ්හා ජනෙති පුරිසං සත්වයා උපදවන්නේ තෘෂ්ණාවයි. චිත්ත මත්ත විධාවතී. සංසාරයේ දුවන්නේ ඔහුගේ සිතයි. සත්තො සංසාරමාපාදි. සංසාරයට ආවේ සත්වයායි. කම්මංතස්ස පරායනං. ඔහුට පිහිට වන්නේ කර්මයයි.

 

සදහම් ආලෝකයෙන් හෙළදිව එළිය කළ අනුබුදු මිහිඳු මා හිමි ගුණ කඳ සිහිකරමු

කෙළෙහිගුණ දත් සත්පුරුෂයන් වශයෙන් ගිහිපැවිදි අපි කවුරුත් ලක්දිවට සියලු ශාසනික දායාදයන් ලබාදුන් උත්තම මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ සමුදාය සිහිකරමු. සෑම නිවසක ම, ආයතනයක ම බෞද්ධ ධජය ඔසවමු. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වාදුන් සදහම් මඟෙහි ගමන් කරන්නට වඩවඩාත් උත්සාහවත් වෙමු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් සංදේශය අපගේ මාතෘ භූමියට දායාද කොට වදාළේ, දීපප්පසාදක මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. පරම පූජනීය කල්‍යාණමිත්‍රයාණෝ වශයෙන් ලක්දිව වැසියන් කෙරෙහි කළ මහා ශාසනික අනුග්‍රහය නිසාවෙන් උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ නමක් වැනි ය. ගෞතම සම්මා සම්බුදු සසුන බබුළුවාලූ ශ්‍රීමත් මොග්ගලීපුත්තතිස්ස මහරහත් මුනිඳුන් තෙවන ධර්ම සංගායනාව සමාප්ත කොට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතන් වහන්සේලාට මෙසේ පැවසූහ. “ඔබ වහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාද්වීපයට වැඩමකොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවව්...” යනුවෙනි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගත වූ පසු පොසොන් පුන් පොහෝ දිනක ලක්වැසියන්ට අමා දහම් වැසි වස්සවනු පිණිස, අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ සේක.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk