පිරිවෙනටත් බුදුසරණ
අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී
අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත
තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන
ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම
පිටුව වෙන් කෙරෙන අතර
සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.
****
සංවරය
මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක හා
විධායක කාරක සභික
අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ
ජාතික පිරිවෙන් උපදේශක
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශී‍්‍ර රාහුල හිමි
සසුන් ගත වූ භික්ෂූන් වහන්සේ සතු අයිතිය නම් සංවරය, ප්‍රහාණය, භාවනාව සහ අනුරක්ෂනාව
යන සතර පධං වීර්යය රක්ෂා කළ යුතු බවයි.
භික්ෂූන් වහන්සේ නමක් තුළ පැවතිය යුතු මූලික ලක්ෂණ මේ අනුව සිතා ගත හැකි ය. මනාව
පිළිවෙත් පිරීම, ඍජුව පිළිවෙත් පිරීම, ගරු බුහුමනට සුදුසු ලෙස පිළිවෙත් පිරීම යන
සිවු ගුණය ද උන්වහන්සේ තුළ පැවතිය යුතු ය. සසුන්ගත වූ භික්ෂූන් වහන්සේ ගිහියන් මෙන්
පපුව ඉදිරියට නෙරා, ගෙල ඍජු කරගෙන සූළලිත ආකාරයෙන්, අඟර දඟර පා පියවර තබමින්, උසුළු
විසුළු කරමින්, දොඩමලු ගතියෙන් ගමන් කිරීම සුදුසු නොවේ.
ඈත මෑත බලමින් ගමන් කිරීම නුසුදුසු ය. දිය පිරූ බඳුනක් කරත්තයක තබා විෂම මාවතකින්
ගෙන යන කල්හි යම් සේ ගමන් කළ යුතු ද, එමෙන් සංවරව ම ගමන් කළ යුතු ය. මේ භික්ෂුවක්
තුළ පැවතිය යුතු තවත් ලක්ෂණයන් ය.
දුටුවන් නෙත් සිත් පහදවන ඉදිරි ගමනින් ද, පෙරළා ඊමෙන් ද, ඉදිරි බැලීමෙන් ද, අනු
දිගුන් බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, අත් පා දිග හැරීමෙන් ද යුතුවැ යටට හෙළූ
නෙත් ඇති ඉරියව්වෙන් සමන්විත වූ කල්හි භික්ෂුව ශෝභන පෙනුමක් ඇත්තෙක් වන්නේ ය.
මේ ලක්ෂණවලින් යුතු භික්ෂූන් වහන්සේ සිවුරු හැඳීම, පෙරවීම පවා සේඛියාවේ සඳහන් වූ
සැටියෙන් සිදු කළ යුතු වේ. පිරිමඩුලු කොට නික්මීමෙන් ද, මහත් කොට සිනහ පහළ
නොකිරීමෙන් , ඒ මේ අතට සිරුර පද්දවා නොයාමෙන් ද, උකුළෙහි දෙයක් නොගසා ගැනීමෙන් ද,
හිසවසා පොරවා යෑමෙන් ද වැළකී, පතුල් අගින් හෝ , විළුඹෙන් හෝ යෑමෙන් වැළකී සන්සුන් ව
හැසිරිය යුතු ය.
මෙවැනි ලක්ෂණයන්ගෙන් සමන්විත භික්ෂූන් වහන්සේ පාත්‍රය ද පරිහරණය කළ යුතු ය. පාත්‍රය
පිඬුසිඟා වැඩීමටත්, පිණ්ඩපාතය වැළඳීමටත් උපයෝගී වන භාජනය යි. උපසම්පදාව ලබන
භික්ෂූන් වහන්සේට තුන් සිවුර මෙන් ම පාත්‍රය ද අවශ්‍ය වන බව සිහි තබා ගත යුතු
යුතුයි.
මේ අයුරින් ආරණ්‍ය සේනාසනවල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා භාවිත කරන චීවර ධර්ම
විනයානුකූලව සකස් කරගෙන ඇති බව පෙනේ.
චීවරය කසට පැහැයෙන් යුක්ත විය යුතු ය. විවිධ පැහැයෙන් යුත් චීවර භික්ෂූන් වහන්සේට
නොගැළපේ. තුන් සිවුරම එක් පැහැයකින් සකස් විය යුතුයි. මේ කරුණු පිළිබඳ ව භික්ෂුව
තරයේ සිතිය යුතු වේ.
****
පිරිවෙන් අවසාන විභාග
සත්කාරක වැඩසටහන් මාලාවක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සමගාමී ව පැවැත්වෙන මූලික පිරිවෙන්
අවසාන විභාගය සඳහා මේ වන විට පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්
ම ගිහි දරුවෝ සූදානම් වෙමින් සිටිති. ලංකාව පුරා විසිරී ඇති පිරිවෙන්වල අධ්‍යාපනය
ලබන විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පිරිවෙන් ඒකකයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් මට්ටමින්
පිරිවෙන් සහකාර අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණය මත විවිධ සම්මන්ත්‍රණ, සාකච්ඡා වැඩසටහන්
පැවැත්වේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් අවසාන විභාග සත්කාරක සම්මන්ත්‍රණ මාලාව දින 07 ක්
පුරා පසුගිය දා හෝමාගම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා ශිෂ්‍ය භික්ෂූන්
වහන්සේලා 160 නමක් සහභාගි වූහ. කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යක්ෂ පූජ්‍ය
මාදෝවිට වජිරබුද්ධි හිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය මත කොළඹ දිස්ත්‍රික් පිරිවෙන්
සම්බන්ධීකරණ අධ්‍යක්ෂ කොටනෙළුවේ පුඤ්ඤානන්ද හා මඩුපොත සරණතිස්ස යන හිමිවරුන්ගේ
මඟපෙන්වීම මත ගුරු උපදේශක මණ්ඩලය හා පරිවේණාධිපති කෘත්‍යාධිකාරි සංගමය මගින් මෙම
සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර තිබිණ.
****
ප්‍රාචීන ශාස්ත්‍රාලය - විද්‍යොදය පිරිවෙන
ප්‍රබෝධවත් වූ භික්ෂු බලය
පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය
අද පළවන්නේ මෙම ලිපියෙහි අවසාන කොටසයි.
එදා වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට පානදුරාවාදය ජය ගැනීමට හැකියාවක්
ලැබුණේ ද බෝධිසත්ත්‍වගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සපයා දුන් දැනුම්
සම්භාරය නිසා බව අවිවාදයෙන් සියලු දෙනා පිළිගන්නා සත්‍යයකි.
නූතනයේ භාවිත වන බෞද්ධ කොඩිය පවා නිර්මාණය වූයේ විද්‍යොදය පිරිවෙන තුළ ය. එබැවින්
රටටත්, සමාජයටත්, ධර්මශාස්ත්‍රයටත් මහඟු මෙහෙවරක් කළ ස්ථානයක් ලෙස විද්‍යොදය
පිරිවෙන එකහෙලා සඳහන් කිරීමට සාධකයක් ‘ශ්‍රී සුමංගල චරිතය’ තුළ දැකිය හැකි ය.
“ක්‍රිස්තු ලබ්ධිකයන්ගේ ද, මුස්ලිම් ලබ්ධිකයන්ගේ ද අධික බලය යටතේ පැවති කොළඹ
නගරයෙහි බෞද්ධ බලය යන්තමින් පැවතියා වූ ද, භික්‍ෂු බලය අප්‍රාණික ව පැවැතියා වූ ද ඒ
අවාසනාවන්ත කාලයෙහි මේ පිරිවෙන ආරම්භ කිරීමෙන් බෞද්ධ බලය ශක්තිමත් විය. භික්‍ෂු බලය
පුනර්ජීවනය ලද්දේ ය. සිංහල බලය ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගත්තේ ය. සැදැහැවතුන් හට
භික්‍ෂු දර්‍ශනයට ද, ධර්මශ්‍රවණයට ද, පුණ්‍යකර්ම–කරණයට ද පහසුකම් ලැබුණේ ය.”
(සුමංගල චරිතය-202 පිට)
විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
වල්පොල පියරතන හිමි
****
පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ |