UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැති ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 24 වන වරටත් සංවිධානය කරන ලද අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියසදී ඉකුත් 14, 15, 16 තෙදින පුරා ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහයෙන් පැවැත්විණි. ඊට විද්‍යුත් මාධ්‍ය දායකත්වය දෙරණ ටී.වී. වෙතිනි. එම වෙසක් කලාපයට වෙසක් පහන් කූඩු තරග හා ප්‍රදර්ශනය, වෙසක් සැදැහැ ගීත සහ ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී සහ දන්සැල් ද ඇතුළත් විය.

ඉතිරිය»

ආනාපානසති භාවනාව පුරුදු කරමු

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කර, ‘මහණෙනි, යම් කිසිවකු විසින් ආනාපාන සති භාවනාව වඩයි නම් හෙතෙම ශාන්ත පැවැත්මක් ඇති අයකු බවට පත්වෙයි. සැපසේ වාසය කරන අයකු බවට පත්වෙයි යහපත් පුද්ගලයන් ඇසුරු කරන අයකු බවට පත්වෙයි. එසේම ඔහුගේ යම් යම් අකුසල කර්ම විපාක නැතිවීමටද හේතු වෙයි යනාදී වශයෙන් ආනාපාන සති භාවනාවෙහි වැදගත්කම පෙන්වා දුන්හ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වාග් සුචරිතයෙන් ජීවිතයට ආලෝකය

ධම්ම පදයෙහි ලෝකවග්ගයෙහි සඳහන් ඉහත ගාථාවෙන් බොරු කීමෙහි බරපතළකම අවධාරණය කර ඇත. මිනිසා ත්‍රිවිධ ද්වාරය පදනම් කරගෙන ක්‍රියා කරයි. ඒවා කර්ම ජනනය කරයි. කර්ම පුනර්භවයන් ඇති කොට නැවත කර්ම රැස් කිරීමෙන් සසර දිග්ගසනු ඇත. මේ නිසා ඥානවන්ත පුද්ගලයා තිදොර සංවර කරගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. එම ත්‍රිවිධ ද්වාරය සංවර කරගන්නා ම සසරෙන් මිදෙනා බව ධම්මපදයෙහිම ප්‍රකාශිතය.

ඉතිරිය»

රට ගිය මුදියන්සේගේ රට ගිය වලව්ව දීපදුත්තමාරාමයයි

අවිවේකී කොළඹ අගනගරයේ එක් ඉසව්වක උස්වූ ගොඩැල්ලක් මත සෑදුණා වූ දීපදුත්තමාරාම පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ උතුරු කොළඹ, කොටහේනේ සංකීර්ණ පරිසරයක් මධ්‍යයේ ය. කොටහේනේ ‘රට ගිය වලව්ව‘ නමින් වූ මහ මන්දිරය ගොඩනැඟෙන්නේ ඕලන්ද යුගයේ දී මීට වසර 230කටත් එපිටදී ය.

ඉතිරිය»

බණ්ඩාරගම කිඳෙල්පිටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]