තායිලන්තයේ බුද්ධාගම සහ භික්‍ෂු සමාජය
මෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක
පත්‍රයේ පළ විය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
බෞද්ධ භික්‍ෂූන් වෙත ලබාදී ඇති අධ්‍යාපනික පහසුකම් හේතුකොටගෙන බෞද්ධ
ආයතන ශක්තිමත් වනවා වෙනුවට භික්‍ෂූන් සිවුරු හැර යෑමේ ප්‍රවණතාවක්
උද්ගතවී ඇතැයි වැඩි වරප්‍රසාද ලත් ගිහියන් වෙතින් විවේචන එල්ලවී ඇත.
ඔවුන්ගේ විවේචනයන් නම් සත්‍යතාවයක් පවත්නා වුව ද දුගී පුද්ගලයෙකු
පැවිදිබව නොලබා වෙනත් ආකාරයෙන් අධ්‍යාපනයක් ලබාගත හැක්කේ කොහින්දැ’යි
යන ප්‍රශ්නය ඔවුන් විසින් ඇසිය යුතුය. පැවිදි බව ලැබීම සමාජයේ
අභිවෘද්ධියට හේතු වේ යන අදහසට නැඹුරුවෙමින් වර්තමාන තත්ත්වය ආරක්‍ෂා
කිරීමට ඉහළ මට්ටමේ පරිපාලන භික්‍ෂූන් ඉදිරිපත් වී ඇත. ඔවුන් විසින්
තවදුරටත් ගෙනහැර පා ඇත්තේ මෙය ධර්මය ප්‍රචලිත කිරීම හා සම්බන්ධ බව හා
පැවිද්දන් හෝ ගිහියන් අතර වුවද අධ්‍යාත්මික හා ලෞකික අභිවෘද්ධියට දායක
වීම පිණිස අධ්‍යාපනය ලත් සදාචාරාත්මක භික්‍ෂූන් පුහුණු කිරීමක් බවය.
උපාධිය ලැබූ තරුණ භික්‍ෂුවක් මුහුණ දෙන තත්වය කුමක් ද? බෞද්ධාගම පිළිබඳ
මනා අවබෝධයක් ඔහු විසින් ලබා තිබිය හැකි අතර එහි සමාජයීය කාර්යයන්
පිළිබඳ කිසියම් හැඟීමක් ඔහු ලබා තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.
උපාධිධාරීන් බොහෝ දෙනෙක් ප්‍රගතිශීලී අදහස් පෙන්නුම් කරමින් ඔවුන් ලැබූ
අධ්‍යාපනය අන් අය වෙත බෙදාදීමට අපේක්ෂා කරති. ඔවුන් භක්තිමත් දහමට ලැදි
බෞද්්ධයන් විය හැකි ය. එහෙත් ඔවුන් පන්සල් තුළ රැදී සිිටිමින් සිය
අපේක්‍ෂාවන් කෙසේ ශාක්සාත් කරගනීද?
තායි පැවිදිභාවය යම් සීමාවකට ඉතා නිදහස් මතධාරී, ඉවසිලිවන්ත එකක් වුව ද
ඉන් ඔබ්බට එය බෙහෙවින් ආධිපත්‍යය දනවන සුළු ස්තරිභූත, වැඩිහිටි අදහස්
මගනොහරින ආයතනයකි. සංඝ සංස්ථාවෙහි උසස්තම ආසනයන්හි මද වශයෙන්
ප්‍රගතිශීලී සාමාජිකයන් දක්නට ඇති අතර බෞද්ධ විශ්වවිද්‍යාල කාර්ය
මණ්ඩලයෙහි ප්‍රගතිශීලීත්වය දැඩි ලෙස දක්නට නොලැබුණ ද පාලන තන්ත්‍රයෙහි
ස්වභාවය සාම්ප්‍රදායික හා විධිමත් ස්වභාවයක් උසුලයි.
නිවැරැදි අවස්ථාවෙහි දී නිවැරැදි උත්සව පවත්වමින් පවත්නා සමාජය කෙරෙහි
බුද්ධ ධර්මයෙහි මූලික අගය වටහාදීමක් නොකිරීම හේතු කොටගෙන මෙය ආගමින්
තොර ස්වභාවයක් උසුලයි. කලක් තායි සමාජය මුළුමනින්ම නිරූපනය කළ භික්‍ෂු
පැලැන්තිය හා සම්ප්‍රදායයන්ට ගරුසරු දැක්වීම අදටත් එපරිදිම ආගමික
ආයතනයන්හි දක්නට ලැබෙන අතර ඒ අනුව තායි ආයතනයක් තුළ භික්‍ෂුභාවය
බෙහෙවින්ම පැරැණි ස්වරූපයක් නිරූපනය කෙරෙතැ’යි නිශ්චය කෙරේ. උත්සව හා
සාම්ප්‍රදායන්ගෙන් බැහැරව එයට නායකත්වයක්, දර්ශනයක්, අරමුණක් හෝ
පිබිදීමක් දක්නට ලැබෙන්නේ අඩු වශයෙනි. එවැනි වාතාවරණයක් තුළ දීප්තිමත්
තරුණ කොටස් වලට ක්‍රියාත්මක වීමට හෝ ප්‍රතිසංවිධානය වීමට ඉඩ ප්‍රස්ථා
පවත්නේ මද වශයෙන්ය.
එහෙත් වර්තමානයෙහි දෙස් විදෙස් අධ්‍යාපනය ලැබූ උගත් භික්‍ෂූන් වහන්සේලා
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන කාර්යයක් ඉටු කරති.
|