UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - අංක 17 භාරතීය සංස්කෘතියෙහි විවාහ අර්ථකථනය

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - අංක 17

භාරතීය සංස්කෘතියෙහි විවාහ අර්ථකථනය

හින්දු සමාජයේ විවාහ සංස්ථාව තුළ බිරිඳට හිමිකර දී ඇත්තේ ඉහළ ගෞරවයකි. පිරිමියාගේ කාන්සිය දුරුකරන්නේ බිරිඳ විසිනි. සැබෑ ගෘහය ලෙස අර්ථවත් කරන්නේ උළුවලින් සෙවිලි කළ, ගඩොලින් වටකළ ගොඩනැගිල්ලක් නොව, බිරිඳයි. බිරිඳක් නැති ගෘහය හඳුන්වා ඇත්තේ වනයක් ලෙයසි.

“න ගෘහං ගෘහමිත්‍යාහුං
ගෘහණි ගෘහමුච්චතේ
ගෘහඤ්ච ගෘහණී
හීනමාරණ්‍ය සදෘශම් මම”
(තෛත්තරීය බ්‍රාහ්මණය)

විවාහ දිවිය සම්පූර්ණත්වයට පත්වන්නේ දරු සම්පත් ලැබීමෙන් පසුවය. හින්දු පිළිගැනීමට අනුව මෙලොව උපන් මිනිසා ණය තුනක් ගෙවිය යුතු ය. එම ණය වර්ග තුන මෙසේ ය. සෘෂි ණය, දේවතා ණය හා පිතෘ ණය වශයෙනි. සෘෂිවරුන්ගේ ණය බඹසර හැසිරීමෙන් ද, දේවතා ණය යාගයෙන් ද, පියවරුන්ගේ ණය දරුවන් ලැබීමෙන් ද ගෙවෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව විවාහ දිවියේ දී දරු සම්පත් කෙතරම් වැදගත් වන්නේ ද යන්න මින් පැහැදිලි වෙයි. එමෙන්ම තමාට ලැබෙන දරුවන් රැක බලා ගනිමින් ඔවුන්ට නිසි මඟ පෙන්වමින් සමාජයට යහපත් පුරවැසියන් ලෙස දායාද කිරීම අඹු - සැමි දෙදෙනාගේම සාමූහික ප්‍රයත්නයක් බව අවධාරණය කරයි.


පසුගියදා අපගේ අවධානය යොමුවූයේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාත පාලියෙහි ඇතුළත් මල්ලිකෝවාද සූත්‍රයෙහි සඳහන් ස්ත්‍රී වර්ගීකරණයන් පිළිබඳව විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමු වන්නේ හින්දු සංස්කෘතියෙහි (භාරතයේ) විවාහය පිළිබඳ ආකල්පයන් බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි සඳහන් වන අයුරු විමසා බැලීමටයි.

පිරිමියෙකු සම්පූර්ණ වන්නේ බිරිඳක් සරණ කර ගැනීමෙන් පසුව බව භාරතීය පිළිගත් මතයකි. විවාහ වන තෙක් පිරිමියා ජීවිතයේ කොටසක් පමණක් ලෙස සලකයි. මෙය ‘අර්ධනාරීශ්වර සංකල්පය’ ලෙස හඳුන්වයි. පාර්වතිය ශිව දෙවියාගේ අර්ධයක් ලෙස හින්දූහු විශ්වාස කරති. විවාහයෙන් පසු ගත කරන ස්ථිරසාර විවාහ දිවිය හඳුන්වන්නේ පරමෝත්කෘෂ්ට විවාහය ලෙසයි. පරමෝත්කෘෂ්ට විවාහය යනු ශිව දෙවියන් හා පාර්වතීය ගත කරන විවාහ දිවියටයි. මෙයින් ස්ථිරසාර විවාහ දිවියේ අර්ථවත් බව කෙතරම් ද යන්න වටහාගත හැකියි.

භාරතීය පිළිගැනීමට අනුව ජීවිතයක ප්‍රධාන අවස්ථා හතරක් ඇත. ඒවා හඳුන්වා ඇත්තේ ‘සංස්කාර’ ලෙසය. ඒවා මෙසේ ය.

ජාතිකර්ම හෙවත් උපතේ දී සිදුකළ යුතු වත් පිළිවෙත්,
උපනයනය හෙවත් ආධ්‍යාත්මික ජීවිතයකට ඇතුළත්වීම,
විවාහය, අන්ත්‍යෝෂ්ටි හෙවත් අවමඟුල් චාරිත්‍ර

මීට අමතරව නාමකරණය, අන්තප්‍රාසන, විද්‍යාරම්භ ආදී තවත් සංස්කාර කිහිපයක්ද දක්වා ඇත. එහෙත් ප්‍රධාන සංස්කාර වන්නේ මුලින් සඳහන් කළ චතුර්විධ සංස්කාරයන්ය. මේ චතුර්විධ සංස්කාරණයන් අතර විවාහයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එනම් පුරුෂයා හා ස්ත්‍රිය සම්පූර්ණ වන්නේ විවාහයෙන් පසුව වීමයි. හින්දු සංස්කෘතියට අනුව කාන්තාවන් වර්ග දෙකකි. එනම්,

බ්‍රහ්මවාදිනී – විවාහයට පත් නොවී යාගහෝම කරමින් කටයුතු කරන කාන්තාවන්

සදෙය්‍යාවධූ - විවාහයට පත්ව දරුවන් හදාවඩා ගනිමින් කටයුතු කරන කාන්තාවන්

මුල් කාලයේ දී කාන්තාවන්ට විවාහ නොවී වේදය හදාරමින් කටයුතු කිරීමට අවස්ථාව තිබුණේ ද, පසුව එය වෙනස් වී කාන්තාවකට විවාහ වීම අනිවාර්ය කොට ඇත. විවාහ නොවන කාන්තාවන් පාපී මෙන්ම අවාසනාවන්තියන් ලෙස සලකා ඇත. එය දීර්ඝතමස් යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම විවාහ නොවන පිරිමින්ට ද සමාජය එතරම් සැලකිල්ලක් දක්වා නැත. තෛත්තරීය බ්‍රාහ්මණයේ සඳහන් පරිදි බිරිඳක් නැති පිරිමියා යාග පූජාවන්ට නුසුදුසු අයෙක් ලෙස සලකා ඇත.

හින්දු සමාජයේ විවාහ සංස්ථාව තුළ බිරිඳට හිමිකර දී ඇත්තේ ඉහළ ගෞරවයකි. පිරිමියාගේ කාන්සිය දුරුකරන්නේ බිරිඳ විසිනි. සැබෑ ගෘහය ලෙස අර්ථවත් කරන්නේ උළුවලින් සෙවිලි කළ, ගඩොලින් වටකළ ගොඩනැගිල්ලක් නොව, බිරිඳයි. බිරිඳක් නැති ගෘහය හඳුන්වා ඇත්තේ වනයක් ලෙයසි.

“න ගෘහං ගෘහමිත්‍යාහුං - ගෘහණි ගෘහමුච්චතේ
ගෘහඤ්ච ගෘහණී – හීනමාරණ්‍ය සදෘශම් මම” (තෛත්තරීය බ්‍රාහ්මණය)

විවාහ දිවිය සම්පූර්ණත්වයට පත්වන්නේ දරු සම්පත් ලැබීමෙන් පසුවය. හින්දු පිළිගැනීමට අනුව මෙලොව උපන් මිනිසා ණය තුනක් ගෙවිය යුතු ය. එම ණය වර්ග තුන මෙසේ ය. සෘෂි ණය, දේවතා ණය හා පිතෘ ණය වශයෙනි. සෘෂිවරුන්ගේ ණය බඹසර හැසිරීමෙන් ද, දේවතා ණය යාගයෙන් ද, පියවරුන්ගේ ණය දරුවන් ලැබීමෙන් ද ගෙවෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව විවාහ දිවියේ දී දරු සම්පත් කෙතරම් වැදගත් වන්නේ ද යන්න මින් පැහැදිලි වෙයි. එමෙන්ම තමාට ලැබෙන දරුවන් රැක බලා ගනිමින් ඔවුන්ට නිසි මඟ පෙන්වමින් සමාජයට යහපත් පුරවැසියන් ලෙස දායාද කිරීම අඹු - සැමි දෙදෙනාගේම සාමූහික ප්‍රයත්නයක් බව අවධාරණය කරයි.

කාලිදාසයන්ගේ අදහසට අනුව භාර්යාව විවාහ දිවිය ඔපවත් කරන්නියකි. සඳරැස් සඳ සමගම ගමන් කරයි. වළාකුළු සම¼ග විදුලිය සැඟවෙයි. එමෙන්ම ස්ත්‍රිය ද ස්වාමියාගේ මගම ගමන් කළ යුතු ය. මෙය පිළිගත් සමාජ ධර්මයයි.

“ශශිනා සහ යාති කෞමුදි - සහ මේඝෙන් තඩිත් ප්‍රලියතෙ
ස්ත්‍රියා පතිවර්තාමගා ඉති – ප්‍රතිපන්නා විචේතනෛරපි” (කුමාරසම්භව මහාකාව්‍ය)

විවාහ ජීවිතයක් යනු හුදෙක් රෝස මල් අතුල මාවතක් ඔස්සේ ගමන් කිරීමක් නොව, පැමිණෙන කරදර බාධක බෙදා හදා ගනිමින් අඹු, සැමි දෙදෙනාම විවිධ කැපකිරීම් කරමින් ගත කළයුතු දිවියකි. විශේෂයෙන් විවාහ දිවිය සාර්ථක කර ගැනීම උදෙසා භාර්යාව ස්වාමියාට වඩා කැපකිරීම් කළ යුතු ය. එමෙන්ම සැපෙන් කිසිදාක සැප නොලැබීය හැකි බවත්, යහපත් ස්ත්‍රිය දුකෙන් සැප ලබා ගන්නා බව මහාභාරතයේ වනපර්වයේ දී මෙසේ පෙන්වා දෙයි.

“සුඛං සුඛෙන න ජාතු ල්‍යභං - දුක්ඛෙන සාධිවි ලභතෙ සුඛානි” (මහාභාරතයේ - වනපර්වය)

විවාහය පුරුෂයකුගේ හා ස්ත්‍රියකගේ එක්වීමක් වුවද එහි ප්‍රතිඵලය මුළු සමාජයටම බලපාන්නකි. විශේෂයෙන් විවාහයෙන් පසු ඔවුන්ට ලැබෙන දරුවන් මුළු සමාජයේම වගකිවයුත්තන් බවට පත්වේ. එබැවින් දෙමාපියන්ගේ යහපත් චර්යාවන් දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා එකහෙලාම බලපෑම් කරයි. දෙමාපියන්ගේ අයහපත් චර්යාවන් දරුවන්ගේ පෞරුෂ වර්ධනයේ අවනතියට හේතු වන අතර එය භාරතීය සමාජයෙහි හඳුන්වන්නේ දරුවන් කරන සතුරුකමක් ලෙසය. එනම් ණය වන පියා දරුවන්ට සතුරෙකි. සමාජ අසම්මත ක්‍රියා ඇති මව දරුවන්ට සැතිරියකි.

“සෘණකර්තා පිතා ශත්‍රෘඞ - මාතාව ව්‍යභිචාරිනි” (හිතෝපදේශ)

යහපත් බිරිඳ සැමියාට සතුට හා සැපත ගෙන දෙමින් විවාහ දිවියේ සාර්ථකත්වයට උරදිය යුතු ය. විවාහයෙන් පසු බිරිඳ ස්වාමියාට ගෘහණියක්, ඇමැතිනියක්, යෙහෙළියක්, රහස් කතාවන්හි එකතුවන්නියක් මෙන්ම සෞන්දර්යය කලාවන්හි එකතුවන පි‍්‍රය ශිෂ්‍යාවක් වශයෙන් කටයුතු කළ යුතු බව කාලිදාසයන් රඝුවංශ මහාකාව්‍යයේ දී පෙන්වා දී ඇත.

“ගෘහණී සච්චා සඛී මිථා - පි‍්‍රය ශිෂ්‍යා ලලිතෙ කලා විධෞ” (රඝුවංශ මහාකාව්‍ය)

විවාහයක දී සැමියෙකු තෝරා ගැනීමේ දී කාන්තාව, ඇගේ පියා, ඇගේ මව මෙන්ම ඥාතීන්ද ඔහු වෙතින් බලාපොරොත්තු වන දේ මහාභාරතයේ මෙසේ සඳහන් කොට ඇත.

කන්‍යා වරයතේ රූපම් – මාතා විත්තම් පිතා ගෘතම්
ඛාන්ධවාඞ කුලමිච්චන්ති – මිෂ්ටාන්තම් ඉතරේ ජනාඞ

කාන්තාව තම ස්වාමියාගෙන් බලාපොරොත්තු වන්නේ රූපයයි. පියා උගත්කම බලාපොරොත්තු වෙයි. මව බලාපොරොත්තු වන්නේ ධනයයි. කුලයේ උසස් බව ඥාතීන්ගේ බලාපොරොත්තුවයි.

විවාහය සෑම විටම සතුට හා සමෘද්ධිය ගෙන දේ යැයි සිතුවත් එය සත්‍යයක් ලෙස පිළිගත නොහැක. ඊට හේතුව විශේෂයෙන් භාරතයේ ඇතැම් අවස්ථාවන්හි ලංකාවේත් ඇතැම් කාන්තාවන් විවාහයට එළඹෙන්නේ දෑසේ කඳුළු සලමිනි. එයට හේතුව එම කාන්තාවන් තම හිමිකාරයාගේ මුහුණ දකිනුයේ එය පළමුවරට වීමත්, ඒ සියල්ල දෙමාපියන්ගේ අවශ්‍යතාවන්ට අනුව සිදුකිරීමත් නිසාය. මෙසේ අන්‍යෝන්‍ය අවබෝධයකින් තොරව විවාහයට එළැඹෙන අඹු සැමියන්ගේ විවාහ දිවිය සාර්ථකකමට ඇතැම්විට කලක් ගත වේ. සමහරවිට විවාහ දිවියේ අතරමඟ ස්වාමියා විසින් බිරිඳ අතහැර යන අවස්ථාවන්ද ඇත. එසේ වුවහොත් ජීවිත කාලයම කාන්තාවට සිදුවන්නේ හුදෙකලාව ගත කිරීමටයි. සාම්ප්‍රදායික භාරතීය සමාජය තුළ කාන්තාවක් දෙවන වර විවාහයක් සිදු කරගන්නේ කලාතුරකිනි. එය සමාජ අසම්මතයක් ලෙස සලකන බැවිනි.

එය එසේ වුවත් අවුරුදු පනහ ඉක්මවූ ඇතැම් බමුණන් විවාහ කරගෙන ඇත්තේ සොළොස් හැවිරිදි තරුණියන්ය. ඔවුන්ට කිහිප වතාවක් විවාහවීමේ අවස්ථාව ද හිමි වී ඇත. එයින් කාන්තා පක්‍ෂයට සිදුවන්නේ අගතියකි. බුදුදහම එය දකින්නේ පිරිහීමේ ලක්‍ෂණයක් ලෙසය.

“අතීත යොබ්බනෝ පොසෝ ආනේති තිම්බරුත්ථනිං
තස්සා ඉස්සා න සුපති තං පරාභවතො මුඛං” (පරාභව සූත්‍රය)

තරුණවිය ඉක්ම වූ යමෙක් නව යොවුන් වියට එළැඹි තරුණියක් විවාහ කර ගන්නේ ද, ඔහුට ඇය නොගැළපෙන බැවින් මුළු රාත්‍රිය නිදිවර්ජිතව අන්‍යයන්ගෙන් ඇය ආරක්‍ෂා කිරීමට තම මුළු කාලයම කැපකිරීමට සිදුවේ. එය ඔහුගේ පිරිහීමට හේතු වේ.

මතු සම්බන්ධයි,


තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 16 ඊර්ෂ්‍යාවෙන් තොර වුවොත් ලැබෙන සම්පත් බහුලයි

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]