බුදු උපත පිළිබඳ
ඓතිහාසික මුලාශ්‍ර
මෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
වර්ෂ 2013 නොවැම්බර් මස 30 වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ
දුර්හම් විශ්වවිද්‍යාලයේ (Durham University) පුරාවිද්‍යා
මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුළු පිරිස විසින් මෙම ස්ථානයේ කළ
කැණීමකින් පැරැණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ
ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ.550ට අයත් බව ස්ථීරවම ඔහු
විසින් නිගමනයකොට තිබේ. මෙම වැට පැරැණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති
අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික
කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ
කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක් ද මේ සඳහා
සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත
නිවැරැදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරැදි මත
දුරුකරලීමටත්
සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති
නිරවද්‍යබව වඩාත් තහවුරු
කරලීමටත් හේතු වූ බව ද කිව යුතුය.
ක්‍රි.ව.3/4 සියවස්වලට අයත් ගල් කැටයමක සල් වෘක්ෂයක් අල්වාගෙන සිටින
මායාදේවියගේ රුවක් සහිත බුදු උපත සනිටුහන්ව තිබීම ද බුදු උපත ගැන මතකය
යුගකරණය තුළ පැවැති ආකාරය දැක්වීමට නිදසුන් ලෙසින් පෙන්විය හැකිය. බුදු
උපත සිදුවූ වෘක්ෂය ගැන අදහස් මුලාශ්‍ර තුළ මෙසේ පැවැතිය ද ථෙරවාදි
සම්ප්‍රදාය පිළිගනු ලබන්නේ සල් වෘක්ෂයක් යට බුදු උපත සිදු වූ බවය.
කලියුග වර්ෂ 2478 වෙසක් මසැ පුරපොහෝ ලත් ඉරිදා උදයාදි එකොළොස් පෑ
විනාඩි හතරට වීසා නැකතින් කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් බෝසත් උපතයැයි
කෞමාර නාඩිවාක්‍යයේ දැක්වේ. උන්වහන්සේගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10
දින පහළවක් බව එහිම දැක්වේ.
බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි
බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදු වූ ආකාරය ගැන ඇති
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත්
සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක
අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු
වූ බව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රජ වර්ෂයේ දී මෙම ස්ථානයට ආ
බවත් ශාක්‍යමුනි වූ බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි
ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භගවතුන් වහන්සේ මෙහි
ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත් එහි
දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු
ලුම්බිණියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය
පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා
දුටු බව හියූං-සියෑං දක්වයි. එකළොස්වන දොළොස්වන සියවස්වල දී පාල රජුන්
විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා
දෙයි.
ලුම්බිණියේ දී අශෝකයන් විසින් ඔසවන ලද ස්ථම්භය අඩි 22 අඟල් 4ක් උසය.
ශිලා ලේඛනය, පාදයේ සිට අඩි 9 අඟල් 8 කි. පාදයේ විශ්කම්භය අඩි 8 අඟල්
3කි. ශිලා ලේඛනය ඇති කොටසේ විශ්කම්භය අඩි 7 අඟල් 6 කි. මුදුනේ
විශ්කම්භය අඩි 6 අඟල් 5 කි. බුදු උපතින් වසර 329කට පසු අශෝකයන් විසින්
කුලුනක් ඔසවා ශිලා ලිපියක් මඟින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි
ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.
වර්ෂ 1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකු වන ඒ.ෆිහියුරේ
(A.Feuhrer)
විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත
මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින්
අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි
මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි
කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස
දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින් ද මෙම
ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයන් තබා ඇත.
වර්ෂ 2013 නොවැම්බර් මස 30 වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ
දුර්හම් විශ්වවිද්‍යාලයේ (Durham University)
පුරාවිද්‍යා මහාචාර්ය
රොබින් ඛනිංහැම් මහතා ඇතුළු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින්
පැරැණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට
අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ.550ට අයත් බව ස්ථීරවම ඔහු විසින්
නිගමනයකොට තිබේ. මෙම වැට පැරැණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ
අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික
කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ
කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක් ද මේ සඳහා
සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත
නිවැරැදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරැදි මත
දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍යබව වඩාත් තහවුරු
කරලීමටත් හේතු වූ බව ද කිව යුතුය. |