තුන් ලොව තතු ලෙස දත්
ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ
මෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්
මෛත්‍රි විහාරස්ථානයේ
මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි
මේවා අතර දුර ප්‍රමාණය හා කාලය පිළිබඳ බුදුරදුන් දැන දැක
ප්‍රත්‍යතක්ෂකර ගෙන සිටියත් එය මිනිස් අනුභූතියට පමණක් නොව දෙවියන්ගේ
බ්‍රාහ්මණයන්ගේ අනුභූතියටත් හසුනොවන නිසා ලෝකය අනමතග්ග හෙවත් සිතින්
සිතාවත් අවබෝධ කරගත හැකි දෙයක් නොවන බවත් පැහැදිලි කොට විශ්වයේ අන්තය
අනන්තය පිළිබඳ ප්‍රශ්න අව්‍යාකත ප්‍රශ්න ලෙස සලකා පිළිතුරු දීම
ප්‍රතික්ෂේප කළහ. මේ අනුව බුදු රදුන්ගේ අවකාශ ලෝකය පිළිබඳ ලොකවිදු
වන්නාහ.
මීළඟට බුදු රජාණන් වහන්සේ සත්ත්ව ලෝකය පිළිබඳව මැනවින් දුටුවාහ. එය ද
සාමාන්‍ය මිනිස් ඇසට ගෝචර වන්නක් නොවන නිසා එසේම සිතින් සිතාවත් පසක්
කරගත නොහැකි නිසා සත්ත්ව විෂය අචින්තනීය වේ. එහි මුලක් මැදක් අගක්
කෙළවරක් පිළිබඳව දැකිය නොහැකි නිසා සිතිය නොහැකි නිසා (අන+මන්+අග්ග)
අනමතග්ග වන්නේය. එබඳුවූ සත්ත්ව විෂයක් පිළිබඳව බුදු රජාණෝ ලෝකවිදූ වූහ.
අනන්ත අප්‍රමාණ වූ ඕකාස ලෝකයේ ඉහත කී එක ලෝකධාතුවක හෙවත් එක
සක්වළක(චක්‍රාවාටයක) සත්ත්ව භූමි තිස් එකක් ඇත.
එය අපාය භූමි සතරකින්ද, සුගති භූමි සතකින් ද ප්‍රථම ධ්‍යාන භූමි
තුනකින්, ද්විතීය ධ්‍යාන භූමි තුනකින් තෘතිය ධ්‍යාන භූමි තුනකින්,
චතුර්ථධ්‍යාන භූමි සතකින් හා පංචමධ්‍යාන අරූපාවචර භූමි සතරකින් ද
සමන්විත මේ සත්ත්ව භූමි තිස් එක පිළිබඳවත් සෙසු සක්වල යන්හි වෙසෙන
අනන්ත අප්‍රමාණ සත්ත්ව ලෝක පිළිබඳවත් බුදුන්වහන්සේ දුටු නිසා උන්වහන්සේ
ලෝකවිදූ නම් ගුණයෙන් හැඳින්වේ.
බුදුරදුන් දුටු මේ සත්ත්වභූමි තිස් එක පිළිබඳව සැකෙවින් දැනගැනීමෙහිලා
වැදගත් වනු ඇත. යමෙක් මේ පිළිබඳව නොදැන සිටීමෙන් බුදු ගුණ පිළිබඳව සැක
සංඛා ඇති කරගැනීම සම්‍යක් දෘෂ්ටියට ඉමහත් බාධාවකි. ඒ තිස් එකක් වූ
සත්ත්ව ලෝකය මෙසේ ය.
1.අපාය සතරකි.
i නරකාදිය
ii තිරිසන් ලෝකය iii ප්‍රේත ලෝකය
iv අසුර ලෝකය
2. කාම සුගති ලෝක සතකි.
i මනුෂ්‍ය ii චාතුර්මහා රාජික
iii තාවතිංසය iv යාමය මතුසිතය මඪ
නිම්මානරතිය මඪඪ පරනිම්මිත වසවත්තිය
3. ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක තුනකි
i බ්‍රහ්ම පාරිසජ්ජ ii බ්‍රහ්ම පුරොහිත
iii මහාබ්‍රහ්ම
4. ද්විතීය ධ්‍යාන භූමි තුනකි
i පරිත්තාභ ii අප්‍රමාන ආභ
iii ආභස්සර
5. තෘතිය ධ්‍යාන භූමි තුනකි
i පරිත්ත සුභ ii අප්‍රමාණ සුභ
iii සුභ කිණ්ණක
6. චතුර්තධ්‍යාන සතකි
i වෙහප්පල ii අසඤ්ඤසත්ත
iii අවිහ iv අතප්ප
v සුදස්ස vi සුදස්සි
vii
අකනිටිඨ
7. පංචම ධ්‍යාන අරූපාවචර භූමි සතරකි
i ආකාසාන ඤ්චායතන ii විඤ්ඤාණ ඤ්චායතන
iii ආකිඤ්චඤ්ඤායතන iv නෙව සඤ්ඤා නා සඤ්ඤායතන
යනු මේ සත්ත්ව භූමි හෙවත් සත්ත්ව ලෝක තුළ තිස් එක් වැදෑරුම් වේ. අප
බුදුරදුන් මේ සත්ත්ව ලෝකයන්හි පැවැත්ම පැවැත්මට හේතු සහ ඒ
සත්ත්වලෝකයන්ගේ විනාශය හා විනාශයට හේතුන් සියල්ල දුටු බැවින්
උන්වහන්සේගේ ලෝක විදූ ගුණය සාමාන්‍ය මිනිසාගේ විෂය දැනුමට වඩා එහා ගිය
බැවින් එය විෂයාතික්‍රාන්තය.
මීළඟට බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් තෙවෙනි ලෝක විෂය වන්නේ සංඛාර
ලෝකයයි. සංඛාර ලෝකය යනු ඉහතින් දැක්වූ අවකාශය හෙවත් විශ්ව ධාතුන් හා ඒ
විශ්වයේ වෙසෙනා සත්ත්ව ලෝක පිළිබඳ භෞතික හා මානසික හෙවත් නාම රූප
ධර්මයන් පිළිබඳ යථාභූත වශයෙන් ලැබූ අවබෝධයයි. එක් සක්වලක කොතරම් සඳහිරු
තාරකා තිබේද ඒ සක්වල ධාතුන් අනන්ත අප්‍රමාණ වන අතර ඒ පිළිබඳ අවබෝධය ලත්
බුදුන් වහන්සේ ඒවායෙහි වෙසෙන සත්ත්ව වර්ගවල අනන්ත අප්‍රමාණ බවද
දුටුවාහ. අපගේ දෘශ්‍යමය විෂයට ගොදුරු කළ හැකි ගැඹුරු මුහුදු පත්ලක
වෙසෙන සත්ත්වයෝ කොතරම් ද? සමහර සත්ත්වයෝ ශාඛාවන් වැනිය. සමහර සත්ත්වයෝ
ස්ථාවර පාෂාණ වැනියහ. කුඩා අන්වීක්ෂයකින් බැලූ විට ගසක පත්‍රයක කොතරම්
ක්‍ෂුද්‍ර සත්ත්වයෝ වෙසෙත්ද? මේ අපගේ මසැසට ගොදුරු කරගත හැකි සත්ත්වයෝ
ය. එහෙත් භාවනා මගින් හෙවත් අතින්ද්‍රිය ප්‍රත්‍යක්යෙන් (අභිඥ 1 මගින්
දැකිය හැකි ලෝකයේ සත්ත්වයන් කොපමණක් වේද? මේ සියල්ල අප බුදුරදුන් දුටු
නිසා උන්වහන්සේ ලෝකවිදූ වූවාහ.
සංඛාර ලෝකය යනු මේ අනන්ත වූ සත්ත්ව ලෝකයෙන් අවකාශ ලෝකය හෙවත්
විශ්වධාතුන්ගෙන් පවත්නා ධර්මතාවන්ය. ඒ සියල්ල දෙවියකුගේ බ්‍රහ්මයකුගේ
හෝ ඕපපාතිකව ඉබේම හටගත් දේවල් නොව හේතුප්‍රත්‍ය ධර්මයන්ට අනුව හටගන්නා
දේවල් බව බුදුරදහු දුටුවාහ. බිඳෙන පලුදුවන සියල්ල ලෝකය වශයෙන් නිර්වචනය
කොට දක්වන බුදුන් වහන්සේ විශ්වයේ අවකාශයේ ආරම්භය ගැන එහි දිග පළල
පිළිබඳව නඟන ප්‍රශ්න නිසරු අරුත් රහිත දේ ලෙස සලකා ඒවාට පිළිතුරු දීම
පසෙක තැබූහ. අනන්ත සසර දුක් විඳින සත්ත්වයන් එසේ දුක්විඳීමට හේතුව පසක්
කරගත් බුදු රජාණන් ඒ සසර දුකෙන් මිදීමේ මඟ පසක් කරගෙන සෙසු සත්ත්වයන්
දුකෙන් එතෙර කිරීමට වසර 45ක් ධර්මය දේශනා කළහ. ලෝකයත් ලෝකයේ හටගැනීමත්
ලෝකයෙන් නිදහස් වීමත් එයට මාර්ගයත් බුදු රජාණන් වහන්සේ ලොවට පැහැදිලි
කළහ.
මේ නිසා බුදු රදුන්ගේ ලෝක විදු ගුණය ඉවහල් වනුයේ අපගේ සංසාර දුකෙන්
අත්මිදීමට විනා ඒ ලෝක විෂය දැක විශ්මයට පුදුමයට පත්වීමට නොවේ. අද වැනි
දවසක බුදුරදුන්ගේ ලෝකවිදු ගුණය අවබෝධ කරගත යුත්තේ ඒ නිසා ය.
|