ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

පින්බර ඇසළ පුන් පෝ දිනෙක...

ලෝකවාසී පොදු ජනතාව ආගමික වතාවත්වල නිරත වන දිනයක් පමණක් නොව, සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ඉවහල් වූ ඓතිහාසික සිදුවීම් සමුදායක් සිහිපත් කරන අති උත්තරීතර දිනයකි, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය. පස් මහ බැලුම් බලා මහාමායා දේවියගේ කුසෙහි සිදුහත් බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනක ය. තව්තිසා දෙව්ලොව සන්තුසිත නම් දිව්‍යරාජයා ව ඉපදී සිටිය දී මනුස්ස ලෝකයට වැඩම කරන ලෙස දිව්‍ය බ්‍රාහ්මණයන් විසින් කරන ලද ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළේ අද වැනි දිනක ය. ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීමේ පරම අභිලාෂයෙන්, රාජ්‍ය සැපත සහ සසර බැදීම් සියල්ල අතහැර උන්වහන්සේ ගිහිගෙයින් නික්ම ගියේ ද ඇසළ පෝ දා ක ය. එය මහා පරිත්‍යාගයකි. සතර පෙර නිමිති දැක ජීවිතය පිළිබඳ සත්‍ය සෙවීමේ අභිලාෂය ඇති ව සියලු රජ සැප හැර දා ගිය ගමන මහාභිනිෂ්ක්‍රමණය ලෙස හැඳීන් වේ. යශෝධරා දේවියට දරුවකු ලැබුණු බව රාජ පුරුෂයකු පවසන්නේ සිදුහත් කුමරු උයන් කෙළියට ගොස් සිටිය දී ය. මෙම පණිවිඩය ඇසූ විගස ම සිදුහත් කුමරුගේ මුවින් පිට වූයේ “රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං’’ යනුවෙනි. රාහුලයෙක් ඉපදුණා බැම්මක් ඇතිවුණා යනුවෙන් ඒ කළ ප්‍රකාශය නිසා අලුත උපන් කුමරාට රාහුල යන නම තැබීය. “නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා, නිබ්බුතා නූන සා නාරී යස්සායං ඊදිසො පතී” යනුවෙන් කිසාගෝතමිය විසින් නිබ්බුත පද කීවේ ද අද වැනි දිනක ය. බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ලොවට හෙළි කළහ.

පින් පුරන පින් වැඩෙන වස්සානයේ ඇරඹුමයි

බුද්ධ ශ්‍රාවක යන උත්තම පිරිස කොටස් හතරකට එක්ව භාවිත කරන පොදු ව්‍යවහාරයක්. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන මේ සිවුවනක් පිරිසට ම බුදුරජාණන් වහන්සේ වරින් වර නොයෙක් පැනවීම් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පළමු වස්කාල 20 තුළ උන්වහන්සේ එවැනි කිසි ම නියමයක්, පැනවීමක් කර නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාලය තුළ සංචාරක වශයෙන් භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන ඒ ඒ ප්‍රදේශවලට වැඩම කරමින් ජනපද චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුණා. වැහි කාලය එළැඹෙන කොට උන්වහන්සේ පමණක් වස් සමාදන් වුණා. සෙසු භික්ෂූන් වහන්සේට එවැනි පැනවීමක් සිදු කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතිරි වස් 25 කාලය සැවැත්නුවර මුල් කර ගෙන ජේතවනාරාමයෙහිත්, පුර්වාරාමයෙහිත් තමන් වහන්සේ ඇසුරු කරමින් සිටින භික්ෂූන් වහන්සේ සමඟ වස් සමාදන් වී කාලය ගත කළා. සෙසු භික්ෂූන් වහන්සේ හා භික්ෂුණීන් වහන්සේ ඒ ඒ ප්‍රදේශවල වස් වසා එය ආරක්ෂා කර ගෙන ක්‍රියා කළා. ඉතින් වස් විසීම කියන මේ වස් සමාදානය අවුරුද්ද තුළ ඕනෑම කාලයක සිදු කරන්නට පුළුවන්කමක් නැහැ. වස් කාලය යනුවෙන් කියැවන්නේ වැසි කාලය යි.


බුදුරජාණන් වහන්සේගේ පළමු පළමු දම් දෙසුම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. සංයුත්ත නිකාය නම් ධර්ම ග්‍රන්ථයෙහි ඇතුළත් වන මෙම සූත්‍රය බුද්ධත්වයට පැමිණි අලුත ඉසිපතන මිගදායේ දී පස්වග මහණුන් අරබයා දේශනා කරන ලද්දකි. ලෝකයට මුල්වරට මගඵලවලට පත් ආර්යන් වහන්සේ බිහිවන්නේ මෙම සූත්‍රය ඇසීමෙනි. ධම්මචක්කප්පවත්තන යන වචනයෙහි තේරුම් කිහිපයක් ඇත. ඉන් එකක් වන්නේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම හෙවත් ධර්මය ලොව තුළ පළමු වරට ක්‍රියාත්මක කිරීම යන්නයි. එවකට දර්ශනවාදවලින් පිරි ඉන්දියාවේ සිටි කිසිදු ආගමික ශාස්තෘවරයකු විසින් විවරණය නොකොට තිබූ දහමක් මුල්වරට ලෝකයා හමුවේ බුදුන් වහන්සේ විසින් පළමුවරට දේශනා කොට තිබීම මෙම සූත්‍රයේ විශේෂත්වයයි. එබැවින් මෙම සූත්‍රයේ සමස්ත ලෝකයට ම අදාළ වන ගැඹුරු හා වටිනා දාර්ශනික ඉගැන්වීමක් හා දුක ඉක්මවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අන්තර්ගත වේ. තවද මෙම සූත්‍රය දේශනා කරන ලද්දේ අද වැනි ඇසළ පුන් පොහෝ දිනක ය. ගෞතම බෝසතුන් විසින් ඉතා දුෂ්කර චර්යාවකින් පසු ව දසමරුන් පරදවා මතු කර ගන්නා ලද ධර්මය කාමයෙහි ගිජු වූ මිනිසාට...

 

තථාගතයන් වහන්සේගේ පහළවීම දුර්ලභ වන සේක

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කාලයෙහි එක් දවසක් බුද්ධෝපස්ථායක වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේ විවේකී ව කාලය ගත කරන්නා වූ අවස්ථාවෙක්හි මෙසේ කල්පනා කරන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ආජානීය හස්තීහු ඡද්දන්ත කුලයෙහි හෝ උපෝසථ කුලයෙහි උපදින්නාහු යැයි දේශනා කළ සේක. ආජානීය අශ්වයෝ සින්ධව කුලයෙහි හෝ වලාහක අස්සරාජ කුලයෙහි උපදින්නාහු ය. ආජානීය වෘෂභයෝ දක්‍ෂිණාපථයෙහි උපදින්නාහු ය, යන වශයෙන් ආජානීය හස්ති, අශ්ව, වෘෂභයන් උපදින ප්‍රදේශ මේ මේ යැයි ප්‍රකාශ කොට තිබේ. එහෙත් පුරුෂාජන්‍යයන්ගේ උත්පත්ති ප්‍රදේශ පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට ඇත්තේ නැත. ඒ නිසා ඒ කරුණ බුදුරජාණන් වහන්සේගෙන් අසා දැන ගන්නෙමි යි සිතා බුදුරජාණන් වහන්සේ වෙත අවුත් සකසා වැඳ, මෙසේ ප්‍රකාශ කළහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස හස්තාජානීය, අශ්වාජානීය, වෘෂභාජානීය සත්ත්වයාගේ උත්පත්ති ප්‍රදේශ ප්‍රකාශ කොට ඇතත්, පුරුෂාජානීයයන්ගේ උත්පත්ති ප්‍රදේශ ප්‍රකාශ කොට නොමැත. ඒ නිසා පුරුෂාජානීයයෝ කිනම් ප්‍රදේශයෙක්හි උපදින්නාහු දැයි ප්‍රකාශ කොට වදාළොත් මැනවැයි කීහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]