බෞද්ධයා නාලිකාවේ පින්කම් මාලාවක්
 බෞද්ධයා රූපවාහිනී නාලිකාවට දහ නව වසරක් පිරීම හා බෞද්ධයා ගුවන්විදුලියට පහළොස්
වසරක් පිරීම සහ බෞද්ධයා නාළිකාවේ සභාපති බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේගේ ජන්ම
සංවත්සරය ද නිමිත්තෙන් ඉකුත් දා (10) කොළඹ විජේරාම මාවත හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි
කටයුතු පුහුණු හා පර්යේෂණ ශ්‍රවණාගාරයේ දී පුණ්‍ය උත්සවයක් පැවැත්විණි.
එහිදී ධර්ම දේශක ස්වාමීන් වහන්සේ සඳහා පුහුණු වැඩමුළුවක් සිදු කෙරිණි. මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමියන් සහ මහාචාර්ය මාවතගම පේමානන්ද හිමියන් විශේෂ දෙසුම්
පැවැත්වූහ.
අනතුරුව මහා යතිවරයාණන් වහන්සේ දහසය නමක් වෙත ගෞරව නාම සම්මාන පිරිනැමුණු අතර, එක්
ගිහි භවතකු සඳහා ගෞරව නාම සම්මානයක් ද පිරිනමන ලදි.
ඒ අතර දිවියාගහ යසස්සි නාහිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි, මහෝපාධ්‍යාය
ගංතුනේ අස්සජි මහ නාහිමි, කිහිඹියේ විජිත නාහිමි, මාතලේ ධම්මකුසල අනු නාහිමි,
මීතලාවේ විනීත නාහිමි, බෝතලේ ඤාණිස්සර නාහිමි, ආචාර්ය බළන්ගොඩ සෝභිත නාහිමි, තලගල
සුමන රතන නාහිමි, ගැටහැත්තේ සෝභිත නාහිමි, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද
නාහිමි, පානකාවේ පේමරතන නාහිමි, ඕමාරේ කස්සප මහා නාහිමි, මහාචාර්ය දේවාලේගම
මේධානන්ද නාහිමි, මහාචාර්ය මාවතගම පේමානන්ද නාහිමි, ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි
ධර්මදීපනී ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලැබූහ. එම ගෞරව නාම සම්මාන බොරලන්දේ වජිරඤාණ
හිමියන් විසින් මහ සඟරුවන වෙත පිළිගන්වනු ලැබූහ.
මෙහිදී නහීල් විජේසූරිය මහතා වෙත දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් ගෞරව නාම සම්මානය
ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ සුරතින් පිරිනැමිණි.
බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම මහතා විසින් ස්තූති කතාව
සිදු කළේ ය.
අනතුරුව ශ්‍රී සම්බෝධි මහා විහාරයේ දී ඖෂධ පූජාව, රඳාවඩුන්නේ ඤාණවිමල හිමියන්්
විසින් පවත්වනු ලැබීය.
බෞද්ධ පත්රකලා විශාරද
සීසර් සුදුසිංහ |