සෝලියස් මෙන්ඩිස් සිතුවමකිනි

දුරුතු අමාවක

ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා
පූ.භා. 01.21 න් ගෙවේ.
18 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

චින්තාමය ප්‍රඥාවට උපකාරී වන ධර්ම සාකච්ඡාව

බුද්ධ ධර්මය ප්‍රඥාගෝචර ධර්මයකි. නුවණින් විමසා බලා පිළිගත යුතු ධර්මයෙකි. නුවණින් විමසා නොබලා පිළිගන්නැ යි ඉගැන්වීමක් බුදු දහමේ නොමැත. යමෙකුට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද? නැද්ද? කියා සැකයක් විමතියක් පහළ වුවොත් ඒ සැකය විමතිය ඇති ව සිටින්නේ නැති ව කළ යුත්තේ කුමක්දැ යි ප්‍රකාශ කොට වදාළ බුදුරජාණන් වහන්සේ “වීමංසකෙන භික්ඛවේ, භික්ඛුනා පරස්ස වේතොපරියායං අජානන්තේන තථාගතෙ සමන්නෙසනා කාතබ්බා ‘සම්මා සම්බුද්ධො වා නො වා’ ඉති විඤ්ඤාණාය” පරසිත් නො දන්නා වූ, විමසනු කැමැති භික්‍ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ (සර්‍වඥ) ද නැද්දැ යි සැකයක් පහළ වුවොත් ඒ සැකය ඇතිව වසන්නේ නැතිව තථාගතයන් වහන්සේ කෙරෙහි සොයා බැලිය යුතුය යැයි වීමංසක සූත්‍රය තුළින් එළිපෙහෙළි කළ සේක. කාලාම සූත්‍ර දේශනාවෙන්ද ඒ බව පැවසූ සේක. අන්ධ විශ්වාසයක් බුදු දහමේ නොමැත. මැනැවින් කරුණු තේරුම් කරගෙන බුදු දහම කෙරෙහි පහන් සිත් ඇතිකර ගත් අන්‍යාගමිකයන්ට (උපාලි ගෘහපති වැනි අයට) පවා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාළේ “අනුවිච්චකාරං ඛො, ගහපති, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොති” ගෘහපතිය, හොඳීන් කරුණු වටහාගෙන පහදින්න. කරුණු තේරුම් ගෙන පැහැදීම ඔබ වැනි ප්‍රසිද්ධ අයට සුදුසු ය යනුවෙනි.බුද්ධ කාලයෙහි “දම්සභා” නමින් ධර්ම සාකච්ඡාවන් සඳහා රැස්වන සිරිතක් තිබිණ. භික්‍ෂුන් වහන්සේ එහි රැස්වී ධර්මය පිළිබඳ ව ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවන්නා වූ ප්‍රධාන කටයුත්ත විය. ඔය කී දම් සභාවට බුදුරජාණන් වහන්සේ ද වැඩම කොට, තමන් වහන්සේ එහි සැපත් වනවාට කලින් කවර කතාවකින් යුතුව හුන්නාහුදැ යි භික්‍ෂුන්ගෙන් විචාරා, ඊට අවශ්‍ය ප්‍රකාශ කරන සේක. බුද්ධ ධර්මය නො සඟවා විවෘත කළ තරමට බබළන්නේ යැයි බුදුරජාණන් වහන්සේ ම, මෙසේ වදාළ සේක.

පුරාතන අරියවංස උත්සවය

අරියවංස සූත්‍රය දේශනා කිරීම පුරාතන ලාංකේය බෞද්ධ සමාජය තුළ ඉතා හරසරින් පැවැත්වූ මහෝත්සවයක් විය. ඒ පිළිබඳ පුරාණ සෙල්ලිපිවලින්ද පාලි අට්ඨකතාවලින්ද කරුණු අනාවරණය වෙයි. ක්‍රි.ව. 5 වැනි ශත වර්ෂයට පෙර ද ඉන් පසුවද අරියවංසය ජනපි‍්‍රය ධර්ම දේශනාවක් පමණක් නොව බෙහෙවින් ගරුකොට සැලකූ සූත්‍රයක් වූ බවද පෙනෙතැයි මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ ‘ලක්දිව බුදු සමයේ ඉතිහාසය’ කෘතියේ දී පෙන්වා දෙති. අංගුත්තර නිකායේ උරුවේල වග්ගයෙහි ආරියවංස සූත්‍රය හමුවෙයි. මෙය “චත්තාරො මේ භික්ඛවෙ අරියවංසා” යනුවෙන් භික්ෂුන් වහන්සේ අමතා දේශනා කරවූවකි. ධර්මාශෝක, අධිරාජයා ස්වකීය භාබ්‍රැ ලිපියෙහි මෙම සූත්‍රය “අලියවසානි” යනුවෙන් නම් කොට එය භික්ෂු භික්ෂුණීන් පමණක් නොව ගිහි පිරිසද අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් බව සඳහන් කර තිබේ. ලංකාවේ සිදු කෙරුණු මෙම අරියවංස උත්සවය ධර්මාශෝක යුගයේදී දඹදිව පිළිපැදි සිරිතකින් පැවත අවුත් ලංකාවට ද ක්‍රමයෙන් හුරුපුරුදු වී මෙරට බොහෝ කලක් තිස්සේ පිළිපැදුණු සිරිතක් වී යැයි සිතීමට එමඟින් අනුබලයක් ලැබේ. පූර්වෝක්ත පරිදි අරියවංස සූත්‍රානුගත කරුණු සිවු පිරිසම අනුගමනය කළ යුතු බැවින් අරියවංස සූත්‍ර දේශනාවද ලංකාවෙහි විශේෂ උත්සවයක් ලෙසින් සංවිධානාත්මකව පවත්වාගෙන ආ බව විශ්වාස කළ හැකි ය. අරියවංස උත්සවය පැවැත්වූ සෑම ස්ථානයක ම වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 269 - 291) දාන සාලා පිහිට වූ බව මහාවංසයෙහි සඳහන්ව තිබේ. 4 වැනි සියවසට අයත් තෝනිගල සෙල්ලිපියෙහි අරියවංස උත්සවය ගැන තොරතුරු ඇතුළත් වෙයි. කලහුමනක නම් වෙළෙඳ ශ්‍රේණියෙහි ප්‍රධානියා වූ පහෙජ සිව ඇමැතියාගේ පුත් දේව නමැත්තකු යභිස පර්වත විහාරයෙහි අරියවංස දේශනාව සිදුකරන භික්ෂුන් වහන්සේ උදෙසා සැලසූ ප්‍රත්‍ය පහසුකම් පිළිබඳව එහි කියවෙයි. එහි “ආරියවස කරන මහ බිකු සඟනට” යන පාඨය දැක්වෙයි.

දන් දෙන්නාගේ පරමාර්ථය සිත ලෝභයෙන් මුදා ගැනීමයි

බෞද්ධ දර්ශනයට අනුව දානය යනු අත්හැරීම යි. නැතිනම් පරිත්‍යාගය යි. දානය සංසාර ගමන තුළ අප කාටත් සැප විපාක ළඟා කර ගැනීමට උපකාරක වන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගේ ආරම්භක අවස්ථාවයි. දානය ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට ම බෙදා දැක්විය හැකිවේ. ආමිස දාන යනු ආහාර පාන, වස්ත්‍ර සේනාසන, ගිලන්පස ආදී භෞතික වස්තූන් අවශ්‍යතා ඇති අයට හෝ පූජ්‍ය පක්ෂයේ කා හට හෝ පූජා කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරනු ලබන මල් පහන්, සුවඳ පැන්, ගිලන්පස පූජාවන්ද ආමිස පූජාව වේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් වේ. නමුත් අප කා හටත් මූලිකව ම ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ ආරම්භයක් ලෙසත් සෞම්‍ය වූ චෛතසික පහළ කර ගැනීමේ පහසු ක්‍රමයක් ලෙසත් එමෙන්ම සසර තුළ නිවන් දකින තාක් සැප සම්පතින් ආඪ්‍ය වූ ජීවිත හා සුගති සැප සම්පත් ලැබීමටත් ආමිස දානය උපකාරක වේ. දානං සග්ගස්ස සෝතාණං යන බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ දානය ස්වර්ගයට බවයි. සියලු දානයන්ට වඩා උතුම් දානය ධර්ම දානයයි. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන පාඨයෙන් පැහැදිලි වේ. දහම් කරුණු එය කියාදීම, දහම් පොත්පත් බෙදා හැරීම, ධර්ම මාර්ගය පෙන්වාදීම ධර්ම දානයකි. ඉතා පිරිසුදු චේතනාවකින් මෙම කුසලය සිදු කර ගැනීමට මනාවූ හික්මීමක් තිබිය යුතුය. ධර්ම දානය බලවත් ආනිසංස ගෙන දෙන්නේ එසේ වූ විටය. මන්ද,ධර්මය ප්‍රචාරය කිරීම ආත්ම අභිවෘද්ධිය පිණිස නොව කාරුණිකත්වය, පරාර්ථකාමීත්වය ආදි තැන්හි පිහිටා කළ යුත්තකි. අභය යනු භය නැති කිරීම ය. මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම, බියෙන් සිටින අයට ආරක්ෂාව සැලසීම හා අන් අයට හිංසාවක් නොකර ජීවත්වීම පවා මීට අයත් වේ. ඔබ සමාදන් වන පංච සීලයේ ‘පානාතිපාතා’ සිල්පදයත් අභය දානයට අයත් වේ. දානය පිළිගන්නා පාර්ශ්වය අනුව දානය බෙදා දැක්විය හැකියි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ දක්ෂිණා විභංග සූත්‍රයේ දක්වා ඇති පරිදි මූලිකව ම දානය කොටස් දෙකකට බෙදිය හැකිය. කිසියම් නිශ්චිත පුද්ගලයෙක් හෝ ගණනක් අරමුණු කරගෙන දෙනු ලබන දානය යි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]