ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු අමාවක පෝ දා 2026 ජනවාරි 18 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුද්ධ ධර්මය ප්‍රඥාගෝචර ධර්මයකි. නුවණින් විමසා බලා පිළිගත යුතු ධර්මයෙකි. නුවණින් විමසා නොබලා පිළිගන්නැ යි ඉගැන්වීමක් බුදු දහමේ නොමැත. යමෙකුට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධද? නැද්ද? කියා සැකයක් විමතියක් පහළ වුවොත් ඒ සැකය විමතිය ඇති ව සිටින්නේ නැති ව කළ යුත්තේ කුමක්දැ යි ප්‍රකාශ කොට වදාළ බුදුරජාණන් වහන්සේ “වීමංසකෙන භික්ඛවේ, භික්ඛුනා පරස්ස වේතොපරියායං අජානන්තේන තථාගතෙ සමන්නෙසනා කාතබ්බා ‘සම්මා සම්බුද්ධො වා නො වා’ ඉති විඤ්ඤාණාය” පරසිත් නො දන්නා වූ, විමසනු කැමැති භික්‍ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ (සර්‍වඥ) ද නැද්දැ යි සැකයක් පහළ වුවොත් ඒ සැකය ඇතිව වසන්නේ නැතිව තථාගතයන් වහන්සේ කෙරෙහි සොයා බැලිය යුතුය යැයි වීමංසක සූත්‍රය තුළින් එළිපෙහෙළි කළ සේක. කාලාම සූත්‍ර දේශනාවෙන්ද ඒ බව පැවසූ සේක. අන්ධ විශ්වාසයක් බුදු දහමේ නොමැත. මැනැවින් කරුණු තේරුම් කරගෙන බුදු දහම කෙරෙහි පහන් සිත් ඇතිකර ගත් අන්‍යාගමිකයන්ට (උපාලි ගෘහපති වැනි අයට) පවා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාළේ “අනුවිච්චකාරං ඛො, ගහපති, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොති” ගෘහපතිය, හොඳීන් කරුණු වටහාගෙන පහදින්න. කරුණු තේරුම් ගෙන පැහැදීම ඔබ වැනි ප්‍රසිද්ධ අයට සුදුසු ය යනුවෙනි.බුද්ධ කාලයෙහි “දම්සභා” නමින් ධර්ම සාකච්ඡාවන් සඳහා රැස්වන සිරිතක් තිබිණ. භික්‍ෂුන් වහන්සේ එහි රැස්වී ධර්මය පිළිබඳ ව ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවන්නා වූ ප්‍රධාන කටයුත්ත විය. ඔය කී දම් සභාවට බුදුරජාණන් වහන්සේ ද වැඩම කොට, තමන් වහන්සේ එහි සැපත් වනවාට කලින් කවර කතාවකින් යුතුව හුන්නාහුදැ යි භික්‍ෂුන්ගෙන් විචාරා, ඊට අවශ්‍ය ප්‍රකාශ කරන සේක. බුද්ධ ධර්මය නො සඟවා විවෘත කළ තරමට බබළන්නේ යැයි බුදුරජාණන් වහන්සේ ම, මෙසේ වදාළ සේක. “තථාගතප්පවෙදිතො ධම්මවිනයො භික්ඛවේ විවටො විරෝචති නො පටිච්ඡන්නො” මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම විවෘත වූ (එළිපෙහෙළි වූ) තරමට බබළන බවත්, සඟවා තබන ලද දහම එසේ නො බබළන බවත් දේශනා කළ සේක.
ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා පූ.භා. 01.21 න් ගෙවේ. 18 ඉරිදා සිල්.
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]