ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු අමාවක පෝ දා 2026 ජනවාරි 18 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබඩපත්තුවේ මහසයුරට මුහුණලා පිහිටා ඇති බතීගම ග්‍රාමයේ දීඝවාලුකාරාම විහාරස්ථානය පිහිටා ඇත. දීඝවාලුකාරාමය සියවස් 05කට වඩා පැරැණි රුහුණේ ප්‍රෞඪත්වය හෙළ දිවයිනට ම කියාපාන සබඳතාවක් ඇති පැරැණි විහාරස්ථාන අතරට ගැනෙන සුවිශේෂී විහාරස්ථානයක් ලෙස සැලකිය හැකි ය. එදා වැඩ සිටි මහනායක හිමිවරුන්ගේ හා විහාරස්ථ දායක උපාසක උපාසිකාවන්ගේ අදහස් අනුව වර්තමානයේ ගොඩනඟා ඇති මෙම විහාරස්ථානය දික්වැල්ලේ පන්සල අදහස ඇතිව “දීඝවාලුකාරාමය” යන නමින් ස්ථාපිත විය. මෙහි ආරම්භක තොරතුරු “තැනුම් පොත” විහාර වංශ කතාවේ සඳහන් බව කියැවේ. මුලින් ඉදිකළ විහාර දහ අටෙන් දීඝවාලුකාරාමය එකක් ලෙස සඳහන් වේ. පළමුව ස්ථාපිත වූයේ පිරිවෙනකි. 1965 දී විද්‍යාතිලක මහ පිරිවෙන නමින් ලියාපදිංචි කරන ලදී. 1961 දී ආරම්භ කරන ලද දහම් පාසලත්, ඊට පසුව ආරම්භ කළ පෙර පාසලත් සිදු කරන අධ්‍යාපනික සේවාව සුළුපටු නොවේ.
ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා පූ.භා. 01.21 න් ගෙවේ. 18 ඉරිදා සිල්.
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]