[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පුරාතන අරියවංස උත්සවය

අරියවංස සූත්‍රය දේශනා කිරීම පුරාතන ලාංකේය බෞද්ධ සමාජය තුළ ඉතා හරසරින් පැවැත්වූ මහෝත්සවයක් විය. ඒ පිළිබඳ පුරාණ සෙල්ලිපිවලින්ද පාලි අට්ඨකතාවලින්ද කරුණුූ අනාවරණය වෙයි. ක්‍රි.ව. 5 වැනි ශත වර්ෂයට පෙර ද ඉන් පසුවද අරියවංසය ජනපි‍්‍රය ධර්ම දේශනාවක් පමණක් නොව බෙහෙවින් ගරුකොට සැලකූ සූත්‍රයක් වූ බවද පෙනෙතැයි මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ ‘ලක්දිව බුදු සමයේ ඉතිහාසය’ කෘතියේ දී පෙන්වා දෙති. අංගුත්තර නිකායේ උරුවේල වග්ගයෙහි ආරියවංස සූත්‍රය හමුවෙයි. මෙය “චත්තාරො මේ භික්ඛවෙ අරියවංසා” යනුවෙන් භික්ෂුන් වහන්සේ අමතා දේශනා කරවූවකි. ධර්මාශෝක, අධිරාජයා ස්වකීය භාබ්‍රැ ලිපියෙහි මෙම සූත්‍රය “අලියවසානි” යනුවෙන් නම් කොට එය භික්ෂු භික්ෂුණීන් පමණක් නොව ගිහි පිරිසද අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් බව සඳහන් කර තිබේ. ලංකාවේ සිදු කෙරුණු මෙම අරියවංස උත්සවය ධර්මාශෝක යුගයේදී දඹදිව පිළිපැදි සිරිතකින් පැවත අවුත් ලංකාවට ද ක්‍රමයෙන් හුරුපුරුදු වී මෙරට බොහෝ කලක් තිස්සේ පිළිපැදුණු සිරිතක් වී යැයි සිතීමට එමඟින් අනුබලයක් ලැබේ. පූර්වෝක්ත පරිදි අරියවංස සූත්‍රානුගත කරුණු සිවු පිරිසම අනුගමනය කළ යුතු බැවින් අරියවංස සූත්‍ර දේශනාවද ලංකාවෙහි විශේෂ උත්සවයක් ලෙසින් සංවිධානාත්මකව පවත්වාගෙන ආ බව විශ්වාස කළ හැකි ය. අරියවංස උත්සවය පැවැත්වූ සෑම ස්ථානයක ම වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 269 - 291) දාන සාලා පිහිට වූ බව මහාවංසයෙහි සඳහන්ව තිබේ. 4 වැනි සියවසට අයත් තෝනිගල සෙල්ලිපියෙහි අරියවංස උත්සවය ගැන තොරතුරු ඇතුළත් වෙයි. කලහුමනක නම් වෙළෙඳ ශ්‍රේණියෙහි ප්‍රධානියා වූ පහෙජ සිව ඇමැතියාගේ පුත් දේව නමැත්තකු යභිස පර්වත විහාරයෙහි අරියවංස දේශනාව සිදුකරන භික්ෂුන් වහන්සේ උදෙසා සැලසූ ප්‍රත්‍ය පහසුකම් පිළිබඳව එහි කියවෙයි. එහි “ආරියවස කරන මහ බිකු සඟනට” යන පාඨය දැක්වෙයි. ඒ අනුව වී, උඳු, මුං යන ධාන්‍ය වර්ග වෙළෙඳ ආයතනයක තැන්පත් කොට මූල භෝගය වැය නොකොට පොලිය මෙම අරියවංස උත්සවය සඳහා වැය කළ බව ද තෝනිගල ලිපියෙහි දැක්වෙයි. ලබු ඇට බැඳිගල ලිපිය ද (5 වැනි සියවස) අරියවංස උත්සවය පැවැත්වීම සඳහා වෙන්කළ ප්‍රතිපාදන ගැන සඳහන් කරයි.


දුරුතු අමාවක

ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා
පූ.භා. 01.21 න් ගෙවේ.
18 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]