[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

යළි දකිමු දීඝවාපිය

බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණිය, සමන්තකූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී පසුව දිගාවැවට (දීඝවාපිය) වැඩම කළ බව දීපවංශයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ එසේ වැඩම කළ ස්ථානයේ උන්වහන්සේගේ නීය ධාතුන් වහන්සේ (නඛා ධාතූන්) තැන්පත් කර රියන් 7ක කුඩා ස්තූපයක් මහාසේන දෙවියන් විසින් කළ බවත් ජනප්‍රවාදිත ය. එසේ බෞද්ධ ජනතාවගේ වන්දනාවට පත් වූ දීඝවාපිය සොළොස්මස්ථාන අතුරින් කාලාන්තරයක් තිස්සේ ජනතාවගේ වන්දනාමානයෙන් ඈත්ව තිබුණේ ත්‍රස්තවාදී උවදුරු නිසා ය. එහෙත් නැඟෙනහිර ඓතිහාසික පුදබිම් රැක ගැනීමේ කාර්යයේ දී දීඝවාපි ස්තූපය රැක ගැන්ම පිණිස විශේෂ කාර්යයක් සිදු කරන්නට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ‍ජනරාල් කමල් ගුණරත්න විසින් කටයුතු සංවිධානය කරන ලදී. ඒ අනුව දීඝවාපි ස්තූපයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ වෙනුවෙන් වෙනම ම අරමුදලක් ද පිහිටුවන ලද්දේ රජයේ මුදල් වැය නොකර එම කාර්යය සිදු කිරීම වෙනුවෙනි. ‘යළි දකිමු දීඝවාපිය‘ නම් වූ මේ කාර්යයේ සුවිශේෂී අවස්ථාවක් පසුගිය 14 දා සිදු කෙරුණි. ඒ ඓතිහාසික දීඝවාපි ස්තූපයේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ හා නිදන් වස්තු තැන්පත් කිරීම ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යය සිදු කරන ලද්දේ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ය. දීඝවාපි රාජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමි ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ඊට සහභාගි වූහ. ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දීඝවාපී ස්තූපය මෙරට උසින් තුන්වැනි ස්ථානයට පත් වන අතර, එය දෙවැනි වන්නේ රුවන්වැලි මහ සෑරදුන්ට හා සඳහිරු සෑරදුන්ට පමණි.

බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහොත්සවය හා පෙරහර මංගල්‍යය

වාර්ෂික ගුණානුස්මරණ දානමය පින්කම අගෝස්තු 03 - 04 වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවනේ දී, 07, 08, 09 බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාව, 11 පිරිත් දේශනය, 16 සූත්‍ර දේශන, 17 දොරකඩ අස්න අනුශාසනාව, දේව දූත පෙරහර සහ කුඹල් පෙරහර, 19 - 21 මල් පෙරහර, 22 පාවාඩ පෙරහර, 23 රන්සිවි පෙරහර, 24 රන්දෝලි මහා පෙරහර, 25 දිය කපන පෙරහර සහ දේව දානය


පින්බර ඇසළ පොහොය අදය

අදවන් ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඒ ප්‍රථම ධර්ම දේශනාවයි. එය ශ්‍රවණය කිරීමේ භාග්‍යය ලැබුවේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේ ය. “මහණෙනි, පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ළාමක වූ හීන වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ, පස්කම් සැපතෙහි නැවත නැවත යෙදෙන්නා වූ කාමසුඛල්ලිකානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද, එසේ ම දුක් උපදවන්නා වූ, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ තම සිරුරට බෙහෙවින් ම දුක් දෙන්නා වූ අත්තකිලමථානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදහ. එම ප්‍රතිපදාව නුවණැස පිරිසුදු කරන්නේ ය. නුවණැස ඇති කරන්නේ ය. එය කෙලෙසුන් සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේ ය.” දුක් සහිත ජීවිතය සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙනයන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. මෙහි දුක යනුවෙන් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම, ජරාව හෙවත් සත්වයාගේ වයස් ගතවීම, රෝගය, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහ ම දුක් සහගත බවයි.

 

මිගදායෙන් ගලා ගිය අමාදම් ගඟුල

බරණැස ඉසිපතන මිගදාය පරිසරය සිසාරා හමා ගිය සිසිල් මන්ද මාරුතය තෙරුවන් ගුණය සමඟ මිශ්‍ර ව ලොව්තුරු ගුණයෙන් සකල සත්ව සිත් සතන් සැනසෙන්ට බුද්ධ ශ්‍රී මුඛයෙන් පිටවන සිව්සත් දම් අමා දහර හේතුවාසනා විය. අප බුදුරජාණන් වහන්සේ එම උතුම් දහම සත්‍යඥාණ, කෘත්‍යඤාණ, යන ත්‍රිපරිවර්ත වශයෙන් ද, එය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන ආර්ය සත්‍යයට ඇතුළත් වීමෙන් ද්වාදසාකාර, යථාභූත ඤාණ දර්ශනයක් සුපරිශුද්ධ සම්බුද්ධ ඤාණයෙන් සමස්ත විශ්වයට ම ප්‍රකාශ වන්නේ ය. එතෙක් ලෝකවාසී සත්ත්වයන් තම පෘථග්ජන ඤාණයෙන් දැන සිටි කාම සුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්තගාමී මිථ්‍යාදෘෂ්ඨි මාර්ග දෙක ඔස්සේ සම්ප්‍රේෂණය වූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි අන්ධකාරයේ මං මුළා වූ සත්වයන්ට මෙම චතුරාර්ය සත්‍ය ධර්ම නමැති පහනේ ආලෝකයෙන් සත්‍ය මාර්ග දර්ශනය වන්නට විය. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැන ගත යුතු යන කෘත්‍ය ඤාණය, දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැන ගන්නා යන කෘත ඤාණය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහීණ කළ යුතු ය යන කෘත්‍ය ඤාණය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහීණ කළා යන කෘත ඤාණය, දුක්ඛනිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඤාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ කළ යුතු කෘත්‍ය ඤාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ...

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]