ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2024 ජූලි 20 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම මොරගොල්ලාගම කුඹුක්කඩවල ග්‍රාමයේ පිහිටි නිල්ගිරි රාජමහා විහාරස්ථානය කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව හන්දියෙන් හැරී මඩගල්ල මාර්ගයේ පොල්පිතිගම නගරය පසුකොට සාලියගම හන්දියෙන් වමට හැරී වතුවත්තේගම හන්දිය දක්වා පැමිණ එයින් දකුණට හැරී කිලෝමීටර් හයක් පමණ පැමිණ විට කුඹුක්කඩවල ග්‍රාමය හමුවේ. එම සුන්දර ග්‍රාමයේ මෙම සුන්දර විහාරස්ථානය පිහිටා ඇත. නිල්ගිරි රාජමහා විහාරස්ථානයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජ දවස දක්වා විහිද යයි. මෙම ඉපැරැණි චෛත්‍යයෙහි යූප ගලක් පිහිටා ඇත. අද වන විට නටබුන් ව ඇති මෙම චෛත්‍යය පසෙකින් යූප ගල තැම්පත් කර ඇත. මෙම ඉපැරැණි චෛත්‍යයෙහි ධාතු ගර්භයන් පහක් තිබී ඇති අතර, ඉන් ධාතු ගර්භ සතරක් නිධන් සොරු විසින් සොරකම් කර ඇති අතර, එක් ධාතු ගර්භයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත. මෙම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ වළගම්බා රජ දවස යි. විහාරස්ථානය සතු ව අලංකාර විහාර ගෙයක් පිහිටා ඇත. එහි නුවර යුගයට අයත් පිළිම වහන්සේ සහ චිත්‍ර දක්නට ලැබෙන අතර විහාරගෙය තුළ ද චෛත්‍යයක් නිර්මාණය කර ඇත. මෙම විහාර ගෙය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. විහාරස්ථානයේ කටාරම් කොටන ලද පුරාණ ගල්ලෙන් හතක් පමණ දක්නට ලැබෙන අතර, එම ගල්ලෙන් තුළ භාවනායෝගී භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරති.
ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ. 20 සෙනසුරාදා සිල්
පසළොස්වක
ජූලි 20
අව අටවක
ජූලි 28
අමාවක
අගෝස්තු 03
පුර අටවක
අගෝස්තු 12
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]