[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කලුතර පයාගල පාතකඩ බණ්ඩාර දේවාරාම පුරාණ රාජමහා විහාරයේ
සාමණේරයන් වහන්සේ
ඡායාරූපය - ප්‍රමුඛ රෙකෝගම

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

වසර 2331 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදා පුණ්‍ය මහොත්සවය

බුදුරදුන් පිරිනිවී වසර 218 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ, නීග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයකු බවට පත් වූයේ, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වී ය. සම්බුද්ධ ශාසනය අනාගතයේ පවත්නේ ශ්‍රී ලංකාද්වීපයේ බව දැනගත් ධර්මාශෝක මහරජතුමා ස්වකීය පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත් ව වස් 12ක් සම්පූර්ණ වූයේ, රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු.ව. 237 දී මිහිඳු මාහිමියන් සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේ හා සුමන සාමණේරයන් ද, භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම කර වූහ. දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්ව සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාම සීමාවක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙක ම ලබා දී අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨ කුමරුන් ඇතුළු රාජකීයයන් 56 දෙනකු පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය. මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි.

දියුණු කළ සිතක අපූර්වත්වය විඳිමු

බුදු හිමි ලොව පහළ වන යුගය වන විට භාරතය තුළ දේව කේන්ද්‍රීය ව මහා බ්‍රහ්මයාට යටත් ව පුද්ගල ස්වාධීනත්වය අහිමි ව තිබුණි. සියලු දේවවාදී ආගම් තුළ දෙවියන් පළමුවටත් මිනිසා දෙවනුවටත් යොදා තිබුණි. මිනිසාගේ විමුක්තිය දෙවියන් විසින් ම තීරණය කළ අතර, සුගතිය හා දුගතියත් දෙවියන් විසින් ම තීරණය කරන ලදී. බමුණන්ගේ ආධිපත්‍ය යටතේ සියල්ල නිර්ණය විය. එවන් යුගයක් තුළ බුදුරජාණන් වහන්සේ ඊට හාත්පසින් ම වෙනස් අදහසක් ඉදිරිපත් කළහ. එහිදි මිනිසාට මූලිකත්වය දීම සුවිශේෂී සිද්ධියකි. දියුණු කළ සිතකට කළ නොහැකි දෙයක් නොමැත. කිසිවකුගේ යටතට මිනිසා පත්විය යුතු නැත. නිදහස්, නිවහල් ස්වෛරී, ස්වතන්ත්‍ර, ස්වච්ඡන්දයෙන් පිරිපුන් වීමට මිනිසාට පුළුවන්කමක් ඇත. ඒ සඳහා උත්සාහය හා කැපවීම ද අවශ්‍ය වේ. “අත්තාහි අත්තනො නාතො කෝහි නාතො පරොසියා” තමාට පිහිට තමා ම ය. සසරින් එතෙර වීම හෝ සසර සැරිසැරීම හෝ තමා තුළ ම පවතී. එහිදී නිදහස් චින්තනයට මුල් තැන දී ඇති අතර, ඒ සඳහා අවබෝධ කර ගත යුතු ධර්මය වන්නේ චතුරාර්ය සත්‍ය බව දේශනා කොට ඇත. විමුක්තිය ලැබීම පුද්ගලයා සතු වගකීමක් බැවින් ඒ සඳහා උත්සාහවත් වීම කළ යුතු ව ඇත. බුදුරදුන්ගේ දේශනය වන්නේ “තුම්මෙ හි කිච්චං ආතප්පං - අක්ඛා තාරො තථාගතො"  විමුක්තිය නුඹලා විසින් ම කර ගත යුතු අතර, බුදුන් වහන්සේ මාර්ගෝපදේශකයකු පමණක් බව ය. විමුක්තිය තම තමා විසින් ම අවබෝධ කර ගත යුත්තක් විනා තව කෙනකුට ලබා දිය හැක්කක් නොවේ යනුවෙන් දේශනා කළේ එබැවිනි.

දීපය ම එකලු කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ

ෂඩ් අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන නො දන්නා ලාංකිකයෙක් නැතැයි සිතමි. උන්වහන්සේ හෙළ ඉතිහාසයේ ස්වර්ණ ස්ථම්භය යි. තථාගත ගෞතම ශ්‍රී ශාක්‍ය මුනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරසපුත්‍රයන් වහන්සේ ය. සිංහල බෞද්ධයාගේ අනුබුදුරජාණන් වහන්සේ ය. අප ශාස්තෘන් වහන්සේගේ සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය. අඩුවක් නො කොට වැඩියක් නො කොට, තමන් කැමැති ලෙස වෙනස් නො කොට තථාගත වචනයෙන් ම අපට දායාද කළේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ධර්මාශෝක රජුන්ගේ පුත්‍රයා වූ ශාක්‍ය වංශයේ ම කුමරෙක් අපට ධර්ම දායාදය දුන් බව අසිරියක් ම නොවේද? ශාක්‍ය වංශයේ චින්තාමාණික්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් පසුව තවත් රාජප්‍රාප්තිය පිණිස උපන් කුමාරයෙක් සිංහලයා වෙනුවෙන් අරහත් ධජය දැරූ අසිරිය සිතාගන්නට බැරිය. මුළුමහත් දඹදිවක් හිමි ඔටුන්න හිමි කුමාරයෙක් පැවිදි බවට පත්වීම ගැන මුළුමහත් දඹදිව ම පුදුමයට පත්කරන්නට ඇති බව සැක නැත. තුන්ලෝකයට නැඟුණු මහා ප්‍රදීපය වූ දසබලධාරීන් වහන්සේ නමැති දිනකරයාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. වසර 236කට පසුව මහත්වූ අසිරියක් මුළුමහත් සක්වල පුරා පැතිර ගියේ ය. දෙවියෝ ද, බඹුන් ද, සාධුකාර දෙන්නට විය. බුද්ධ ශාසනයේ අසිරිමත් දහම් පණිවිඩය ගෙන නිකෙලෙස් හදමඬලක් ඇති ඒ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා ගල මතට වැඩිය සේක.

සවනක් රශ්මි මාලාවෙන් වර්ණවත් වූ වන්දනීය පූජනීය බෞද්ධ කොඩියේ උපත

ශ්‍රී ලංකාද්වීපය නම් ධර්මද්වීපය බ්‍රිතාන්‍යයට යටත් ව පැවති යුගයේ බෞද්ධ ජනතාවට විවිධ හිරිහැරවලට මුහුණ පෑමට සිදු විය. ආගම ඇදහීමටවත් නිදහසක් නො තිබුණි. පෙරහරක් පැවැත්වීමට ද තහනම් විය. මෙවැනි අවස්ථාවක ඉදිරිපත් වූ බෞද්ධ ජන නායකයින් බෞද්ධාරක්ෂක කමිටුවක් පිහිටුවා ගත්හ. මෙම කමිටුවේ නිලධාරින් ලෙස හෙන්රි ඕල්කට්තුමාගේ උපදෙස් මත සභාපතිධූරය ධර්ම ගුණවර්ධන මුහන්දිරම් මහතා ද, උප සභාපති, භාණ්ඩාගාරික ,ලේකම් යන තනතුරු සඳහා දොන් කරෝලිස් , එච්.ඒ. ප්‍රනාන්දු හා සී.පී. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු කාරක සභාවක් පත් කර ගත්හ. මෙම කමිටුවේ යෝජනා වාර්තාගත කොට සන්දේශ මඟින් ඕල්කට්තුමා විසින් එංගලන්තයේ යටත්විජිත භාර මහ ලේකම්වරයාට ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අප භුක්ති විඳින නිදහස ලබා ගැනීමට හැකි වී තිබේ. අතීතයේ ශ්‍රී ලංකාව පාලනය කළ රජවරු පෝය දිනය රජයේ නිවාඩු දිනයක් කළ බවත්, එදින සියලු වෙළඳසැල් වසා තිබිය යුතු බවත්, ආගමික කටයුතුවල නිරත විය යුතු බවත්, මෙම නීතිය කඩ කළ අයට දඬුවම් කළ බවත් තුන්වන උදය රජුගේ බදුලු ශිලා ලිපියේ සඳහන් වේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]