[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ස්වර්ණමාලි සෑ රදුන් ඉදිකරන්නට වෙසක් පුන් පෝදාක වැඩ ඇරඹුණු හැටි

රුවන්වැලි සෑ රදුන් තැනවීම දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රධානතම ශාසනික සේවාව ලෙසින් මහාවංසය ඇතුළු වංශකතාවන්හි පරිච්ඡේද ගණනාවක් ම වෙන් කරමින් සම්භාවනාවට පත් කොට ඇත. කුරුණෑගල රාජධානි සමයෙහි සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් ථූපවංසය රචනා කරන ලද්දේ රුවන්වැලි චෛත්‍ය කර්මාන්තය වර්ණනා කිරීම පිණිස ය. මෙම සියලු මූලාශ්‍රයන්ට අනුව රුවන්වැලි මහා සෑ රදුන් ගේ වැඩ ආරම්භ කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනක දී ය. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වීම, ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතූන් වහන්සේ අතුරින් එක් තැනක පිහිටි වැඩිම ධාතු ප්‍රමාණය වූ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑයේ වැඩ සිටීම, අනාගත කාලයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මෙලොවින් අන්තර්ධාන වන අවස්ථාවෙහි ධාතු පරිනිර්වාණය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී සිදු වීම යන කරුණු නිසා රුවන්වැලි මහා සෑ රදුන් පුද පූජාවන්ට පත්වෙයි. මහින්දාගමනයෙන් පසු මහමෙවුනා උයනේ අනාගත කාලයේ පූජනීය ගොඩනැඟිලි පිහිටුවන ස්ථාන වෙත දේවානම්පියතිස්ස රජතුමා කැඳවා ගෙන යාමට මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළහ. මහාසෑය පිහිටුවන ස්ථානය කරා වැඩම වූ පුවත මහාවංසය ආදී මූලාශ්‍රයන්හි සඳහන් ව ඇත්තේ මෙසේ ය.


වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]