[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඇඹිලිපිටියේ රතනජෝති හිමිපාණන් වහන්සේ කර්මවාගාචාර්ය පදවියෙන් පිදුම් ලබති

ඇඹිලිපිටියේ රතනජෝති හිමිපාණන් වහන්සේ කර්මවාගාචාර්ය පදවියෙන් පිදුම් ලබති

 

ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් වහන්සේ වෙතින් ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවිය, " ශාසන කීර්ති ශ්‍රී හේමාලෝක" ගෞරව නාමය පිරිනැමූ අවස්ථාව

ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනු නායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නාහිමියන් වෙතින් ආශිර්වාද ලැබීම
 

පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනාධිපති ඇඹිලිපිටියේ රතනජෝති හිමි කාලීන වශයෙන් බෙහෙවින් ම වැදගත් වන්නා වූ ආගමික, සාමාජික සහ සංස්කෘතික සේවාවන් රැසක නියුතු ශික්ෂාකාමි යතිවරයන් වහන්සේ නමකි.

එකී සේවාවන්ට උපහාර දැක්වීමක් ලෙස මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි ප්‍රමුඛ සානුනායක විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් රතනජෝති හිමියන් වෙත”ශාසනකීර්ති ශ්‍රී සරණපාල හේමාලෝක” යන ගෞරව නාම සම්මුතිය සහිත ව කර්මවාගාචාර්ය පදවියක් පිරිනමා තිබේ.

වර්ෂ 1984 ඔක්තෝම්බර් මස 31 වැනි දින උපත ලද රතනජෝති හිමි උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්ව ඇත්තේ 1996 මැයි මස 26 වැනි දා ය. එහිදී ආචාර්යවරුන් වූයේ ගැටමාන්නේ සරණපාල නාහිමි සහ ගැටමාන්නේ හේමාලෝක නාහිමි ය. මහනුවර මල්වතු මහා විහාරයී ය රාජකීය මංගල උපෝසථාගාරයේ දී රතනජෝති හිමි අධිසීල සංඛ්‍යාත සුපිරිසුද්ධෝපසම්පදාව ලැබුවේ වර්ෂ 2005 ජූනි මස 11 වැනි දා ය. ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන මහ පිරිවෙණින් සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපනය ලැබූ අතර, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ඇත. තත් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ වූ ඩිප්ලෝමාවත්, ජාතික තරුණ සේවා සභාවේ ජනමාධ්‍ය හා ජනසන්නිවේදන ඩිප්ලෝමාවත්, ලබා ගත් රතනජෝති හිමි එදා මෙදාතුර සුවිශේෂී සමාජ සේවාවන් රැසකට නිසි නායකත්වය ලබා දුන්නේ ය.

දහම් පාසල් කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කලා මංගල්‍යයන් පැවැත්වීම, දුෂ්කර ප්‍රදේශවල දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම අනුව වෛද්‍ය සායන පැවැත්වීම යනාදි සේවාවන් ඒ අතර ප්‍රමුඛත්වය ගනියි.

තවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් උපදේශක කමිටුව ආදි ආයතන රැසක උපදේශකත්වයන් දරමින් ද, කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ලෙස ද සාමාජීය සමිති හා සංවිධාන රැසක විවිධ තනතුරු හොබවමින් සිදුකරන සේවාව ද මෙහිදී වෙසෙසින් ඇගයිය යුතු ය. රතනජෝති හිමි, උපහාර උළෙල හා සමගාමී ව මැයි මස 19 වැනි දා මාවිත්තර තිසරණ ධර්මායතනයේ අභිනව සංඝාවාසයේ පහත මාලය විවෘත වුණි. එම අවස්ථාවට ගිහි – පැවිදි ප්‍රභූන් රැසක් එක්වුණි. මෙම අවස්ථාවේ දී රතනජෝති හිමි වෙත සන්නස් පත්‍රය විජිනිපත හා ප්‍රසාද පූජා පිරිනැමුණි.


ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සානුනායක විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව

විහාරස්ථානයේ දායක සභාව

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]