[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කාංචනාස්කන්ධ ජාතක කතාව ඇසුරිනි

දුරුතු අමාවක පෝය

ජනවාරි 21 සෙනසුරාදා පූ.භා. 06.19 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.24 න් ගෙවේ.
21 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

සෑම පින්කමක් කුසලයක් අවසානයේම නිවන් සුව ප්‍රාර්ථනා කළයුතු ඇයි?

මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුටම තම පුද්ගල දිවිපැවැත්ම සඳහා මහෝපකාරී වන වටිනා සූත්‍ර දේශනාවක් ලෙස ධනංජානි සූත්‍රය පෙන්වා දිය හැක .ගෞතම බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ පන්සිය නමක් පමණ මහා සංඝයා වහන්සේ සමඟ දක්ෂිණා ගිරි ජනපදයේ වස් සමාදන් වූහ .දක්ශිණාගිරි විහාරය තිබුණේ රජගහනුවර සිට යොදුන් ගණනාවක් ඈතින් ය. මේ වස් කාලය නිම වී මාසයකට පමණ පසුව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් රජගහනුවර සිට සැරියුත් මහරහතන් වහන්සේ බලන්නට පැමිණියා. සතියක් පමණ දක්ශිණාගිරි විහාරයෙහි වාසය කළ මේ භික්ෂූන් වහන්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයට ගොස් “ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්ස, මම මේ දක්ෂිණ ගිරියේ සිට යොදුන් හතළිහක් පමණ දකුණු දිගින් පිහිටි වනයක වාසය කරමි. මගේ ලොකු ආසාවක් තිබුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. මම මෙයට මාස කිහිපයකට පමණ කලින් ආරණ්‍යයෙන් පිටත් වුණා. ඉන් අනතුරුව රජගහනුවරට ආවා. අනේ මහා වාසනාවක්. මට බුදුහාමුදුරුවෝ දකින්න ලැබුණා. උන්වහන්සේ මගෙන් ආ ගිය තොරතුරු විමසුවා. "ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්ස, මා වස්කාලය ගතකළේ වේළුවනාරාමයේ යි. පසුගිය හාර මාසය ම බුදුහාමුදුරුවෝ දැක්කා. දිනපතාම සවස් භාගයේ උන්වහන්සේගෙන් බණ අහන්න ලැබුණා. එයින් මගේ ශ්‍රද්ධාවත්, ධර්මය පිළිබඳ දැනුම හා අවබෝධයත් දියුණු වුණා. නොසිතූ ලාභයක් මට ලැබුණේ. බුදුරජාණන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේගෙන් වැඩි දෙනෙක් දකින්නට ලැබුණු නමුත් සැරියුත් මහරහතන් වහන්සේ දකින්ට නොහැකි වුණා. ඒ නිසාම පැමිණුනේ ඔබ වහන්සේ බැහැ දකින්න. දවස් කිහිපයක් ඔබ වහන්සේගෙන් බණ අසා යන්ටයි පැමිණියේ."

මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ඇරඹුණ වගයි

බුදුදහම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නූතන ලෝකයට ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බව කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථාන ප්‍රමුඛ චතුර් විහාරස්ථානාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ලේක්හවුස් ආයතනය අන්තර්ජාලයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් “මෙත් සිත් අරණ” යූ ටියුබ් නාළිකාව සහ ටික් ටොක් මාධ්‍යයට එක් කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගියදා සිදු කෙරිණි. මාස කිහිපයක් පුරා සිදුකරන ලද අත්හදා බැලීම් ඉතා සාර්ථක වීමත්, බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබීමත් නිසා බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කෙරිණි.

කෙනකුගෙන් කෙනකුට ඇයි මෙතරම් වෙනසක්

තරගකාරි වත්මන් සමාජය දෙස බැලීමේ දී මිනිසුන් අතර නොයෙක් ආකාරයේ උස් මහත්කම්, වෙනස්කම් දක්නට ලැබෙන බව අපට පෙනෙනවා. එසේම සමහර අය බොහෝ කල් ජීවත් වෙනවා. සමහර අය අඩු වයසින් මිය යනවා. සමහර අය බොහොම නිරෝගීව සිටිනවා. සමහර අය රූප සොබාවෙන් ඉතාමත් ලස්සනයි. සමහර අය උසස් කුලවල මහේශාක්‍යව උපදිනවා. සමහර අය පහත් කුලවල අන්ත දුක්ඛිතව උපදිනවා. සමහර අය ප්‍රඥාවන්තයි. තවත් අය දුෂ්ප්‍රාඥයි. මේ ආකාරයට මිනිසුන් තුළ විවිධත්වයක් ඇතිවන්නේ ඇයි? යන ප්‍රශ්නය ඔබට ද නිරන්තර සිතෙන්නට ඇති. මෙවැනි ප්‍රශ්න රාශියක්, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කාලයේ දවසක් තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණයාගේ පුතා වන සුභ නමැති තරුණයාට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මුණගැහිලා සුහද පිළිසඳරකින් පසුව බුදුරජාණන් වහන්සේගෙන් “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් අතර නොයෙක් උස් – පහත්කම් වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහරු බොහෝ කල් ජීවත් වෙනවා. සමහරු අඩු වයසින් මැරෙනවා. යනාදී වශයෙන් උන්වහන්සේගෙන් අසන අතර ‘මෙවැනි වෙනස්කම් ඇතිවන්නට හේතු වන කරුණු මොනවාද?” කියා අසනවා.

යහපත් බව නපුරට එරෙහි පලිහකි

නුවණැත්තා තම සුර පුර තමා ම සාදා ගන්නා අතර අනුවණ තැනැත්තා තම නිරය තෙමේ ම සාදා ගන්නේ ය. සුර පුර හා නිරය පිළිබඳ බෞද්ධ සංකල්පය වෙනත් ආගම්වල එම සංකල්පයට වඩා බෙහෙවින් වෙනස් ය. බෞද්ධයෝ එම ආයතන සදාතනික සේ නොසලකති. මිනිසකු නිරයට සදාතනිකව ගර්හිත කරනු ලැබීම අසාධාරණ ය. ඔහුගේ මානුෂික දුර්වලතා නැති කර ගැනීමට හා තම සංවර්ධනය ඇති කර ගැනීමට හැකි සෑම අවස්ථාවක් ම ලබා දීම යුක්ති සහගත ය. බෞද්ධ මතයට අනුව අපාගත වුව ද පූර්ව ජාතියේ කළ කුසලයන් ඇතොත් ඒවා පලදීමෙන් ඉහළට පැමිණීමට ද ඉඩ ඇත්තේ ය. නිරයේ දොරටුවලට යතුරු දමා නැත. නිරය තාවකාලික එකකි. එහි සදාතනික තැවීමකට සත්වයාට කිසිදු හේතුවක් නොමැත. බුද්ධ දේශනාවට අනුව සුරපුර හා නිරය ඇත්තේ මෙලොව ඉක්මවා යෑමෙන් පමණක් නොවේ. මෙලොවදීමත් ලැබිය හැකි ය. ඒ අනුව සුරපුර හා නිරය පිළිබඳ බෞද්ධ සංකල්පය ඉතා සහෙතුක ය. නිදසුනක් ලෙස බුදු රදුන් වදාළ කරුණක් දැක්විය හැකි ය. එනම් කිසියම් සාමාන්‍ය අඥාන පුද්ගලයකු මහ සයුරට යට නිරය හෝ පාතාල ලෝකයක් ඇති බව තිර කෙරෙන කාරණා ගෙනහැර දක්වන්නේ නම්, ඔහුගේ ප්‍රකාශනය සාවද්‍ය ය. පදනම් විරහිත ය. නිරය හෝ අපාය යන පදයෙන් අදහස් වන්නේ පීඩාකාරී වේදනාත්මක හැඟීම් ය. බෞද්ධ සංකල්පයට අනුව නිරය යනු දෙවියන් මවු එක්තරා බිමක් හෝ සූදානම් කළ තැනක් ලෙසින් නොපිළිගැනේ. මෙලොව ඇති නිරයේ තාපය මෙලොවින් පිටත ඇති නිරයේ තාපයට වඩා වැඩි ය. කෝපයට වැඩි ගින්නක් තිබේද? කාමය හෝ ලෝභය හා අවිද්‍යාව ද එසේම ය.

දුරුතු අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]