[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

කෙනකුගෙන් කෙනකුට ඇයි මෙතරම් වෙනසක්

තරගකාරි වත්මන් සමාජය දෙස බැලීමේ දී මිනිසුන් අතර නොයෙක් ආකාරයේ උස් මහත්කම්, වෙනස්කම් දක්නට ලැබෙන බව අපට පෙනෙනවා. එසේම සමහර අය බොහෝ කල් ජීවත් වෙනවා. සමහර අය අඩු වයසින් මිය යනවා. සමහර අය බොහොම නිරෝගීව සිටිනවා. සමහර අය රූප සොබාවෙන් ඉතාමත් ලස්සනයි. සමහර අය උසස් කුලවල මහේශාක්‍යව උපදිනවා. සමහර අය පහත් කුලවල අන්ත දුක්ඛිතව උපදිනවා. සමහර අය ප්‍රඥාවන්තයි. තවත් අය දුෂ්ප්‍රාඥයි. මේ ආකාරයට මිනිසුන් තුළ විවිධත්වයක් ඇතිවන්නේ ඇයි? යන ප්‍රශ්නය ඔබට ද නිරන්තර සිතෙන්නට ඇති. මෙවැනි ප්‍රශ්න රාශියක්, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කාලයේ දවසක් තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණයාගේ පුතා වන සුභ නමැති තරුණයාට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මුණගැහිලා සුහද පිළිසඳරකින් පසුව බුදුරජාණන් වහන්සේගෙන් “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් අතර නොයෙක් උස් – පහත්කම් වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහරු බොහෝ කල් ජීවත් වෙනවා. සමහරු අඩු වයසින් මැරෙනවා. යනාදී වශයෙන් උන්වහන්සේගෙන් අසන අතර ‘මෙවැනි වෙනස්කම් ඇතිවන්නට හේතු වන කරුණු මොනවාද?” කියා අසනවා. ඒත් සුභ තරුණයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වෙලා හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා “පින්වත් තරුණය, සියලු සත්ත්වයෝ තමාගේ දේ කරගෙන සිටින්නේ කර්මයයි. කර්මය, උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය ම දායාද කරගෙනයි ඉන්නේ. කර්මය තමයි හැමෝගේම නෑදෑයා. කර්මය පිළිසරණ කරගෙනයි මේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්ත්වයින් අතර උස් පහත්කම් ඇති කරලා තියෙන්නේ.


දුරුතු අමාවක පෝය

ජනවාරි 21 සෙනසුරාදා පූ.භා. 06.19 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.24 න් ගෙවේ.
21 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]