[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිකෙලෙස් උතුමන්ගේ සත්පුරුෂ ඇසුර

නිකෙලෙස් උතුමන්ගේ සත්පුරුෂ ඇසුර

සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්නට, වන්දනා කරන්නට, ගරුසර දක්වන්නට ශ්‍රාවකයන් තුළ පිනක් තිබිය යුතු වෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ අපගේ ශාස්තෘන් වහන්සේට පසුව වැඩ සිටි සත්පුරුෂයන් වහන්සේ අතරින් ප්‍රමුඛත්වය හිමි වන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට යි. නිකෙලෙස් සඟ පරපුරේ මුදුනෙහි ම වැඩ හුන් උන්වහන්සේ සත්පුරුෂභාවයේ පරම ප්‍රතිමූර්තියක් වගෙයි.

එක්තරා දවසක රාත්‍රී කාලයේ දකුණත්සව් අග්‍රශ්‍රාවකයාණන් වහන්සේ වන අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වනවාසී ව භාවනාවෙන් කල් ගත කළා. කෙස් රැවුල් බාන ලද උන්වහන්සේගේ මුඩු කළ හිසට සඳ එළිය වැටී දිලිසෙන්නට වුණා.

එදින එතැනින් අහස් ගමනේ යෙදී හුන් යක්ෂයන් දෙදෙනෙක් මෙය දුටුවා. එතැන සිටි එක් යක්ෂයකු, ස්වකීය යහළුවා විසින් තුන් වරක් වළකනු ලබද්දීත් එය නො අසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දිලිසෙන මුඩු කළ හිසට වැරෙන් පහරක් එල්ල කළා. රියන් හතක හෝ අටක හෝ ඇතෙකු වුවද බිම දමන්නට හැකි, මහත් වූ පර්වතයක් පවා පලා දමන්නට හැකි තරමේ බලයකින් යුතු ඒ පහර වැදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් මිදුණා. ඒ යක්ෂයා ඒ මොහොතේ ම අවිචී මහා නරකාදියට ඇද වැටුණා. මේ සියල්ල ම දිවැසින් දුටු මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වහාම සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත එළඹුණා.

“පි‍්‍රය ආයුෂ්මතුනි, මොකද වුණේ? ඉවසන්න පුළුවන් ද? දරන්න පුළුවන් ද? කිසිදු දුකක් නැති ද?”

“පි‍්‍රය ආයුෂ්මත් මොග්ගල්ලානයෙනි, මට ඉවසන්න පුළුවන්. දරාගන්න පුළුවන්. නමුත් යාන්තමට හිසේ කැක්කුමක් තිබෙනවා.”

“ඔබවහන්සේ කෙතරම් මහා සෘද්ධි සම්පන්න ද? කොතරම් මහානුභාව සම්පන්න ද? මෙය ආශ්චර්ය යි. අද්භූත යි.

සාරිපුත්තයන් වහන්ස, මෙතැන දැන් එක්තරා යක්ෂයෙක් ඔබ වහන්සේගේ හිසට වැරෙන් පහරක් දුන්නා. එය බලවත් පහරක්. එවැනි පහරකින් රියන් හතක හෝ අටක හෝ ඇතෙක් වුව බිම දමන්නට පුළුවන්. මහා පර්වතයක් ඒ පහරින් පළා දමන්නට පුළුවන්. නමුත් ඔබ වහන්සේ කියන්නේ "පි‍්‍රය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවන්. දරා ගන්න පුළුවන් නමුත්" යාන්තමට හිසේ කැක්කුමක් තිබෙනවා කියලයි.

මොග්ගල්ලානයන් වහන්සේ මේ සා පවසද්දීත් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් ගැන වචනයක්වත් පැවසුවේ නැහැ. අප ද ඒ උත්තම ගුණයන්ට පහදිමු. නමස්කාර කරමු.

පුණ්හ සූත්‍රය - ඛු.නි. උදාන පාලි)

උඳුවප් අමාවක

 දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ.
 30 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]