[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නාපාවල ශ්‍රී සුමංගලාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

මැදින් පුර අටවක

මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා
අ.භා. 09.59 ගෙවේ 17.
 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

 

කර්මයට පිළිසරණක්

කර්මය හා ඉන් ජනිත වන ඵලය පිළිබඳ පරතෙරට සිතා අවසන් කළ නොහැකි ය. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි තෝදෙය්‍ය පුත්ත සුබ මානවකයා මිනිසත් බව ලැබූ මිනිසුන්ගේ උස් පහත් වශයෙන් පවත්නා වෙනසට හේතුව කුමක්දැයි විචාළේ ය. ඒ අනුව ගෞතමයන් වහන්සේ මෙසේ වදාළ සේක. අල්ප ආයුෂ ඇති අය දක්නා ලැබෙත්, බොහෝ ආයුෂ, දිගාසිරි ඇති අය දක්නා ලැබෙත්, බොහෝ ආබාධ ඇති අය දක්නා ලැබෙත්, අල්ප ආබාධ ඇති අය දක්නා ලැබෙත්, දුර්වර්ණ අය දක්නා ලැබෙත්, වර්ණවත් අය දක්නා ලැබෙත්, අල්ප යසස් ඇති අය දක්නා ලැබෙත්, මහත් යසස් ඇති අය දක්නා ලැබෙත්, අල්ප භෝග ඇති අය දක්නා ලැබෙත්, මහත් භෝග ඇති අය දක්නා ලැබෙත්, පහත් කුලහීන අය දක්නා ලැබෙත්, උසස් කුලීන අය දක්නා ලැබෙත්, දුෂ්ප්‍රාඥා අය දක්නා ලැබෙත්, ප්‍රඥාවත් අය දක්නා ලැබෙත්, මෙලොව මිනිස් බව ලද මිනිසුන් අතර පවත්නා මෙම වෙනසට හේතු කවරේදැයි සුබ මානවකයා විමසීය. ඊට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ, මෙම උසස් පහත් භේදයට හේතුව කර්මය බවත්, කර්මය සත්වයා හීන ප්‍රහීන වශයෙන් බෙදා ඇති බවත් ය. අනතුරුව එම වෙනස්කම්වලට හේතු සවිස්තරාත්මක ව විස්තර කළහ.

සොබා දහමේ සුන්දරත්වය මනසින් විඳින්න

ස්වභාව ධර්මයට අවනත නොවීමේ විපාක වරින් වර සත්වයාට විඳින්නට සිදු විය. වාතය, ජලය, උෂ්ණත්වය සීතල ආදිය තුළින් විටින් විට ලෝක ධාතුව තුළ විවිධ විපර්යාස සිදු වේ. ඒවා පිළිබඳ බුදු දහමේ ද සඳහන් වේ. පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ‘සමුද්‍ර වාණිජ ජාතක’ කතා පුවත පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි සිදුවීමක් පිළිබඳ සඳහන් වේ. එම ජාතක කතා පුවතින් පැවසෙන්නේ මුහුද ගොඩ ගැලීමක් සිදු වූ ආකාරය යි. එසේ වුව ද එය සිදුවීමට මිනිසුන්ගේ නොහොබිනා ක්‍රියා කලාපය ද හේතු වූ බවට ප්‍රකට වේ. යටගිය දවස බරණැස් රජු රාජ්‍ය කරන සමයෙහි එක් ගමක වඩුවෝ දහසක් ජීවත් වූහ. එම වඩුවෝ තම ගමේ මිනිසුන්ට ඇඳ, පුටු, මේස හදල දෙන බව පවසා ඔවුන්ගෙන් මිල මුදල් ලබා ගෙන ලී බඩු හැදීමක් නොකොට එම මුදල් තම ප්‍රයෝජනයට ගත්තේ ය. පසුව ගම්වැසියන් තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට උත්සාහ කළහ. මුදල් දීමට අකැමැති වඩුවෝ කැලයට ගොස් ගස් කපා ලී ඉරා බෝට්ටුවක් සාදා තම අඹුදරුවනුත් සමඟ එම බෝට්ටුවල නැඟී ගඟක් දිගේ ගමන් කළහ. එසේ යෑමේ දී ගඟ අවසන් වී මුහුද හමු විය. පසුව මුහුද දිගේ ගමන් කිරීමේ දී දූපතක් හමු විය. එම දූපතේ ස්වයංජාත ඇල්හාල්, අඹ,කොස්, කෙසෙල්, උක්දඬු, වැළ, වරකා ආදී ආහාරපාන සශ්‍රීක ව වැවී තිබිණි. එම දූපත මිනිසුන්ට සිටීමට සුදුසු ද, යක්ෂ රාක්ෂයින් ඉන්න තැනක් ද යන්න පළමුව පරීක්ෂා කිරීම සඳහා හොඳ කාය ශක්තිය ඇති මිනිසුන් දස දෙනෙක් පිටත් කර යැවූහ.

හාත්පසම රැකවරණය දෙන අංගුලිමාල පිරිතේ තේජස

පිරිත කියන්නේ කුමක්ද යන්න අටුවාචාරීන් වහන්සේ අරුත් ගන්වා තිබෙන්නේ හාත්පස ආරක්ෂාව රැකවරණය සදනවා කියන අදහස යි. පිරිත බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ දහම් කොටසක්. ඒ දහම් කොටස්වලින් අපට ආරක්ෂාව, රැකවරණය ආකාර කිහිපයකින් සැලසෙනවා. පිරිතේ ආනුභාවය සත්‍යයක් ලෙස අපි මුලින් ම තේරුම්ගත යුතු වෙනවා. බුද්ධ දේශනාවේ තිබෙන්නේ සත්‍ය පමණ යි. හිස් වචන, ප්‍රලාප, බොරු, මිථ්‍යා මත එහි සඳහන් ව නැහැ. එනිසා ම පිරිතේ එන සත්‍ය වචනය, සත්‍ය බලය ලෝකයට සංවේදී වුණා. ඒ තුළ තිබෙනවා සත්‍ය ක්‍රියාවේ බලයක්. මෛත්‍රියක්. සත්‍යයේ තේජස මේ පිරිත තුළ තිබෙන බව මූලධර්මවල සඳහන් ව තිබෙනවා. එනිසා නිතර නිතර පිරිත් සජ්ඣායනා කිරීමෙන් ශ්‍රාවකයාට පුදුමාකාර ආරක්ෂාවක්, රැකවරණයක්, සැනසීමක්, සෙතක්, පිහිටක් සැලසෙනවා. අතීතයේ සිටි අපේ මුතුන් මිත්තෝ එසේ පිරිත තුළින් පිහිට, ආරක්ෂාව සලසා ගෙන තිබෙනවා. පිරිත තුළින් සිව්වනක් පිරිසට ම ආරක්ෂාව සැලසෙන බව භාග්‍යවතුªන් වහන්සේ ආටානාටික පිරිත අනුමත කිරීමෙන් පැහැදිලි කොට වදාළා. ඒ වගේම වර්තමානයට වඩා අතීතයේ ජීවත් වූ බෞද්ධයා අහිංසාවාදී ලෙස හැම කටයුත්තක දී ම පිරිත පිහිට කොට ගෙන තිබෙනවා. ලෙඩකට දුකකට, ගොවිතැනට, ගමනක් යන විට, දරුවාගේ අධ්‍යාපන කටයුතුවල දී, විවාහ ආදී කටයුතුවල දී පවා පිරිත සජ්ඣායනා කොට ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ගෞරවය ලබන්නට සුදුස්සෙක් වෙන්න...

ගරු සත්කාර, සම්මාන දැක්වීම බෞද්ධ සභ්‍යත්වය තුළ හැදුන වැඩුන අපේ සංස්කෘතිය තුළ දක්නට ලැබෙන අගනා හර ධර්මයකි. එසේ වුව ද කවුරුන්ට ගරු සත්කාර සම්මාන දැක්විය යුතු ද යන්න වර්තමානය තුළ ගැටලුවකි. දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ, සිල්වත්තු, ගුණවත්තු ගරු සත්කාර සම්මානයට ලක් විය යුත්තෝ වෙති. එහෙත් සියලු අම්මා තාත්තා, සියලු ගුරුවරු, සියලු වැඩිහිටියෝ වන්දනාවට සුදුස්සන් ව සිටී දැයි සැකයක් උපදින්නේ සමාජය තුළ අසන්නට ලැබෙන යම් යම් කතා පුවත් පදනම් කර ගෙනයි. ඇතැම් ශික්ෂණයක් නැති ගුරුවරු තමන්ගෙන් ඉගෙන ගන්නට එන හය හතර නොදත් අහිංසක දරුවන් අපයෝජනයට ලක් කරති. සමාජයේ වෙසෙන ඇතැම් වැඩිහිටියෝ ද මින් වෙනස් නොවෙති. මේ උදවිය තම ඕනෑ එපාකම් ඉටු කර ගනු වස් දරුවන් කායික හිංසනයට, මානසික හිංසනයට ලක් කරති. එවන් කාල වකවානුවක් තුළ වැඳිය පිදිය යුතු, ගරු සත්කාර සම්මාන දැක්විය යුතු උදවිය තෝරා බේරා ගත යුතුව ඇත. ගරු සත්කාර කිරීමේ යහ ගුණය තම ආත්මාර්ථ සංසිද්ධීන් ඉටු කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවක් උම්මග්ග ජාතකයෙහි දක්නට ලැබෙයි. කපටි කේවට්ට බමුණා යුද්ධය සඳහා වූ සියලු උපක්‍රම පරාජය වී අවසානයේ ධර්ම යුද්ධයකට සූදානම් වෙයි. ධර්ම යුද්ධය නම් වැන්ද කෙනා පරාජය වීමත්, වැඳුම් ලැබූ කෙනා ජයග්‍රහණය කිරීමත් ය. කේවට්ට වයසින් වැඩිමහල් ය. මහෞෂධ බාල ය. එසේම මහෞෂධ ගුණ දහම් අගය කරන්නෙකි.මේ කාරණය පදනම් කොට ගෙන ධර්ම යුද්ධය ජය ගත හැකි බව කේවට්ට සිතයි. මෙය ගරු සත්කාර දක්වන ගුණය අවභාවිත කිරීමකි. සිඟාලෝවාද සූත්‍රය තුළ සමස්ත සමාජය ආකාර දොළහකට බෙදන බුදුරජාණන් වහන්සේ ඒ ඒ සමාජයට අයත් යුතුකම් ඉටු කිරීම ගරු සත්කාර දැක්වීමක් ලෙස දක්වයි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]