ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ මැදින් පුර අටවක පෝදා 2024 මාර්තු 17 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ස්වභාව ධර්මයට අවනත නොවීමේ විපාක වරින් වර සත්වයාට විඳින්නට සිදු විය. වාතය, ජලය, උෂ්ණත්වය සීතල ආදිය තුළින් විටින් විට ලෝක ධාතුව තුළ විවිධ විපර්යාස සිදු වේ. ඒවා පිළිබඳ බුදු දහමේ ද සඳහන් වේ. පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ‘සමුද්‍ර වාණිජ ජාතක’ කතා පුවත පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි සිදුවීමක් පිළිබඳ සඳහන් වේ. එම ජාතක කතා පුවතින් පැවසෙන්නේ මුහුද ගොඩ ගැලීමක් සිදු වූ ආකාරය යි. එසේ වුව ද එය සිදුවීමට මිනිසුන්ගේ නොහොබිනා ක්‍රියා කලාපය ද හේතු වූ බවට ප්‍රකට වේ. යටගිය දවස බරණැස් රජු රාජ්‍ය කරන සමයෙහි එක් ගමක වඩුවෝ දහසක් ජීවත් වූහ. එම වඩුවෝ තම ගමේ මිනිසුන්ට ඇඳ, පුටු, මේස හදල දෙන බව පවසා ඔවුන්ගෙන් මිල මුදල් ලබා ගෙන ලී බඩු හැදීමක් නොකොට එම මුදල් තම ප්‍රයෝජනයට ගත්තේ ය. පසුව ගම්වැසියන් තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට උත්සාහ කළහ. මුදල් දීමට අකැමැති වඩුවෝ කැලයට ගොස් ගස් කපා ලී ඉරා බෝට්ටුවක් සාදා තම අඹුදරුවනුත් සමඟ එම බෝට්ටුවල නැඟී ගඟක් දිගේ ගමන් කළහ. එසේ යෑමේ දී ගඟ අවසන් වී මුහුද හමු විය. පසුව මුහුද දිගේ ගමන් කිරීමේ දී දූපතක් හමු විය. එම දූපතේ ස්වයංජාත ඇල්හාල්, අඹ,කොස්, කෙසෙල්, උක්දඬු, වැළ, වරකා ආදී ආහාරපාන සශ්‍රීක ව වැවී තිබිණි. එම දූපත මිනිසුන්ට සිටීමට සුදුසු ද, යක්ෂ රාක්ෂයින් ඉන්න තැනක් ද යන්න පළමුව පරීක්ෂා කිරීම සඳහා හොඳ කාය ශක්තිය ඇති මිනිසුන් දස දෙනෙක් පිටත් කර යැවූහ. එහි කලින් ගිය එක් මිනිසෙක් අර තිබූ ආහාරපාන අනුභව කොට කල්පනා කරන්නේ දඹදිව බොහෝ මිනිසුන් බඩගින්නේ සිටිති. මට එවැනි ප්‍රශ්නයක් නොමැත. මේ ආකාරයෙන් සිතමින් උදම් අනා මා විඳින මේ සැප සම්පත් වෙනත් කිසිවකු නො විඳිනු ඇතැයි සිතා සතුටු වූ හ. ඊට පසු අර මිනිසුන් දස දෙනා එන විට දී මොහු දැක යක්ෂයකු බව සිතා දුනුවලින් විදින්නට සූදානම් වූ අවස්ථාවේ දි අර මිනිසා මම යක්ෂයෙක් නොවෙමි. මිනිසෙක් වෙමි’යි යනුවෙන් පැවසීය.
මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා අ.භා. 09.59 ගෙවේ 17. ඉරිදා සිල්
පුර අටවක
මාර්තු 17
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
අමාවක
අප්‍රේල් 08
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]