ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ මැදින් පුර අටවක පෝදා 2024 මාර්තු 17 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම වූ සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ උතුම් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් වූයේ සම්බුද්ධත්වයෙන් පසු එළැඹි නවම් පොහෝ දිනෙක ය. ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ අතර අග තනතුරු දැරූ සැරියුත් තෙරුන් දකුණත්සව් ලෙසත්, ඝෘද්ධිමතුන් අතර අගතැන් දැරූ මුගලන් තෙරුන් වමත්සව් ලෙසත් ශ්‍රාවක භික්ෂු සංඝයා අතර මුල්තැන ගත්හ. සම්බුදු දහම ඔපවත් කළ තේජමාන බවින් යුත් දෑඅගසව්වන් වහන්සේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත් නාලන්දාව ජන්මභූමිය කර ගත්හ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී ම ලෝකයේ ඉදිවූ මුල් ස්තූප අතරට මෙම දෑඅගසවුවන් වහන්සේගේ ස්තූප ද නිතැතින් ම අයත් වේ. සැරියුත් තෙරුන් වහන්සේගේ පිරිනිවීම සිදු වූයේ රජගහනුවර සමීපයේ දී බැවින් ආදාහනයෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත්කොට සැවැත්නුවර ජේතවනාරාම භූමියේ ම කුඩා ස්තූපයක් බඳවා ඇති බව ඓතිහාසික ව වාර්තා වේ. මුගලන් තෙරුන් වහන්සේගේ පිරිනිවීම රජගහනුවර සමීපයේ ගල් ලෙනක සිදුවූ හෙයින් ආදාහනයෙන් පසුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නිදන් කොට රජගහනුවර වේළුවනාරාමයේ ම කුඩා ස්තූපයක් ඉදි කළ බව ද බෞද්ධ ග්රන්ථවලින් පැහැදිලි වේ. කෙසේ වුවද සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ ම ධාතුන් වහන්සේ දඹදිව විවිධ ස්ථානවල නිදන් කොට ස්තූප බඳවා ඇති බව පුරාවිද්‍යාත්මක ව තහවුරු වී ඇත. එසේම අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය වැනි රටවලට ද බෙදා හැර ඇති බව පසුකාලීන ව පෙනී යයි.
මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා අ.භා. 09.59 ගෙවේ 17. ඉරිදා සිල්
පුර අටවක
මාර්තු 17
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
අමාවක
අප්‍රේල් 08
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]