ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ මැදින් පුර අටවක පෝදා 2024 මාර්තු 17 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කර්මය හා ඉන් ජනිත වන ඵලය පිළිබඳ පරතෙරට සිතා අවසන් කළ නොහැකි ය. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි තෝදෙය්‍ය පුත්ත සුබ මානවකයා මිනිසත් බව ලැබූ මිනිසුන්ගේ උස් පහත් වශයෙන් පවත්නා වෙනසට හේතුව කුමක්දැයි විචාළේ ය. ඒ අනුව ගෞතමයන් වහන්සේ මෙසේ වදාළ සේක. අල්ප ආයුෂ ඇති අය දක්නා ලැබෙත්, බොහෝ ආයුෂ, දිගාසිරි ඇති අය දක්නා ලැබෙත්, බොහෝ ආබාධ ඇති අය දක්නා ලැබෙත්, අල්ප ආබාධ ඇති අය දක්නා ලැබෙත්, දුර්වර්ණ අය දක්නා ලැබෙත්, වර්ණවත් අය දක්නා ලැබෙත්, අල්ප යසස් ඇති අය දක්නා ලැබෙත්, මහත් යසස් ඇති අය දක්නා ලැබෙත්, අල්ප භෝග ඇති අය දක්නා ලැබෙත්, මහත් භෝග ඇති අය දක්නා ලැබෙත්, පහත් කුලහීන අය දක්නා ලැබෙත්, උසස් කුලීන අය දක්නා ලැබෙත්, දුෂ්ප්‍රාඥා අය දක්නා ලැබෙත්, ප්‍රඥාවත් අය දක්නා ලැබෙත්, මෙලොව මිනිස් බව ලද මිනිසුන් අතර පවත්නා මෙම වෙනසට හේතු කවරේදැයි සුබ මානවකයා විමසීය. ඊට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ, මෙම උසස් පහත් භේදයට හේතුව කර්මය බවත්, කර්මය සත්වයා හීන ප්‍රහීන වශයෙන් බෙදා ඇති බවත් ය. අනතුරුව එම වෙනස්කම්වලට හේතු සවිස්තරාත්මක ව විස්තර කළහ. ඒ අනුව ප්‍රාණඝාතය හේතුවෙන් අයුෂ අඩු වන බව ද, ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් ආයුෂ වැඩි වන බව ද, සතුන්ට හිංසා කිරීමෙන් බොහෝ ආබාධ ඇතිවන බව ද, සතුන්ට හිංසා නොකිරීමෙන් ආබාධ අඩු වන බව ද, ක්‍රෝධය බහුල වීමෙන් දුර්වර්ණ වන බව ද, ක්‍රෝධ නොකිරීමෙන් වර්ණවත් වන බව ද, ඊර්ෂ්‍යාව හේතුවෙන් අල්පේශාක්‍ය වන බව ද, ඊර්ෂ්‍යා නොකිරීමෙන් මහේශාක්‍ය වන බව ද, දන් නොදීම හේතුවෙන් අල්පභෝග වන බව ද, දන් දීම හේතුවෙන් මහත් භෝග ලබන බව ද, මානාධික වීම හේතුවෙන් පහත් කුලවල උපත වන බව ද, මානාධික නොවීමෙන් උසස් කුලයන්හි උපත වන බව ද, විමසා බලා ක්‍රියා නොකිරීමෙන් නුවණ මඳ වන බව ද, විමසා බලා ක්‍රියා කිරීමෙන් නුවණ ඇති වන බව ද, සඳහන් කර ඇත.
මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා අ.භා. 09.59 ගෙවේ 17. ඉරිදා සිල්
පුර අටවක
මාර්තු 17
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
අමාවක
අප්‍රේල් 08
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]