ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් අමාවක පෝදා 2024 මාර්තු 10 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් පෙරහරේ ඉන්දිරාජා ඇතු කරඬුව වැඩම කරවීම ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
මාර්තු 09 සෙනසුරාදා අ.භා. 06.18 අමාවක ලබා 10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ. 10 ඉරිදා සිල්
අමාවක
මාර්තු 10
පුර අටවක
මාර්තු 17
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
බුදු සසුනෙන් ලබා ගත යුතු ඉතා උසස් වූ ධ්‍යාන මාර්ග ඵලයන්ගෙන් එකකුදු ලබා සිටින අය මෙකල ඉතා දුර්ලභ බව කවුරුත් දන්නා කරුණකි. ලබා සිටින අය තබා ඒවා සොයන, ඒවා ලැබීමට උත්සාහ කරන අය ද මෙකල සුලභ නැත. බුදු සසුනට ගරු කරන, බුදු සසුනෙහි දියුණුව පතන සැම දෙනා විසින් ම එය දත යුතු ය. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ විසින් ම අනාගත ලෝකය දෙස බලා දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය අනාගත භය සූත්‍රයේ එම කරුණු දැකිය හැකි ය. මහණෙනි, මේ කාලයේ හට නොගත්තා වූ අනාගත භය පහක් මේ සසුනෙන් මතු කාලයේ දී ඇති වන්නේ ය. ඒවා තේරුම් ගෙන, ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. මහණෙනි අනාගත කාලයෙහි කාය භාවනා නැත්තා වූ, සීල භාවනා නැත්තා වූ, චිත්ත භාවනා නැත්තා වූ, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නාහු ය. ඔහුහු තමන්ගේ ගෝලයන් අධිශීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි පිහිටුවන්නට නොහැකි වන්නාහු ය. එබැවින් ඒ ගෝලයෝ ද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. ඔවුහු ද අන්‍යයන් උපසම්පදා කරන්නාහ. ඒ ගෝලයන් ද අධිශීලයෙහි අධිචිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි පිහිටවීමට නොසමත් වන්නාහ. එබැවින් ඔවුහු ද කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. මහණෙනි, මෙසේ සමථ විදර්ශනා ධර්මය නැසීමෙන් විනය නැසීම වේ. විනය නැසීමෙන් ධර්මය නැසීම සිදු වේ. මෙය මතු කාලයේ වන්නා වූ පළමු අනාගත භයයි.
අප ලොව්තුරා බුදුන් වහන්සේ බෝසත් අවධිය තව්තිසා දෙව්ලොව වැඩවසන කල්හි සිට කාලය පිළිබඳව අවධාරණය කළ උතුමෙකි. උන්වහන්සේගේ මනුෂ්‍ය ලොව පහළ වීම ද අහම්බෙන් සිදුවූවක් නොව, එය කාලය. දීපය, දේශය, කුලය, මව යන පස්මහ බැලුම් බලා දේවාරාධනාවෙන් සිදුවූවකි. බුදුරජාණන් වහන්සේ නමක් හැම කල්හි පහළ නොවෙති. උන්වහන්සේ පහළවන්නා වූ බුද්ධෝත්පාද කාල සීමාවන් පවතී. එම කාලසීමාවල දී දාර්ශනිකයන් සතර දිශාවන්හි පහළවීම ද සිදුවනු ඇත. නිදර්ශන ලෙස ගෞතම බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙසින් උපත ලබන කාලයේ දී භාරතයේ ෂඩ් ශාස්තෘවරු ද, යුරෝපයේ දාර්ශනිකයින්ගේ ද, පහළවීම් අසන්නට ලැබුණු සමයක් විය. (ක්‍රි.පූ. 6 වැනි සියවස) සිදුහත් කුමරු කුඩා කාලයේ පටන් ඒ ඒ අවධීන්ට උචිත වූ ශිල්ප, ශාස්ත්‍ර, හරඹ, කලා, වේද ආදිය ද, විනෝදාංශයන්හි ද නිරත වූ අතර, සොළොස්වියේ දී විවාහ දිවියට එළැඹිණ. ගිහි දිවිය සක්විති රජකු සේ ගත කළ සිදුහත් කුමරු, වයස අවුරුදු විසිනවයේ දී ගිහිගෙයින් අභිනිෂ්ක්‍රමණය කරන ලදී. ඒ හුදු පරාර්ථකාමී මෙහෙයක් උදෙසා ය. එතැන් පටන් ‘කිං ගවේෂි‘ වූ සිදුහත් බෝසතාණෝ විවිධ වූ ගුරුවරුන් යටතේ තම කාලය ගත කරන ලද්දේ ලෝකය පිළිබඳ යථාවබෝධය ලබා ගැන්ම උදෙසා ය. ඉන් ඵල නො ලද එතුමා අත්ථකිලමතාව තුළින් ඉතා අති දුෂ්කර කාලසීමාවක් පුරා වසර හයක කාලසීමාවක් ගත කරන ලද්දේ ද පෙරකී කාරණය උදෙසාම ය. ඒ මත ක්‍රියාකිරීමෙන් ද යථාවබෝධය ලැබිය නොහැකි බව මනාව ප්‍රත්‍යක්ෂ කරගත් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාගත ව තම කාලය තිර අදිටනින් යුක්ත ව ගත කරන ලද්දේ සත්‍යාවබෝධය ලැබීම උදෙසා ම ය.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ භික්ෂු ශාසනය විශිෂ්ට සඟ පරපුරකින් පැවැත එන්නකි. අද්විතීය ධර්ම කථික, ධර්මධර, භාවනාධර, භික්ෂුන් වහන්සේ මෙන්ම අභීත, දේශමාමක, ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ ද ශාසන ඉතිහාසය ආලෝකවත් කර ඇත. අභීත ස්වාමීන් වහන්සේ අතර වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බුදු දහම වෙනුවෙන් දිවි පරදුවට තැබූ එක් සංඝ පීතෘ රත්නයක් ලෙස ප්‍රසිද්ධ ය. 1815 මාර්තු 2 දින ඉංගී‍්‍රසි උඩරට බලය අල්ලා සිටියදී ඉංගී‍්‍රසි කොඩිය බිම දමා නැවත සිංහල කොඩිය එසවූයේත්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉංගී‍්‍රසින්ට අයිති වීමට නොදී සිංහලයන්ට භාරදීමට කටයුතු කරන විට සිරදඬුවම් වින්දේත් වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ගමෙහි 1795 දී බමුණකොටුවේ රාලහාමිගේ කිරිහාමි නමින් උපත ලද ස්වාමීන් වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණකොටුවේ රාල විය. වයස අවුරුදු දොළහේ දී පමණ පූජ්‍ය නාවින්නේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස ශ්‍රමණභාවය ලැබීය. ඉක්මනින් ම උපසම්පදාව ලැබූ හිමියෝ වාරියපොළ ශෛලතලාරාමය (ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරය) විහාරයේ අධිපති ලෙස කලක් කටයුතු කළහ. අස්ගිරි නිකායේ අනුනායක ධුරය උන්වහන්සේට පිරිනැමුණු පසු ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු වෙනුවෙන් මහනුවරට වැඩම කර උදාර ශාසනික මෙහෙවර ආරම්භ කළහ.
අපගේ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිදුවු සිදුවීමක් මෙසේ වදාළා. තව්තිසා දෙව්ලොව වාසය කළා සුබ්‍රහ්ම නමැති දෙවියෙක්. මේ සුබ්‍රහ්ම දෙවියාට දිව්‍ය අප්සරාවෝ දහසක් දෙනා සිටියා. ඒ අප්සරාවන් සමඟ ඒ දෙවියා හරිම සතුටින් සන්තෝෂයෙන් කාලය ගත කළා. යම් කාලයක් එනවා දෙව්ලොව තිබෙන අසිරිමත් පරසතුමල් වෘක්ෂයේ මල් පිපෙන, පරසතු මල් පිපෙන කාලයට දෙවිවරු ඒ ගස යටට යන්න ආශා කරනවා. මේ සුබ්‍රහ්ම දෙවියාටත් අප්සරාවෝ ඇවිටිලි කළා. “දේව පුත්‍රය, අපිත් පරසතු මල් වෘක්ෂය යටට ගොස් සතුටු වෙමු” කියලා. ඒ අනුව ඔවුන් වෘක්ෂය යටට ගොස් මල් කඩමින් මල් මාලා ගොතමින් දෙවියාට පළඳවමින් සතුටු වෙවී සිටියා. සුබ්‍රහ්ම දෙවියා දෑස් පියාගෙන සතුටින් සිටියා. ඔහුට එක වරම පාළුවක් දැනුණා. දෙවියා දෑස් ඇර බැලුවා. එක අප්සරාවක්වත් එතැන සිටියේ නැහැ. ඒ දෙවියා පරසතුමල් වෘක්ෂය වටේම අප්සරාවන්ගේ නම් කියමින් සෙව්වා. කිසිවෙක් නැහැ. දෙවියාගේ සිතට බියක් ඉපදුණා. මාගේ පි‍්‍රයාදර අප්සරාවියෝ මාව දාලා ගිහිල්ලා ද? ඔවුන්ට දිව්‍ය ජීවිතය අහිමි වෙලා වෙන ලෝකයකට චුත වුණා ද කියලා දෙවියාට සිතුණා. සුබ්‍රහ්ම දෙවියාට තිබුණා ඥානයක්. ඒ ඥානයෙන් දෙවියා බැලුවා තමාගේ අප්සරාවෝ මේ තව්තිසා දෙව් ලොවෙන් යට තිබෙන චාතුම්මහාරාජික දෙව්ලොව ඉපදුණා ද කියලා. හිටියේ නැහැ. භූමාටු දෙවියන් අතරත් නැහැ. මනුලොව ඉපදුණා ද බැලුවා. මනුලොවත් නැහැ. ප්‍රේතයන් අතරත්, තිරිසන් ලොවේත්, අසුර ලොවේත් ඔවුන් නැහැ.
තලවතුගොඩ ගණේලන්ද රාජ මහා විහාරාධිපති හිමියෝ අපවත් වෙති
උනපාන චන්ද්‍රජෝති හිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති
මහවැව පුස්තකාල පාඨක සමාජ මව්පිය වන්දනා හරසර උළෙල
ඉතිරිය»
ආයති සංවරයේ වටිනාකම කියන සුසීම සූත්‍රය
දස පින් පුරමු
බ්‍රහ්මචාරී ජීවිතයේ සුවය
වත්ථූපම සූත්‍රයෙන්
අංගුලිමාල ස්ථවිර ගාථා ...
කීර්තිය අතහැර අම්මා වෙනුවෙන් කැප වූබෝසත් ඇතා
ශ්රාවකයා සතු අභිමානය
ඉන්දියාව බුද්ධ කාලයේ ජම්බුදීපය යි
හැමදාම සතුටින් ඉන්න ලද දෙයින් සෑහෙන්න
වඳිමු සිරිපා
සැරියුත් - මුගලන් ධාතුන් වහන්සේ වැඩ සිටින උතුම් දඹදිව වන්දනීය දාගැබ්
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]