[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු උදාර සංඝ පීතෘවරයාණන් වහන්සේ

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ භික්ෂු ශාසනය විශිෂ්ට සඟ පරපුරකින් පැවැත එන්නකි. අද්විතීය ධර්ම කථික, ධර්මධර, භාවනාධර, භික්ෂුන් වහන්සේ මෙන්ම අභීත, දේශමාමක, ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ ද ශාසන ඉතිහාසය ආලෝකවත් කර ඇත. අභීත ස්වාමීන් වහන්සේ අතර වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බුදු දහම වෙනුවෙන් දිවි පරදුවට තැබූ එක් සංඝ පීතෘ රත්නයක් ලෙස ප්‍රසිද්ධ ය. 1815 මාර්තු 2 දින ඉංගී‍්‍රසි උඩරට බලය අල්ලා සිටියදී ඉංගී‍්‍රසි කොඩිය බිම දමා නැවත සිංහල කොඩිය එසවූයේත්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉංගී‍්‍රසින්ට අයිති වීමට නොදී සිංහලයන්ට භාරදීමට කටයුතු කරන විට සිරදඬුවම් වින්දේත් වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ගමෙහි 1795 දී බමුණකොටුවේ රාලහාමිගේ කිරිහාමි නමින් උපත ලද ස්වාමීන් වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණකොටුවේ රාල විය. වයස අවුරුදු දොළහේ දී පමණ පූජ්‍ය නාවින්නේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස ශ්‍රමණභාවය ලැබීය. ඉක්මනින් ම උපසම්පදාව ලැබූ හිමියෝ වාරියපොළ ශෛලතලාරාමය (ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරය) විහාරයේ අධිපති ලෙස කලක් කටයුතු කළහ. අස්ගිරි නිකායේ අනුනායක ධුරය උන්වහන්සේට පිරිනැමුණු පසු ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු වෙනුවෙන් මහනුවරට වැඩම කර උදාර ශාසනික මෙහෙවර ආරම්භ කළහ. අනුනායක තනතුරට පත්වීමත් සමඟම ධර්මධර භික්ෂුවකගේ මනා වූ ශාස්ත්‍රීය දැනුමත්, සම්බුද්ධ ශාසනයත්, ලංකාදීපයත් රැකගැනීමේ අභීත අරගලයට උරදීම ද ඇරඹූහ. ශ්‍රී දළදා වහන්සේ හා උඩරට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා එවකට සිටි භික්ෂූන් වහන්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසියීන්ගේ ආක්‍රමණයන්ට විරුද්ධව මහත් කැපවීමෙන් කටයුතු කළහ. නිදහස් අරගලයේ දී උඩරට රාජ්‍යය විදේශ ආක්‍රමණිකයන්ගෙන් බේරාගැනීම සඳහා මෙසේ කැපී පෙනුන, සංඝ පීතෘවරයාණන් කෙනෙක් වූයේ වාරියපොළ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ය.


නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]