[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

එදා බුදුරදුන් දුටු අනාගත භය

බුදු සසුනෙන් ලබා ගත යුතු ඉතා උසස් වූ ධ්‍යාන මාර්ග ඵලයන්ගෙන් එකකුදු ලබා සිටින අය මෙකල ඉතා දුර්ලභ බව කවුරුත් දන්නා කරුණකි. ලබා සිටින අය තබා ඒවා සොයන, ඒවා ලැබීමට උත්සාහ කරන අය ද මෙකල සුලභ නැත. බුදු සසුනට ගරු කරන, බුදු සසුනෙහි දියුණුව පතන සැම දෙනා විසින් ම එය දත යුතු ය. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ විසින් ම අනාගත ලෝකය දෙස බලා දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය අනාගත භය සූත්‍රයේ එම කරුණු දැකිය හැකි ය. මහණෙනි, මේ කාලයේ හට නොගත්තා වූ අනාගත භය පහක් මේ සසුනෙන් මතු කාලයේ දී ඇති වන්නේ ය. ඒවා තේරුම් ගෙන, ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. මහණෙනි අනාගත කාලයෙහි කාය භාවනා නැත්තා වූ, සීල භාවනා නැත්තා වූ, චිත්ත භාවනා නැත්තා වූ, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නාහු ය. ඔහුහු තමන්ගේ ගෝලයන් අධිශීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි පිහිටුවන්නට නොහැකි වන්නාහු ය. එබැවින් ඒ ගෝලයෝ ද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. ඔවුහු ද අන්‍යයන් උපසම්පදා කරන්නාහ. ඒ ගෝලයන් ද අධිශීලයෙහි අධිචිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි පිහිටවීමට නොසමත් වන්නාහ. එබැවින් ඔවුහු ද කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. මහණෙනි, මෙසේ සමථ විදර්ශනා ධර්මය නැසීමෙන් විනය නැසීම වේ. විනය නැසීමෙන් ධර්මය නැසීම සිදු වේ. මෙය මතු කාලයේ වන්නා වූ පළමු අනාගත භයයි. මහණෙනි, අනාගත කාලයෙහි කාය භාවනා, ශීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. ඔවුහු අන් භික්ෂූන්ට නිගා දෙන්නාහ. ඔවුහු ඒ ගෝලයන් අධිශීලයෙහි, අධි චිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි පිහිටුවන්නට නොසමත් වන්නාහ. ඔවුහු ද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ අන්‍යයන්ට නිගා දෙන්නාහ. ඒ ගෝලයන් ද අධිසීලයෙහි, අධි චිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි, පිහිටවන්නට සමත් නොවෙති. ඔවුහු ද කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තෝ වෙති. මහණෙනි මෙසේ සමථ විදර්ශනා සංඛ්‍යාත ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මෙය මතු කාලයෙහි පහළ වන්නා වූ දෙවැනි අනාගත භය වන්නේ ය.


නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]