[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී පුළිනතලාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - විමල් කරුණාතිලක

දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

සංසිඳුණු සිත අකුසල සිතිවිලි වළකයි

රාග, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් මුල් කොට සිත තුළ ඇති වන සියලු අකුසල් පුද්ගල ජීවිතය පරිහානියට, දුගතියට ඇද දමයි. දමනය නොකළ පාලනය නොකළ, සිතක් ඇති පුද්ගලයා තම හිතුමනාපයට කටයුතු කිරීමෙන් අකුසල් රැස් කර ගනිමින් තම ජීවිතය අනතුරට පත් කර ගනී. මේ නිසා දමනය කළ, සංසිඳුන සිතක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තමාගේ මෙන් ම සමාජයේ ද පොදු යහපත පිණිස ම වේ. සිතක් දමනය කිරීම පහසු දෙයක් නොවේ. නමුත් එය කළ නොහැකි දෙයක් ද නොවේ. “චිත්තං දන්තං සුඛාවහං” දමනය කළ සිත සැප ගෙන දේ යනුවෙන් ධම්මපදයෙහි දේශනා කොට වදාළේ චිත්ත දමනයෙහි වටිනාකම පිළිබඳවයි. එමෙන් ම සිත වහා වෙනස් වන බවත් (ලහු පරිවත්තං චිත්තං) උපමාවකින් හෝ එම වේගය පැවසිය නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. සිතක් සැම විටක ම අරමුණක් සමඟ ම උපදී. ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද ආදී වශයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු අනුව සිත උපදී. එසේම පුද්ගලයා සතු අයෝනිසෝමනසිකාරය හෙවත් වැරැදි ලෙස කල්පනා කිරීම නිසා අරමුණ හේතුවෙන් රාග, ද්වේශ, මෝහ යන අකුසල් ඇතිවේ. නිතර සිහියෙන්, නුවණින් (සති සම්පජ්ඤ්ඤ) යුතුව කටයුතු කිරීමෙන් අකුසල් ඇතිවීම පාලනය කළ හැකි ය.

සිරිපා කරුණාවෙන් පමණක් කළ හැකි පාදවීථිහාර පුණ්‍ය කර්මය

සිරිපා පද්මය උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෙසත්, උද්දේසික ධාතුන් වහන්සේ නමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා තිබෙන උතුම් සලකුණක් තමයි ශ්‍රීපාද පද්ම ය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ස්පර්ශ කළ පාරිභෝගික කළ සංකේතයක් ලෙසත්, ශ්‍රීපාද කමල නැත්නම් සිරිපා සලකුණ හඳුන්වන්න පුළුවන්. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සිරිපා සලකුණ තුන් ලෝකයට ම උතුම් සලකුණක්. මහ බෝසතාණන් වහන්සේ පස්මහබැලුම් බලා මහාමායා බිසවගේ කුසේ පිළිසිඳ ගෙන ලුම්බිණි සල් වනයේ යම් දවසක බිහිවුණා ද, ඒ බිහිවීම සිදුවූයේ අන් අය වගේ නොවෙයි. බෝසත් කුමරු ඉපදෙන විට මුලින්ම ඉපදුනේ සිරිපා කමල යි. මවගේ කුස ඇතුළේ පද්මාසනයෙන් තමයි මහ බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ සිටි පද්මාසනය ම ඉදිරියට දිග හැර මනුලොව බිහිවුණා. එවිට තුන් ලෝකයට ම මුලින්ම දකින්නට පුළුවන් වන්නේ බෝසතාණන් වහන්සේ ගේ සිරිපා සඟල යි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු සිරුර රන් දෙරණේ තැන්පත් කර සුවඳ තෙල් යොදා සඳුන් දර චිතකයේ ආදාහනය කෘත්‍ය සඳහා තැන්පත් කළ මොහොතේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවසන් වතාවට බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා වන්දනා කළා. එහෙම නම් මුලින්ම දුටුවෙත්, අවසානයට දුටුවෙත් උන්වහන්සේගේ සිරිපා පද්මය යි. එදා ඒ පුංචි සිරිපා පතුළ මිහිමඬලේ තබ තබා සත් පියවරක් ගමන් කරන විට මිහිමඬල දෙබෑ කරගෙන පියුම් මතු වුණා.

බුදු දහමේ ව්‍යාප්තියට යොවුන් ප්‍රජාවේ දායකත්වය

තරුණ වියෙහි ජීවත්වන පිරිමින් හැඳින්වීම සඳහා තරුණයා, ගැටයා, ගැටවරයා, යෞවනයා, මානවකයා, කොල්ලා යනාදී ව්‍යවහාර ද, ගැහැනුන් හැඳින්වීම සඳහා තරුණිය, යෞවනිය, මානවිකාව, ගැටිස්සිය, කෙල්ල යනාදී නම් ද වහරනු ලැබේ.මෙම සියලු පර්යාය පදවල අර්ථමය වශයෙන් ඔවුන්ගේ ගති ලක්ෂණ සමඟ කිසියම් සම්බන්ධයක් දක්නට ලැබේ. යොවුන් පුද්ගලයන් තුළ පවතින ගුණාංග අතර සුවිශේෂී ලක්ෂණය වන්නේ කායික ජවසම්පන්න භාවයයි. (ජවො) එහෙත් මීට වඩා බොහෝ ලක්ෂණ තරුණ පුද්ගලයන් තුළ දක්නා ලැබේ. පෙනුම (රුපවා) නව්‍ය බව (යොබ්බඤ්ඤං) ධෛර්ය සම්පන්න බව (ධිතිමා) ක්‍රියාශීලිත්වය, කාර්යශූරත්වය (සුරො) මෙම වයසේ සිටින පුද්ගලයකුට උපරිමයෙන් හිමිවේ. මෙම නිසා ලෝකයෙහි කවදත් තරුණයන් හා තරුණියන් විෂයයෙහි විවිධ ක්ෂේත්‍රවල වැඩි ඉල්ලුමක් පවතී. ස්වකීය ගෘහයෙහි දී පමණක් නොව විවාහය, අධ්‍යාපනය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ද, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද තරුණයන් විෂයෙහි දක්වන ඉල්ලුම ප්‍රබල වේ. ඔවුන්ගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය තියුණු වීම මෙයට හේතුවයි. එහෙයින්ම තරුණ විය ඉක්මවා යාම මානසික කනස්සල්ලකට හේතුවන බැවින් වයස්ගත පුද්ගලයෝ ද තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට විවිධ උත්සාහයන් දැරීම සමාජයේ සුලබව දක්නට ලැබෙන කරුණකි.

මිල කළ නොහැකි ජීවිත රක්ෂණය

නිසරු දේ සරු වශයෙනුත්, සරු දේ නිසරු වශයෙනුත් ගෙන වැරැදි සංකල්පවල එල්බගත් පුද්ගලයන් කිසිදා සරුඵල නොලබති. ලොව්තුරු දහමෙහි සනාතනික හැඟීම වන්නේ මේ ලෝකය හා ලෝකයා අස්ථීර බව ය. තිර පැවැත්මක් නැති, අස්ථීර ලොවක් තුළ වෙසෙන අප ජීවිතයේ සැබෑ ස්වරූපය මනාව තේරුම් ගත යුතු ය. සැබැවින් ම ජීවිතය යනු කුමක්ද? පින්වත් ඔබ මොහොතක් මේ ගැන සිතන්න. ඉහත ගාථාවෙන් ප්‍රකාශිත අයුරු, බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ පුද්ගලයකු ජීවිත අවබෝධය ලබා සරුඵල ලබන අයුරු ය. අද බොහෝ මිනිසුන් වැරැදි ආකල්ප, වැරැදි අදහස්, වැරැදි තීන්දු නිසා නොමඟ ගොස් ඇත. වැරැදි මතවාද පතුරුවමින් නිසරු දේ පසුපස හඹාගොස් සිය ජීවිත අසාර්ථක කර ගෙන ඇත. පුද්ගල ජීවිතයේ යහපත පිණිස පවතින බොහෝ සරු දේ ඇත. නමුත් ඒවා හැරදා ඇත. අද බොහෝ දෙනා නිර්මල දහම තිබිය දී පුද්ගලවාදී දෙසුම් කෙරෙහි ඇලීගැලී නොමඟ ගොස් තිබේ. බුදුන් වහන්සේ වදාළ මැඳුම් පිළිවෙත අනුගමනය නොකොට වැරැදි මාර්ග ඔස්සේ ගමන් කරමින් පුද්ගල ජීවිත අවුලෙන් අවුලට පත්කර ගෙන ඇත. පවිටු අදහස්, පවිටු සිතිවිලි වෙනුවට, සම්මා සංකප්ප හෙවත් යහපත් සංකල්පනා ඇතිකර ගත යුතු බව බුදුදහමේ එන මූලික දෙසුමකි. ඒ අනුව අප අපගේ පළමු පියවර වශයෙන් වැරැදි සංකල්පනා දුරු කළ යුතු ය. ඉන්පසු සරු දේ කුමක් දැයි සෙවිය යුතු ය. පංචකාම දුෂ්චරිතයෙන් ඈත් වීම එහි එක් පියවරකි. එනම් පංචසීල ප්‍රතිපදාව ගෘහස්ථ සීලය වශයෙන් ගෙන පළමුව රැකිය යුතු ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]