[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සංසිඳුණු සිත අකුසල සිතිවිලි වළකයි

රාග, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් මුල් කොට සිත තුළ ඇති වන සියලු අකුසල් පුද්ගල ජීවිතය පරිහානියට, දුගතියට ඇද දමයි. දමනය නොකළ පාලනය නොකළ, සිතක් ඇති පුද්ගලයා තම හිතුමනාපයට කටයුතු කිරීමෙන් අකුසල් රැස් කර ගනිමින් තම ජීවිතය අනතුරට පත් කර ගනී. මේ නිසා දමනය කළ, සංසිඳුන සිතක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තමාගේ මෙන් ම සමාජයේ ද පොදු යහපත පිණිස ම වේ. සිතක් දමනය කිරීම පහසු දෙයක් නොවේ. නමුත් එය කළ නොහැකි දෙයක් ද නොවේ. “චිත්තං දන්තං සුඛාවහං” දමනය කළ සිත සැප ගෙන දේ යනුවෙන් ධම්මපදයෙහි දේශනා කොට වදාළේ චිත්ත දමනයෙහි වටිනාකම පිළිබඳවයි. එමෙන් ම සිත වහා වෙනස් වන බවත් (ලහු පරිවත්තං චිත්තං) උපමාවකින් හෝ එම වේගය පැවසිය නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. සිතක් සැම විටක ම අරමුණක් සමඟ ම උපදී. ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද ආදී වශයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු අනුව සිත උපදී. එසේම පුද්ගලයා සතු අයෝනිසෝමනසිකාරය හෙවත් වැරැදි ලෙස කල්පනා කිරීම නිසා අරමුණ හේතුවෙන් රාග, ද්වේශ, මෝහ යන අකුසල් ඇතිවේ. නිතර සිහියෙන්, නුවණින් (සති සම්පජ්ඤ්ඤ) යුතුව කටයුතු කිරීමෙන් අකුසල් ඇතිවීම පාලනය කළ හැකි ය. එසේම ඉන්ද්‍රිය සංවරය වශයෙන් බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වන්නේ, ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණුවල නිමිති නොගෙන සිටීමයි.


දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]