UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පින්කම් උසස් පහත් වන්නේ කෙසේද?

බුදු දහමට අනුව සෑම පින්කමක් ම සිදු කිරීමට ඇත්තේ මහා කුසල් සිත් අටක් පමණි. අකුසල හෙවත් පාප කර්ම නසන නිසා කුසල් වේ. ලෝභ, දෝස, මෝහ යන අකුසල චේතසික (සිතිවිලි) හේතුවෙන් ඇතිවන අකුසල මූල යටපත් කර සුමගට යොමුකර මනුෂ්‍ය, දිව්‍ය යන සුගති භූමියෙහි ඉපදීමට ඉවහල් වන බැවින් මෙම සිත් කුසල කර්ම කිරීමේ දී පහළ වේ. දස පුණ්‍ය ක්‍රියා හා දස කුසල් කිරීමේ දී ඇතිවන චේතසික (සිතිවිලි) ක්‍රියාත්මක වන්නේ මේ මහා කුසල් සිත් සමඟ ය.පින්කමක් සිදු කිරීමේ දී සඳහන් කරන ලද මහා කුසල් සිත් අටෙන් කුමන හෝ කුසල් සිතකට අයත්වන බව සඳහන් කිරීමට හැකි ය. පින්කමක අවස්ථා තුනක් පෙන්වාදිය හැක. එනම්, පූර්ව අවස්ථාව, මුඤ්චන අවස්ථාව, අපර අවස්ථාව යනුවෙනි. මෙහි දී පූර්ව අවස්ථාව ලෙස පින්කම සිදුකිරීමට පෙර මහා කුසල් සිත් අටේ ප්‍රථම කුසල් සිත වන ‘සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික කුසල් සිත වශයෙන් පෙන්වාදීමේ දී සතුටෙන්, ඤාණයෙන්, මෙහෙයීමකින් තොරව සිදුකිරීමයි. මුඤ්චන අවස්ථාව ලෙස විස්තර කිරීමේ දී පින්කම සිදුකරන මොහොත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූල අනුගමනය කළ යුතු ය. අපර අවස්ථාව යනු පින්කම සිදුකර අවසන් වූ විටත් යහපත් පින්කමක්, වැදගත් පින්කමක්, සිතුවටත් වඩා උසස් අයුරින් සිදුකර ගත්තා යයි සෝමනස්ස ඤාණ සම්පයුත්තයෙන් මෙනෙහි කළ යුතු ය. මේ අනුව බුද්ධිමත්ව සිතීම, කල්පනා කිරීම වඩ වඩාත් වැදගත් වේ. මෙවිට කුසල හේතු තුනම යෙදීම නිසා ත්‍රිහේතුක උත්කෘෂ්ඨ බව ඇති වේ.

ඉතිරිය»

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]