බුද්ධ ප්‍රතිමා වහන්සේ
නිරාවරණය 17 වනදා
දිගන රජවැල්ලේ රාජවාලුකාරාමයේ පනස්හතර රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම මස 17 වනදා
සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා නිරාවරණය කෙරේ. එම අවස්ථාවට මහ නායක මාහිමිපාණන්
වහන්සේලා ඇතුළු මහ සඟරුවන සහ ආරාධිත අමුත්තන් සහභාගිවීමට නියමිත ය.
ඉතිරිය» ධර්ම දේශනාව: පින්කම් උසස් පහත් වන්නේ කෙසේද?
බුදු දහමට අනුව සෑම පින්කමක් ම සිදු කිරීමට ඇත්තේ මහා කුසල් සිත් අටක් පමණි.
අකුසල හෙවත් පාප කර්ම නසන නිසා කුසල් වේ. ලෝභ, දෝස, මෝහ යන අකුසල චේතසික (සිතිවිලි)
හේතුවෙන් ඇතිවන අකුසල මූල යටපත් කර සුමගට යොමුකර මනුෂ්‍ය, දිව්‍ය යන සුගති භූමියෙහි
ඉපදීමට ඉවහල් වන බැවින් මෙම සිත් කුසල කර්ම කිරීමේ දී පහළ වේ.
දස පුණ්‍ය ක්‍රියා හා දස කුසල් කිරීමේ දී ඇතිවන චේතසික (සිතිවිලි) ක්‍රියාත්මක
වන්නේ මේ මහා කුසල් සිත් සමඟ ය.පින්කමක් සිදු කිරීමේ දී සඳහන් කරන ලද මහා කුසල්
සිත් අටෙන් කුමන හෝ කුසල් සිතකට අයත්වන බව සඳහන් කිරීමට හැකි ය.
පින්කමක අවස්ථා තුනක් පෙන්වාදිය හැක. එනම්, පූර්ව අවස්ථාව, මුඤ්චන අවස්ථාව, අපර
අවස්ථාව යනුවෙනි. මෙහි දී පූර්ව අවස්ථාව ලෙස පින්කම සිදුකිරීමට පෙර මහා කුසල් සිත්
අටේ ප්‍රථම කුසල් සිත වන ‘සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික කුසල් සිත වශයෙන්
පෙන්වාදීමේ දී සතුටෙන්, ඤාණයෙන්, මෙහෙයීමකින් තොරව සිදුකිරීමයි. මුඤ්චන අවස්ථාව ලෙස
විස්තර කිරීමේ දී පින්කම සිදුකරන මොහොත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව අලෝභ,
අදෝෂ, අමෝහ යන කුසල මූල අනුගමනය කළ යුතු ය. අපර අවස්ථාව යනු පින්කම සිදුකර අවසන් වූ
විටත් යහපත් පින්කමක්, වැදගත් පින්කමක්, සිතුවටත් වඩා උසස් අයුරින් සිදුකර ගත්තා
යයි සෝමනස්ස ඤාණ සම්පයුත්තයෙන් මෙනෙහි කළ යුතු ය. මේ අනුව බුද්ධිමත්ව සිතීම, කල්පනා
කිරීම වඩ වඩාත් වැදගත් වේ. මෙවිට කුසල හේතු තුනම යෙදීම නිසා ත්‍රිහේතුක උත්කෘෂ්ඨ බව
ඇති වේ.
ඉතිරිය»
බොදු සාරධර්ම
සුරකිමු
කාමභෝගී ගිහියාට වස්තුව, සැප සම්පත් ඉපයීමේ අවසරය බුදු දහමෙන් ලබා දී ඇත. ඇතැම්
අවිචාරවත් විචාරකයන් සූත්‍ර දේශනා කිහිපයක් මත පදනම් වූ බුදු දහම සර්ව අසුබවාදයක්
ලෙසට නිර්වචනය කර ඇත. ඔවුන් එම සූත්‍ර දේශනා කිහිපයක් මත පදනම් ව බුදු දහම සර්ව
අසුබවාදයක් ලෙසට නිර්වචනය කර ඇත.ඔවුන් එම සූත්‍ර කිහිපයවත් ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බව කරුණු සලකා බැලීමේ දී
පෙනේ. ගිහියාට වස්තුව, සැප සම්පත් ආදිය ඉපයීමට අවස්ථාව බුදු දහමෙන් ලබා දී ඇතත් එහි
සීමාවන් දක්වා ඇත. ඒ වචන දෙකකිනි. එනම් ධාර්මික බව හා නිවැරැදි බවයි. යමෙකු ධනය
ඉපයිය යුත්තේ ධාර්මික ක්‍රමයකිනි. එනම් ධාර්මික රැකියාවකිනි. එසේම එය නිවැරැදි ද
විය යුතු ය.වර්තමානය වන විට ජනතාව තුළ ඉපයීමේ උනන්දුව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. එයට හේතුව
ජනගහනය වර්ධනය වීමත් ඒ තුළ පරිභෝජනය ඉහළ යාමත් ය. මෙය සැබැවින්ම පොදු ධර්මතාවයකි.
එසේ ම ඉපයීම, පරිභෝජනය යන කරුණු සමඟ ම මිනිසුන් තුළ ගුණ ධර්මයන්ගේ විශාල හීන වීමක්
ද දක්නට ලැබේ.
ගිහියාට අවශ්‍ය නම් ඕනෑ තරම් වස්තුව ඉපයිය හැකි ය. එයට බාධාවක් නැත. නමුත් ධනය උපයන
ක්‍රමය ධාර්මික මෙන් ම නිවැරැදි ද විය යුතු ය. යම් ඉපයීමේ මාර්ගයක් ධාර්මික වූ
පමණින් එය නිවැරැදි වන්නේ නැත. යමක් නිවැරැදි වූ පමණින් ධාර්මික වන්නේ ද නැත. එම
නිසා බෞද්ධ ගිහියා යමක් උපයන විට තමන් කරන රැකියාව හෝ ජීවනෝපාය මාර්ගය පිළිබඳව
වඩාත් සැලකිලිමත් විය යුතු ය.
ඉතිරිය»
ජීවිතය
කෙසේ සමබර
විය යුතු ද?
සමබර ජීවිතයක් ගතකිරීමට නම්, මනා සිහිකල්පනාව, ඉවසීම හා අරපරෙස්සම යන ගුණාංගයන් තිර
වශයෙන් ම පැවතිය යුතු ය. එසේ නොවූ විට ජීවිතය සමබර ව පවත්වාගෙන යාමට හැකියාවක් නැත.
ආර්ථිකය ද ධර්මය ද සමානව තිබිය යුතු ය. පුද්ගල චරිතය සැමවිට ම ධර්මයෙන් පෝෂණය විය
යුතු ය. බොහෝ දුරට පෙර කළ පින හා පව ද මෙයට හේතු වේ. ඇතැම් අවස්ථාවල ආර්ථිකය
ශක්තිමත් වන විට ධර්මය පුද්ගලයා තුළ දක්නට නොලැබෙන අවස්ථා ද තිබේ. ධර්මය සහ
නීතිරීති බිඳ දමා ආර්ථික මාර්ග ඔස්සේ ගමන් කරන්නෝ ද සිටිති. කෙසේ වුව ද, මෙම අංශ
දෙක ම සෑම පුද්ගල චරිතයක ම පැවතිය යුතු ය.
ඉතිරිය»
|