මහනුවර ඇසළ පෙරහරට
කප් සිටුවීම
හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහර ආරම්භ වන්නේ
නාථ, විෂ්ණු , කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ
නැකතට කප් සිටුවීමෙනි. පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීම අනාදිමත්
කාලයක පටන් පැවැත එන ඉතා වැදගත් වූ චාරිත්‍රයකි. පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන
කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදුකිරීම තුළින් පෙරහර
මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී.
මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහර
සංවිධානය කරන්නෝ වගබලා ගනිති.
පැරැණි රජදවස පටන් පැවත එන චාරිත්‍රයන්ට අනුව මහනුවර සතර
මහ දේවාල මූලික කරගනිමින් සිදු කෙරෙන කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප වැඩම
කරනු ලබන්නේ අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිටය. අලි ඇතුන් සහිත පෙරහරකින්
අලුත්නුවර සිට කිලෝමීටර 26 ක දුරක් ගෙවමින් දින දෙකක් තිස්සේ වැඩම කරනු ලබන කප
මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී සිව් කඩකට වෙන්කර සෙසු දේවාල අතර බෙදා දීම රජ දවස
පටන් සිදු කෙරෙයි. පෙරහර මංගල්‍යය සඳහා දින වකවානු තීරණය කිරීමත් සමඟ කප වශයෙන්
තෝරා ගන්නා පණස වෘක්ෂයක් (කොස් ගසක්) ඒ සඳහා වෙන්කර ගනී. උදලු මිටක් තරම් මහත
කඳකින් සමන්විත කොස් ගසක් මේ සඳහා තෝරා ගන්නා අතර ගස වටා ශුද්ධ පවිත්‍ර කිරීමෙන්
පසු ගස සුවඳ පැණින් නහවා මල් පහන් පූජා කර වතාවත් ඉටු කරනු ලබයි.
ඉතිරිය» ධර්ම දේශනාව:
අයං වසසාන කාලො:
මහත්ඵල මහානිශංස දානය
සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන පිටකත්‍රයේ ම දානය පිළිබඳ පැහැදිලි කොට
ඇත. සූත්‍ර පිටකයට අනුව දස දානයක්ද, විනය පිටකයට අනුව දාන වස්තු හතරක් ද, අභිධර්ම
පිටකයට අනුව දාන වස්තු සයක්ද වශයෙන් විසි ආකාර දානයන් ගැන සඳහන් වේ.
එහිලා පළමු කොට දානය යන්න කුමන අරුත් ගෙන දේදැයි පැහැදිලි කරගත යුතු ය. ඒ අනුව යම්
ශක්තියක් කරණකොට දෙනු ලැබේද, දීමට සාධක වූ ඒ ශක්තිය දාන නමින් හඳුන්වයි. එයින්
අපේක්ෂිත වන්නේ දාන චේතනාවයි. එනම් මුල්වන්නේ දාන චේතනාවමයි. එමෙන්ම අගක් මුලක්
නොපෙනෙන සසර ගමන් ඇත්තෝ තමන්ට අයත් ආහාර පානාදිය අනුග්‍රහ පිණිස හෝ, පූජා පිණිස හෝ
අනුනට පූජා කිරීමේ දී හෝ දීමේ දී ඇතිවන සිතිවිල්ල දානය ලෙස හඳුන්වයි. එමෙන්ම යම්
සිතිවිල්ලක බලයෙන් , ආහාර පානාදී වූ දිය යුතු දෙයක් එක්තැන් කොට අනුකම්පාවෙන් හෝ
පූජා වශයෙන් යුතුව අනුනට දෙනු ලැබේ ද , එය ද දානය ලෙස නම් කරයි. එමෙන්ම දෙන ලද්ද
විපාක ඇත. පූජා කරන ලද්ද විපාක ඇත. යනාදී ලෙසින් ඇතිවෙන සම්‍යයක් දෘෂ්ටිය පෙරටු කොට
ගෙන ආහාර පානාදිය පරිත්‍යාග කිරීමේ චේතනාව ම දානය නම් වේ. බුදුරජාණන් වහන්සේලා
ආහාරපාන වස්තූන් පිළිබඳ බුද්ධි පුර්වක පරිත්‍යාගයද දානය ලෙස දේශනාකොට ඇත.
එපමණක් නොව අලෝභ චේතනාවම දානය ලෙස නම් කොට ඇත. චේතනාව ම
දානය ලෙස ගනියි. මේ චේතනා වූ කලි පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා වශයෙන්
තෙවැදෑරුම් වේ.
ඉතිරිය»
ඓතිහාසික බෙල්ලන්විල
ඇසළ පුණ්‍යෝත්සවය
රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය 11 වන දා
සිරිලක පමණක් නොව දේශ දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහරක්
පවත්වන මහ පුදබිමකි බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ
පුදබිමක් වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස් යුගය දක්වා ඉතිහාසයකට
හිමිකම් කියයි.සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි
අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි.ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන්
විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ.
මාතෘභූමිය අවස්ථා කීපයක දී ම විදේශ ආක්‍රමණ වලට ලක්වීමෙන ් මෙරට ඓතිහාසික පෞරාණික
සිද්ධස්ථාන රාශියක් විනාශයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්විල රාජමහා විහාරය
ද ඒ අවට ප්‍රදේශයේ ද විනාශ වී ජන ශූන්‍ය විය. 1860 ගණන් වලදී අත්තිඩියේ විහාරයේ වැඩ
විසූ තෙන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා වැටී ඇති කටු ඇළ මාර්ගයේ පාරුවකින්
වඩිමින් සිටියදී ජනශූන්‍ය වූ ප්‍රදේශයකින් ඇසුණු බෙරහඬ පිළිබඳව විමසිලිමත් වීමෙන්
බෙල්ලන්විල බෝධීන් වහන්සේ දකින ලදුව මෙම ස්ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන
භූමියක් බවට තේරුම් ගෙන ජනතාවට ද වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත්කරන ලදි.
ඉතිරිය» |