UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාර මන්දිරය හා චෛත්‍යය

 

ඓතිහාසික මාලගම්මන රජමහා විහාරය

මාලගම්මන පුරාණ රජමහා විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ කුළුගම්මන මාලගම්මන ග්‍රාමයේ සුන්දර පරිසරයක පිහිටා ඇත. මහනුවර කුරුණෑගල මාර්ගයේ නුගවෙල කඩමන්ඩියෙන් වමට හැරී විද්‍යාල මාවතේ මීටර් 500 ක් ගමන් කළ විට මාලගම්මන විහාරය දැකගත හැකි ය. ගම්පොළ රජසමයේ හතරවන බුවනෙකබා රජතුමා විසින් කරවන ලද බව මෙම විහාරයේ ඉතිහාස කතාව කියාපායි. රජතුමා හාරිස්පත්තුව ගම්නියම්ගම්වල සංචාරය කළ අවස්ථාවේ දී මාලගම්මන පත්තිනි දේවාලයේ කපුමහතා විසින් තම හින්දු ජාතික බිසවගේ දරුණු ආබාධයක් සුවකිරීම ගැන සතුටට පත්ව එතුමිය මණිමේඛලාවක් නිධන්කොට මෙම විහාරය ඉදිකළ හෙයින් මාලගම්මන නාමය ලැබුණු බව ජනප්‍රවාදයේ එයි. විහාර මන්දිරය ඉදිකොට ඇත්තේ බිම් මට්ටමින් අඩි 5 ක් පමණ උසිනි. දැනට ඇති ගල්කණු කියාපාන්නේ මෙය පැරැණි ටැම්පිට විහාරයක් බවයි. විදේශිකයන් විසින් විනාශ කරන ලද මෙම විහාරය පසුව ප්‍රතිසංස්කරණයට ලක්කොට ඇත. මහනුවර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අලංකාර ලී පේකඩ සහිත ශක්තිමත් දැවයෙන් නිර්මාණය කොට ප්‍රතිසංස්කරණය කළ විහාර මන්දිරයේ ප්‍රධාන උළුවස්ස කළු ගලින් නිමවු අපූරු කලා කෘතියකි.

ඉතිරිය»

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]